හන්තාන වැසි
- කවි
- Hits: 5323

මේඝයක ඔබ මවෙත එව් ඒ ලිපිය
හැර බැලුවා
ගිටාරයේ තත් වරින් වර හදවතට
කිති කැවුවා
මතක දිග හැර නැවත හකුලා
පසෙකලා තැබුවා
උඳුනේ උණුහුම ගතට ලබමින් කෝපි
රස බැලුවා
හන්තාන කන්ඳේ පහස ලත් සිසිලසක්
දුව ආවා
ඇහැළ මල් හිරිපොදේ තෙරපි බිම
පතිත වූවා
මහවැලිය වැහි බිඳු එකතු කර නව
රටාවක් මැවුවා
නුවර වැස්සේ තෙමෙන්නට හිත
ඉල්ලීම් කෙරුවා
හිමාෂා රණතුංග
මානව ශාස්ත්ර පීඨය
දෙවන වසර
11 October 2022
Chasing for “online” freedom
03 August 2022
අමදිනි
21 February 2022
මං
20 March 2023
මංජුසාව
10 October 2023
ආයෙමත් ආදරයෙන්
21 February 2022
වැලන්ටයින් එන්න කලින්
15 November 2022
ගැඹුරු හුස්මක්


