හෙළ අකුර
- කවි
- Hits: 2666

රවුමට ඇලේට වටේට ලියනා
අකුරට ඔබෙ හිතෙ ඇති තැන කුමක්ද…
භාෂා ගානක් තියනා ලෝකේ
ඔබෙ සිත ගත්තේ කුමනා කුරුට ද…
තම මව්බස හට මුල් තැන දුන්නද
ඔබ සිත් ගත් අකුරක් නුබ හට ඇත…
භාෂාවක් තෝරන්නෙ ලස්සන බලලද
ලස්සන මොකටද කන්නද මිනිස්සුනි…
අර්ථය හොයලා තෝරාව් භාෂා
සිංහල භාෂා දිලේවි ලෝකා…
සිංහල බසේ ඇති අරුත් සමූහය
සිතුවද මදකට ඔබේ සිතෙන්…
දැන්වත් පිබිදෙව් කාලෙ ගෙවී යයි
හෙළ බස පැතිරව් මිනිස්සු දැන්…
අක්ෂර 60 කින් ලොවක් දැකීමට,යමක් කිරීමට,
විදුනැණ හෙලනා හෙළ භාෂා…
රැකුමට එක්වෙව්
සියල්ල ඉගැනිව්
හෙලබස පෙරටුව සියලුදෙනා…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න
පළමු වසර,
මානව ශාස්ත්‍ර පීඨය.
කැලණිය විශ්වවිද්‍යාලය.

11 July 2022
කිරි සුවඳ

06 June 2023
කෙල්ලෙක් හින්දා

26 September 2022
තව නොදුටු කිරි සිහිනේ

16 August 2022
පැන්සල

15 May 2023
කුවේණියේ

27 June 2022
අප්රකාශිත ප්‍රේමය…

16 August 2022
The cocoon
