කොවිඩ් වෛරසයෙන් වසර 3කට ආසන්න කාලයක් පීඩා විඳි ලෝකයා එන්නත්කරණය  මෙන්ම  නිසි සෞඛ්‍ය පිළිවෙත්  වැනි යහපුරුදු අනුගමනය කිරීමේ  ප්‍රතිඵලයක් වශයෙන්  සාර්ථකව  යථා තත්වයට පැමිණෙමින් පවතින මෙම අවස්ථාවේදී තවත් මාරාන්තික වෛරසයක් ලෝකයා බියගන්වමින් සිටී. ‘ මන්කිපොක්ස්’ නම් එම වෛරසය කොංගෝ රාජ්‍යයෙන් ආරම්භ වී  ලොව පුරා පැතිර යමින් පවති.  එය  අසල්වැසි ඉන්දියාවටද පැමිණ ඇති  අතර එම රෝගය හේතුකොටගෙන සිදු වු පළමු මරණය ද එරටින්  වාර්තා වී  තිබේ.  මේ හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව තුළ ද නැවත රෝග බිය පැතිරිමෙන් පවතින බව නොරහසකි . එබැවින්  මන්කිපොක්ස් වෛරසය යනු කුමක්ද ? , එය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද? රෝග ලක්ෂණ මොනවාද ?, ඉන් ආරක්ෂා වීමට අනුගමන.ය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද ?  යනාදි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

1958 දී පර්යේෂණයක් සඳහා යොදාගත් වඳුරන් තුළ ලොව ප්‍රථම වරට මෙම වෛරසය පැවති බව තහවුරු වී ඇති අතර,  එය ඩී. එන් .ඒ වෛරසයක් ලෙස  සැලකෙයි.

1970 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, මාස 9 ක් වයසැති  පිරිමි ළමයකු තුළින් මානව මන්කිපොක්ස් රෝගය ප්‍රථම වරට හඳුනා ගන්නා ලදී. එතැන් සිට, බොහෝ අවස්ථා වාර්තා වී ඇත්තේ අප්‍රිකාවේම ග්‍රාමීය, වැසි වනාන්තර ප්‍රදේශවලින් වන අතර ලොව අනෙක් රටවල්වලින් එම රෝගයේ  ව්‍යාප්තියක් දක්නට නො ලැබුණි. කෙසේ වෙතත් මෙම වසරේදී   යුරෝපා රටවල්වලින්  ආසාදිතයන් වාර්තා වීමත් සමඟ ලෝකයේ අවධානය මේ කෙරෙහි යොමු විය.

සම්ප්‍රේෂණය තුළින් මෙම රෝගය ව්‍යාප්ත වන අතර ඊට අදාළ ප්‍රධාන  සම්ප්‍රේෂණ ක්‍රම දෙකක් පවතී .ඉන් පළමුවැන්න ආසාදිත සතුන්ගේ රුධිරය, ශරීර තරල හෝ චර්ම හෝ ශ්ලේෂ්මල තුවාල සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් සතුන්ගෙන් මිනිසාට (zoonotic) සම්ප්‍රේෂණය සිදුවීමයි .අප්‍රිකාවේ, ලණු ලේනුන්, ගස් ලේනුන්, ගැම්බියානු මීයන්, ඩොමිස්, විවිධ වඳුරන් සහ වෙනත් සතුන් ඇතුළු බොහෝ සතුන්ගෙන් වඳුරු වෛරස් ආසාදනය පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇත.

දෙවැන්න මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමයි. ශ්වසන ස්‍රාවයන්, ආසාදිත පුද්ගලයෙකුගේ සමේ තුවාල සමඟ සමීප සම්බන්ධතා  යනාදිය මගින් එකී සම්ප්‍රේෂණය සිදු වේ. එමඟින් සෞඛ්‍ය සේවකයින්, ගෘහස්ථ සාමාජිකයින් සහ ක්‍රියාකාරී රෝගීන්ගේ අනෙකුත් සමීප සම්බන්ධතා වැඩි අවදානමකට ලක් වේ. තවද, මවගේ සිට කළලයට වැදෑමහ හරහා සම්ප්‍රේෂණය ද සිදු විය හැකිය (එය’  congenital monkeypox’ හෙවත් සහජ උණ රෝගයට ද  හේතු විය හැක).මෙහි ව්‍යාප්තිය කොවිඩ් 19 වෛරසය තරම් ප්‍රබල නොවන නමුත් ආසාදිතයන් සමඟ  බොහෝ  වේලාවක් සමීපව ඇසුරු කිරීමෙන්  මෙම රෝගය  ව්‍යාප්ත වීම  සිදුවේ.

‘මන්කිපොක්ස් වෛරසය ’ආසාදනය වීමෙිදී ඇති වන්නාවූ රෝග ලක්ෂණ  පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්ය .

රෝගය  ආසාදනයේ සිට රෝග ලක්ෂණ ආරම්භය දක්වා  සාමාන්‍යයෙන් දින 6 සිට 13 දක්වා  කාලයක් ගත  වේ. ආසාදනය කාල පරිච්ඡේද දෙකකට බෙදිය හැකිය:

ආක්‍රමණ කාලය දින 0-5 ක්  අතර පවතින අතර එය  උණ, දැඩි හිසරදය, වසා ගැටිති (වසා ගැටිති ඉදිමීම), කොන්දේ වේදනාව, මයිල්ජියා (මාංශ පේශි කැක්කුම) සහ දැඩි ඇස්ටේනියාව (ශක්ති ඌනතාවය) මගින් සංලක්ෂිත වේ.  උණ ඇති වී දින 1-3 ක් ඇතුළත සමේ පුපුරා යාම සාමාන්‍යයෙන් ආරම්භ වේ. කැසීම ඇඟට වඩා මුහුණේ සහ අත්වල  වැඩි අවධානයක් යොමු කරයි. කුෂ්ට මැකියුලස් (පැතලි පාදයක් සහිත තුවාල) සිට පැපුල් (මඳක් ඉහළ ගිය තද තුවාල), වෙසිලිස් (පැහැදිලි තරලයකින් පිරී ඇති තුවාල), පැල්ලම් (කහ පැහැති තරලයෙන් පිරී ඇති තුවාල) සහ වියළී වැටෙන කබොල දක්වා අනුපිළිවෙළින් පරිණාමය වේ.කැස්ස සහ හිසරදය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස නොසැලකේ .

කෙසේ නමුත් මෙම රෝගයේ අතුරු ආබාධ නොමැති අතර  නියුමෝනියාව, මොළයේ ආසාධනය, ඇස්වල ආසාධනය නිසා ඇස් නොපෙනී යාම යනාදී සංකූලතා පවතින  අතර  ඇතැම් විට මරණය පවා  සිදුවිය හැකිය ,

ප්‍රතිශක්තිය අඩු  වියපත් පුද්ගලයින්ට ,කුඩා දරුවන්ට මෙන්ම විවිධ රෝගාබාධවලින් පෙළෙන්නන්ට මෙම රෝගය වැළදීමේ  දැඩි අවදානමක් පවතී. වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්ද යන්න තහවුරු කිරීමට සෙම පටල පරීක්ෂාවක් හෝ පී සී ආර් පරීක්ෂාවක් සිදු කළ යුතුය. මෙම වෛරසය සම්බන්ධව ලොව පුරා සිදු  කෙරුණු පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස රෝගය මැඩ පැවැත්වීමට අවශ්‍ය ඖෂධ මේ වන විටත්  නිෂ්පාදනය කර ඇත. ‘ස්මෝල්පොක්ස්’ නම් එන්නත මීට 85% ක පමණ සාර්ථක ආරක්ෂාවක්  ලබා දෙන බව තහවුරු වී ඇත. මෙ වෙන විට මෙම රෝගය වසංගතයක් දක්වා ව්‍යාප්ත වී නොමැතිමුත් මෙයින් ආරක්ෂා වීම පිණිස ලෝකයාට අනතුරු ඇඟවීම මගින් ඒ  සඳහා  මනාව  සූදානම් වීමට  ලෝක  සෞඛ්‍ය සංවිධානය විසින් රතු නිවේදනයක් ලබා දී ඇති බැවින් අවදානමට ලක්වීමට පෙර සූදානමින් කටයුතු කිරීම අප සැමගේම වගකීමක් වේ.

 

( මූලාශ්‍රය -  ලෝක සෞඛ්‍ය සංවිධානය)

කේ . ඩී . අවිශ්කා සංදීපනී දේවප්‍රිය 

පළමු  වසර