නින්ද සහ සිතුවිලි...
- කවි
- Hits: 6518

නොනිදන රැයක රන්තරු කැට පිබිදීලා
දොම්නස සඟව නෙත්වල කැන් අඩුවීලා
ගොම්මන අඳුර පුන්සද විත් සැඟවීලා
මොක්සුව මවන හැඟුමක සිත් සැනසීලා
වැට අග කුන්ද මල්පෙති රැය පිබිදීලා
දසදෙස සුවද වත්සුණු ලෙස තවරාලා
නිසසල බිඳින හැඩුමක වන කැළඹීලා
දෙසවන මැදට උලමෙකු නද පැතිරීලා
හිනැහෙන ළපටි කඩුපුල් මල් ඇඹරීලා
දැකුමට එළිය සුදුසද වෙත ළංවීලා
අඳුරක පැහැය බියකරු බව පිටුපාලා
රැයකට අහස අසිරිය සිත සැනසීලා
සිත්මල් පුබුද හැඟුමන් යළි සිහිවීලා
මන්මත් විලෙස සිතුවිලි එකිනෙක පාලා
සක්මන් කෙරුව මතකින් නෙත නැවතීලා
සුසුමක් රැගෙන නෙතුපිළි යයි පියවීලා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය
13 November 2022
හන්තාන වැසි
15 November 2022
තූරු
06 June 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
27 July 2022
අත්හරිනු ද?
03 August 2023
ඔරලෝසු කටු...
28 December 2022
නුඹ දන්නවද..
13 September 2022
නේමඬල “Young Journalist” අපි


