හිත් පොඩ්ඩ....
- කවි
- Hits: 6086

නිල් අහස පුරා ඇඳි
රතුපාට වෙස් මුහුණ
ඇස් දෙකෙන් දකින්න ට
පව් කළේ කිම එදින
ඉරා හැඩ බැලූවත්
වාවන්න හැකි වේද
මලක් එහෙනම් ඇයිද
ඉකිබින්ද රහසේම
නෙත් වලින් සිනාසී
හාදුවෙන් රකින්නට
පිරිමි හිත ගලක් නම්
කවි හිතත් තව කුමට
දෝතින්ම පිදූ වත්
බඹරෙකු ට ආදරය
වැටකඩුලු දමාපන්
රකින්නට හිත් පොඩ්ඩ
ඉෂිනි එරන්දි
මහජන සම්බන්ධතා සහ මාධ්ය කළමනාකරණය
විශේෂවේදී දෙවන වසර
06 June 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
25 October 2022
ඉර...
26 September 2022
මගේ කවියක් ගානෙම
08 May 2025
ආලයේ මාත්රා
07 September 2022
ඇය!
15 May 2023
මගේ කතාව
07 September 2022
කැලණි හඳ


