කාලෙකට පස්සේ අද …
- කවි
- Hits: 5151

නේක පැහැ මල් පිපී හැමතැන ….
සුවඳ දෙයි කාලෙකින් පස්සේ ….
පොළොව තෙත් කල නොදිව් හිම කැට ….
වසත් හිරු අභි මුව හැරෙන්නේ ….
සොයුරු මුවගින් නැගි සිනා කැන් ….
සුළං වී දස දෙස ගලන්නේ ….
ඒ සුළං රැළිවල දැවටෙනා ….
බෝ සෙවණ සුව අසිරි දෙන්නේ ….
දෙවැනි වසරේ සොයුරු සොයුරියන් ….
තෙවෙනි සිවුවැනි වසර හා ….
කැටුව සවි දී සැදූ තොරණ ඇත ….
කැලණි ගිර ඇරඹෙන තැනා ….
විදු පීඨයෙ ද එවන් සොයුරන් ….
සැදූ තොරණ පසෙකින් බලා ….
මාණවකයෝ සරසවියට එති ….
පැහැසර හැඟුම් හඟිමිනා ….
තුදුස් වසරක පරිච්ඡේදය ….
ගෙවූ පසු ජීවිත පොතේ ….
අලුත් පාටක - අලුත් පිටුවකි ….
අලුත් පන්හිඳ පසෙකිනේ ….
විස්ම පාටින් පාට කල සිත ….
ඇති මගේ මිතු සොයුරනේ ….
සුරත දරනා පන්හිඳෙන් ඔබ ….
කුමක් ලියනු ද සිතන්නේ ….
අප දෙමාපිය - සිත්හි හරසර ….
හැඟුම් අප ගැන දරා ඉන්නේ ….
අප ට සරසවි වරම් ලැබෙනුව ….
තවත් සරසවි සිහින බිඳුණේ ….
පෙර තුදුස් වස - අපට සිප් දුන් ….
ගුරුන් අප ගැන නිති සිතන්නේ ….
සිවූ වසක් දිගු - මෙසයුරු තරණය ….
නැණ පසුර පදවා - කරන්නේ ….
අකිල මල්ලිකාරච්චි
ප්‍රථම වසර
ලලිත කලා අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය
25 October 2022
ගෙවී ගිය කොහුමිට
28 December 2022
We all need someone........
06 June 2023
කලු හමට මම
09 January 2023
කලු කුමාරයා
11 October 2022
සෙනෙහස...
27 June 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
03 August 2022
අමදිනි


