යකඩ!
- කවි
- Hits: 4949

පාන්දර හතරේ කෝච්චිය
හූ හඬ නගන් යනකොට
නින්ද ඉඳ හිට එබී යලි යන
දෙනෙත සැලුණේ සිහිව නුඹෙ වත
අම්මගේ ක්ලිනික් පොත
කිහිල්ලේ ගහගෙන
කෑම කන්නට පිරිය නැති මුත්
කොහොම හරි මට කව්වන
"මල්ලියේ මම ගිහින් එන්නම්
පරිස්සමට ම ඉන්න එතකං"
කියා කියලා මට සිනාසී
ඇදුණු නුඹෙ ඒ ලබැඳි සිනහව
දිවියෙ බර සිය උර මත
දරාගෙන හිනැහීගෙන
හිටියෙ කොහොමද කියාලා නුඹ
සිතනවා අදටත් මම
රේල්ලුවටත් දැනුණද
කොහෙද නුඹෙ සවි ශක්තිය
පීලි පැන්නේ ඒක වෙන්නැති
නුඹව යට කළ දුම්රිය
ඉතින් සොයුරියෙ ඉන්පසු
දවස් ගණනක් ඔහේ ගෙවුණා
නුඹ යටව ගිය මතක සැමරුම්
සිත් වලින් අවපැහැව මැකුණා
නමුත් තාමත් කෝච්චිය නුඹ
යටවෙච්ච තැන පහුකරනකොට
වේදනාවෙන් හෙලන සුසුමන්
අද උදෙත් මගෙ කනට වැටුණා!
දසුන් පෙරමුණ
ප්‍රථම වසර
ලලිත කලා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
20 March 2023
ප්‍රේමයෙ රහ බලා හිඳිමි..
04 July 2022
මං කවියක්
10 August 2022
I really wonder…
03 August 2023
මරණය
10 August 2022
හුස්ම!
18 April 2023
පා සළඹ...
23 September 2022
සිනා රුව


