මුරුගසන් වැස්ස
- කවි
- Hits: 6668

හදගින්න අවුලුවන හිතේ ගැඹුරුම තැනක
සිහිවෙන්න නුඹෙ මතක තිබුණා හිත් කොනක
මුරුගසන් වරුසා ඇද හැලී අහසේ
සෝ දුකින් තැවී හිත හැඬුවේම රහසේ
සිහිල් පවනින් හමා ගිය ද ඒ වැස්සේ
මගේ හිත සෝ ගින්නෙන් දැවී යයි පහසේ
මැදියමේ නෙත් කෙවෙනි කඳුළින්ම බරවී
හැඬවුමේ රාවයක් නැත එහෙත් නිමවී
රිදවුමේ කාලයක් නැත කිසිත් නොගෙවී
නැවතුමේ ආලයක් හඬයි ඉකි බිඳ තනිවී
රවීනා අනුපමා
ප්‍රථම වසර
සමාජීය විද්‍යා පීඨය
25 October 2022
නොලැබු හසරැල්
27 July 2022
මධු රාත්‍රිය…
06 June 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
03 August 2023
ජීවිතය
03 August 2023
අවසන් වසර
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...
16 August 2022
කවකටුව සහ පැන්සල


