ආලයේ වැසි
- කවි
- Hits: 5399

මීවිතක් බඳු සියුම් දෙතොලඟ හාදු සීතල නොවේ...
දෙනෙත් තද කර පහස වින්දා වැයෙන ගීතය ලැමේ...
උණුහුමයි ඔය ළයට තුරුළුව අමාවක ඇති රැයේ...
ප්රේම පූජාසනය මත්තේ ගැහැණියයි මා ඔබේ...
හෙටත් මේ හෝරාව අපගෙයි ලියවුණත් මා හදේ...
මටද නොදැනී මගේ තැන අද ලියක් ඔබ හා බැදේ...
මෝර මහ වැසි ඇද හැලෙන රෑ ඈතකින් ඇති ඉමේ...
ආලයට දොර ඔබට පමණයි අලුත් භවයක මගේ...
හිමාෂා රණතුංග
දෙවන වසර
සමාජ විද්යා පීඨය
18 July 2022
ගිනියම් හදවත්
07 December 2022
හෙළ අකුර
27 July 2022
අරගලයේ කනිසම
11 October 2022
දිවිය
13 November 2022
අරුමැසි ගම් පියස
30 August 2022
පුතුට ඔවදනක්........
16 August 2022
The cocoon


