ආදරණීය සරසවිය
- කවි
- Hits: 5303

පිණි කඳුළු සිසි දියර මත ලවන
තවරන්න
ඉති අඟට රොබරොසියා නුඹ ඇවිත්
හිනහෙන්න
දින ගැනුණු වස්සානෙ සමනල්ලු
ඉගිළෙන්න
ඉකි ගසන නෙතු අඟින් සිඹ කඳුළු
සඟවන්න
සිලි සිලිය තුරු වදුලෙ වැහි බිංඳු
ඇහිදන්න
ගත වටට තල් අරණෙ මෘදු සුළඟ
දැවටෙන්න
අත් හැරුණු හැම සිහින වැලි පොළවේ
අතුරන්න
තෙල් බැම්ම ළඟ හවස සඳ ඇවිත්
තවතින්න
තනි නොතනි සිත් මඬල මොහොතකට
සනසන්න
නුග රුකට ලියමඬුලු හනි හනික
ගුළි වෙන්න
හැම රැයක සරසවිය හුරු පෙමක
නහවන්න
සඳ කිරණ නුඹ ඇවිත් දැල් කවුළු
සිපගන්න
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
08 May 2025
අප්පච්චි…
13 November 2022
හන්තාන වැසි
10 October 2023
ආයෙමත් ආදරයෙන්
17 January 2022
පිරිමැදුම්
28 December 2022
ආදරණීය සිත්තම
13 September 2022
ජීවිතය
04 July 2022
සරසවි තනිකම


