අම්මා
- කවි
- Hits: 7790

නියං අහසම හේදිලා
නැවුම් පුස්ඹත් එක්කලා
වැටෙනකොට වැහි බිංදු
ඉන්නවා මන් බලමින් ඒ කළු වැහි වළා
ගිය මහේ අතෑරුන කුඹුර
කරගන්න බැරිවුණොත් යලට
ගෙදර වියදම් බලන්නේ කොහොම
අම්මත් හිතනවා ඇති එහෙම
ඈත අහස බලාන
මං වගේම
සති අන්තෙ ආපහු එද්දි
ඉනේ ගැට ගහන් උන්න පන්සීය
අතේ මිට මෙලෙව්වම අම්මගෙ හිතට හොඳයි
මගෙ හිතට බරයි
සරසවි ජීවිතෙත් දියවෙලා යන්න ලඟයි
තාම මම අම්මට බරයි
එකින් එක වැටුණු දිය බිඳු විසල් දිය පාරක්ව
මතක ගොන්නක් එනවා යනවා අම්මා එක්කම ගෑවිච්ච
දරාගත්තා දහක් දුක් ඈ මගේ නමටම පේවෙච්ච
ගලන් යන්නේ වැහි වතුර නොව ඇගෙ කඳුළුමයි හේදිච්ච
අයි.එම්.දිලේකා නෙත්මිණි
සමාජීය විද්‍යා පීඨය
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
තෙවන වසර
20 June 2022
රොබරෝසියා...
25 April 2022
සඳට ආදරෙන්...
30 August 2022
පුතුට ඔවදනක්........
25 October 2022
මගේ දිනපොත
03 August 2023
මරණය
11 October 2022
මගේ පැල්පත
07 September 2022
මුරුගසන් වැස්ස


