කැලණි කන්ද
- කවි
- Hits: 5519

උදේ හිටන් අම්මා එක්ක ගෙදර ඉදපු
තාත්තා එක්ක එහෙට මෙහෙට දුවලා පැනපු
මල්ලි එක්ක අතින් පයින් දබර කරපු
ඒ අතීතේ දැන් දැන් වැලලීලා ගිහිල්ලා....
තාත්තගෙ දහඩිය බිදු කාසිවල්ට පෙරලෙනකොට
කඩෙන් ගන්න බත් පිට්ටුව
දිනෙන් දිනම මිල උඩ යනවිට
දවසේ වරුව ගෙවා ගන්න හරිම අමාරැයි....
එපිට මෙපිට හැම ගමකින් නගර කොනින්
එහෙන් මෙහෙන් අහම්බයෙන් සබද වෙච්ච
එකපතේ කෑ මිතුරො රැලක්
කැලණි කන්ද හෝරාවෙන් උඩට ඇවිල්ලා....
හොස්ටල් එකේ රෑමෝ ගොඩයි
කච කචයත් හරිම සැරයි
ආතල් එක පිරුනු රැයයි
Assignment කදු ගොන්නෙන් වැහිලා ගිහිල්ලා....
සිව් වසරක උපාධියක්
කියා ගන්න බැරි වෙහෙසක්
Lecture එක්ක වරැ ගණනක්
කෙමෙන් කෙමෙන් ගෙවිලා ගිහිල්ලා....
Campus එකේ වැඩ ඔක්කොම එකට එකක් ගොඩ ගැහිලා
Note කොක්ක නෑ තාමත් හොයාගන්න හරි විදිහක්
Presentation එකක් මැද්දෙ ගෙතුවොත් තව බොරැ දාහක්
හිටං නෙවෙයි යන්න වෙන්නෙ කන්න වෙන්නෙ සෙරෙප්පුවෙන්......
ටියුසන් එකේ සැප හොයාන
මාත් නැග්ගා කැලණි කන්ද
සර් කිව්ව කොක්කත් නෑ
නිකන් දුන්න ලකුණුත් නෑ
Exam එක Refeed වෙලා
මං බහිනවා කැලණී කන්ද....
ටී.පී.ඩබ්ලිව්. හර් ෂිකා උදයංගනී
දෙවන වසර
06 October 2022
IT IS A FEELING THAT EVERYONE WANT
06 October 2022
ප්රශ්න පත්රය
26 September 2022
තව නොදුටු කිරි සිහිනේ
20 March 2023
වැද්දාගේ පාපොච්චාරණය...
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
04 April 2022
ආදරය එහෙමයි…
15 May 2023
සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා


