ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින අතර විවිද හැල හැප්පීම් මැද  මානව වර්ගයා ඉදිරියට ගමන් කරමින් සිටි. එමෙන්ම මිනිසා අවිවේකී වූ තරගකාරී ගමනක යෙදී සිටිනුයේ දිවා රාත්‍රි හෝ නොතකා ය.මෙය කියවන ඔබත් මාත් එහි ගොඳුරු වී හමාර ය. මෙවන් තරගකාරී දියුණු ලෝකයක් තුළ සාමය, සමගිය, යුක්තිය, සාධාරණය වැනි මාතෘකාවක් කන වැකෙන්නට වුයේ අද ඊයේ නම් නොවේ. මන්ද ඒ තරමටම ඒවායේ අවශ්‍යතාවය මෙම පෘථිවිතලයට අන් කවරදාටත් වඩා තදින් දැනුණු නිසාවෙනි. මිනිසා සතා සිව්පාවා පමණක් නොව අප්‍රාණික භෞතික පරිසරය පවා හඬගා කියන්නේ ලෝක සාමයේ අවශ්‍යතාවය යි. එය ප්‍රත්‍යක්ෂ  වන්නා වූ සිදුවීම් බහුතරයක් පහුගිය කාල වකවානුව තුළ අකැමැත්තෙන් වුව අපට අසන්නට ලැබුණි. අද වන විට දියුණුව, සංවර්ධනය යන්න වචනවලටම පමණක් සීමා වී ඇති අතර අර්බුද ගණනාවක  මූලාරම්භය ඒ තුළ දැකිය හැකි ය. ලෝකයේ ප්‍රබල රටවල් මෙන්ම සංවිධාන බල අරගලයක යෙදී සිටින අතර සෙසු රටවලට සිදුව ඇත්තේ ඔවුන්ගේ නාටක දෙස බලා සිටීමට හෝ නැතිනම් ඔවුන්ගේ ගොඳුරු වීමටය. ලෝක බල අරගලය හේතුවෙන් නිර්මාණය වූ අර්බුද ගණනාවකම සිහිවටන ඕනෑ තරමක් ලෝක සිතියම තුළින් උපුටා ගත හැකිය. 

ඉන්දියාව සහ පකිස්ථානය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව, ඇෆ්ගනිස්තානය සහ තලේබාන් සංවිධානය, චීනය සහ තායිවානය වැනි පාර්ශවයන් අතර දක්නට ලැබෙන ගැටුම්කාරී තත්ත්වයන් මෙහිලා හොඳම නිදසුන් වේ. ලෝක සාමය කඩවීමේ නවතම පුවත පසුගිය දින අසන්නට ලැබුණේ රුසියාව සහ යුක්‍රේනය දෙසිනි. යුද්ධයක් යනු ඔවුනට තවත් ඉදිරි පිම්මකි. මරණයක් ඔවුනට හුදු මරණයක් ම පමණි. රුසියාව සහ යුක්‍රේනය අතර ඇති යුදමය වතාවරණය මේ මොහොත වන විටත් දුම් දමමින් ඇවිළෙනුයේ තවත් අහිංසක මිනිස් ජීවිත ගණනාවක මෘත ශරීරයන්හි දුම් රොටු අහසට විසි කරමිනි. ශ්‍රී ලාංකිකයන් වන අපි තිස් වසරක යුද්ධයක අමිහිරි අත්දැකීම් භුක්ති විදියවුන් වෙමු. එහෙව් අපි එහි තරම හොඳින් දනිමු. ගිනි පෙළෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය එම නිසා විය යුතු ය. ඒ හැරුණු විට ලෝක යුද්ධයන් දෙකක අත්දැකීම් මේ මහපොළොව විද දරා ඇත. ඇතැම් පාර්ශ්වයන් කරුණු දක්වන ආකාරයට මෙම යුද වාතාවරණය හේතුකොටගෙන  තුන්වන ලෝක යුද්ධයක් වුව ද  ඇතිවිය හැකි ය. එසේ වුවහොත් අකමැත්තෙන් වුව බලා සිටිනවා ඇරෙන්නට කිරීමට යම් දෙයක් නම් අප සතුව නොවේ. යුක්‍රේනය දැනටමත් රුසියානු බල අරගලයේ ගොඳුරක් වී හමාර ය. මේ වන විටත් යුක්‍රේන  සහ රුසියානු ජීවිත සිය ගණනක් මහ පොළොව සිප ගෙන ඇත්තේ ළඳරුවන් මෙන් ම මව්වරුන් ද කැටුව ය. 

යුක්රේන සහ රුසියානු යුද අරගලය පිළිබඳ නවතම තොරතුරු බොහෝමයක් පසුගිය 14 වන දින මාධ්‍යයට නිකුත් කර තිබේ. එහි දක්වා ඇති ආකාරයට රුසියානු හමුදාවන්ට සම්පූර්ණ සටන් ධාරිතාවය පවත්වාගත හැක්කේ තවත් දින 10 සිට 14 දක්වා කාලයක් පමණක් බව එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ආරංචි මාර්ග 14 වන දා රාත්‍රිය වන විට දන්වා ඇත. නමුත් එම කාලය තුළ දී ඔවුන් ඕනෑම දෙයක් කළ හැකි බව ද ආරංචි මාර්ග පෙන්වා දී තිබිණි. නවතම බුද්ධි තොරතුරුවලට අනුව කියෙව් සහ කාර්කිව් ඇතුළු යුක්‍රේනියානු නගරවලට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බව පැහැදිලි ය. නමුත් ආරම්භයට වඩා මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පිළිගෙන තිබේ. ඇමෙරිකානු බලධාරීන් පවසන ආකාරයට මේ වන විට එය බොහෝ දුරට ඇනහිට තිබේ. යුක්‍රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අඟහරුවාදා අළුයම නිකුත් කරන ලද වීඩියෝ පටයකින් කියා සිටියේ නිර්භීත යුක්‍රේනියානු ආරක්ෂකයින් රුසියානු හමුදාවන්ට විනාශකාරී පාඩු අඛණ්ඩව සිදුකරන බවයි. 14 දින යුක්‍රේන අගනුවර ට එල්ල වූ ප්‍රහාර අඛණ්ඩව සිදු වෙද්දී රුසියානු රොකට් ප්‍රහාරවලින් තවත් අහිංසක ජීවිත ගණනාවක් අහිමි විය. ප්‍රාදේශීය නිලධාරියකු පවසා සිටියේ නගර සභා මන්ත්‍රීවරයෙකු ද කියෙව්හි දී මිය ගිය බවය. යුක්‍රේන ජනපති ප්‍රකාශ කළේ යුක්‍රේනියානු ආරක්ෂක අංශ විසින් බිම හෙලන ලද රුසියානු හෙලිකොප්ටර් සංඛ්‍යාව සිය ගණනකට ළඟා වනු ඇති බවය දැනටමත් ගුවන් යානා 80 ක් අහිමි වී ඇත. යුද ටැංකි සිය ගණනක් සහ තවත් යුධෝපකරණ දහස් ගණනක් යුක්‍රේනයේ දී රුසියාවට අහිමිව ඇති අතර ඒ වසර දෙකක යුද්ධයක දී අහිමි වන යුද උපකරණවලට වඩා වැඩි ප්‍රමාණයක් බව පවස යි. රුසියානු ජාතික ආරක්ෂක අංශ ප්‍රධානී වික්ටර් සොලොටොච් ද දක්වා සිටියේ සියල්ල අප කැමති තරම් වේගයෙන් සිදු නොවන බව යි. නමුත් තවමත් තරයේ කියා සිටින්නේ රුසියාව පියවරෙන් පියවර ජයග්‍රහණය කරන බව යි. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි  පෙස්කොව් පවසා සිටින්නේ සාමකාමී ජනගහනයේ උපරිම ආරක්ෂාව සහතික කරන බවය.. පෙන්ටගනයේ ප්‍රකාශකයින් තවදුරටත් පවසමින් සිටින්නේ බෝම්බ හෙලීම් නොකඩවා සිදුවන අතර එය තවත්  වැඩි කරන බව ය. ඒ අතර යුක්‍රේනය  කියා සිටියේ තමන් යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා රාශියක් බිම හෙලු බවත් ආක්‍රමණිකයන්ට විනාශකාරී ප්‍රහාර එල්ල කළ බවත් ය. පසුගිය 14 වන දින පැය 24 තුළ රුසියානු හමුදා විශාල දියුණුවක් ලබා නොගත් බව කියා සිටියේ ය. යුක්‍රේනයට අනුව සති 3 කට අඩු සටන්වල දී රුසියානු හමුදාවේ මියගිය පිරිස 12,000 ක් තරම් ඉහළ අගයක් ගනී. ඒ අතරම යුක්‍රේන  සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා මීට පෙර භාවිතා කරන ලද යවෝරිව් කඳවුරට එල්ල වූ ප්‍රහාරය ආක්‍රමණයේ දී රුසියාව විසින් එල්ල කරන ලද වඩාත්ම තිව්‍ර ප්‍රහාරයකි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයකු වන ඉගෝර් කොනෙෂෙන්කොව් පැවසුවේ විදේශීය කුලි හේවායන් සහ විශාල විදේශීය ආයුධවලින් කඳවුරට පහර දෙන බව ය. ඔහු තවදුරටත් මෙසේ පැවසී ය. "යුක්‍රේනයේ භූමියට පැමිණි විදේශීය කුලී හේවායන්ගේ විනාශය දිගටම පවතිනු ඇත" යනුවෙනි. 

රුසියාව සහ යුක්‍රේනය ආරම්භ කළ නව සාකච්ඡා වටයක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාවතක් විවෘත කර ගත් අතර මොස්කව්හි හමුදා යුක්‍රේන නගරය වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිය ද වීඩියෝ සම්මන්ත්‍රණ හරහා දෙරටේ සාකච්ඡා වට ක්‍රියාත්මක විය. නමුත් ඒවා ප්‍රගතිය කින් තොරව අවසන් වූ ඒවා විය. පසුගිය දින කිහිපයක කාලය තුළ දෙපාර්ශ්වය යම් සුභවාදී අදහස් පළ කර තිබුණි. එහිදී සාමය, සටන් විරාමය, හමුදාව වහාම ඉවත්කර ගැනීම සහ ආරක්ෂාව සහතික  කර ගැනීම ගැන සාකච්ඡා කරනු ඇති බව යුක්‍රේන ජනපති සහයක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. වොෂින්ටනයේ දී ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේන් සඳුදා පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ රුසියාව සමඟ සාකච්ඡා සඳහා යුක්‍රේනයට සහභාගි වීමට බයිඩ්න් පාලනය සහාය දෙන බව යි. මේ අතර එක්සත් ජාතීන්ගේ වර්තමාන මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් පරමාණුක බලයන් අතර ඇතිවිය හැකි අන්තරායන් පිළිබඳ අනතුරු ඇඟවීමක් ද කරන ලදී. ලෝකයේ අඩුම සංවර්ධිත රටවල් දුසිම් ගනණකට තිරිඟු යුක්‍රේනය සහ රුසියාව යන දෙඅංශයෙන්ම දැනටමත් ගෝලීය ආහාර පද්ධතියේ ව්‍යාකූලත්වයක් දැකිය හැකි ය. 14 රාත්‍රියේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ යුක්‍රේනය ගිනි ගෙන ඇති බවත් සිවිල් වැසියන්ට එල්ල වන බලපෑම් භයානක මට්ටමට ළඟා වෙමින් තිබෙන බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රෝහල් ඇතුළු සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ආයතන ගණනාවකට ප්‍රහාර එල්ල වී ඇත. එ මෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වනවිටත් ජලය හෝ විදුලිය යදිමින් සිටී. ඒ කිසිදු සංවිධානයකට මේ වන විට රුසියාවට බලපෑම් කිරීමේ හැකියාවක් නැත. පුටින් ඒ කිසිවකට හිස නොනමයි. ඔහුට ඒ කිසිවක් ගැන වගේ වගක් නැත. ලංකාව වැනි රටකට සුළු සුළු හේතූන් මත හෝ මෙවන් ආයතන බලපෑම් කළ ද ලුසියා වැනි රටක් ඉදිරියේ සේවා සංවිධාන පමණක් ය යන වග ඔහුට හොඳ වනුයේ හාස්‍යජනක ලෙස ය.

යුක්‍රේනයේ කියා සිටින්නේ රුසියාවේ  මේජර් ජෙනරාල්වරුන් 20 දෙනෙකු පමණ රට තුළ සිටින බව සිතන අතර ඔවුන්ගෙන්  තිදෙනෙකු මරා දමා ඇති බවත් දැන් ඔහුගේ ඉහළම පිරිස් අහිමිව ඇති බවත් ය.  සියල්ලට පසු යථාර්ථය නම් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් පෘථිවි වාසීන්ට අහිමිව ඇති බව යි. යුක්‍රේනයේ ආරක්ෂාව සහතික ඒම සඳහා බටහිරයන් විසින් සහතික ලබා දී ඇත. කෙසේ වෙතත් බටහිර යුරෝපයේ මිලිටරි සන්ධානයේ සාමාජිකත්වය අත්හැරීමට යුක්රේන ජනපති ව්ලොදිමීර්ව් සෙලෙන්ස්කි සූදානම් වේ. සෝවියට් රුසියාව බිඳ වැටීමට  සැලකිය යුතු කාලයක් ගතවුවහොත්  පුටින් තවමත් එම රටවලට අතපෙවීමට පසුබට නොවේ. ඔස්ට්‍රියාව සහ බෙලරිසියාව ද ඒ අතර ය.පුටින් තවමත් පවසන්නේ රුසියාව යුක්රේනය සහ ඔස්ට්‍රියාව තවමත් එකම  සංස්කෘතියකට අයත් රටක් බව යි. මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවන් ආරම්භ වී ඇති අතර ඒවායෙහි සුභදායක ප්‍රථිඵල ලෝකයාට භුක්ති විදීමට අවස්ථාව ලැබීමෙහි අවශ්‍යතාවය මතුව තිබේ.  ඉදිරියේ දී කුමක් සිදු වුවත් සියල්ල හොඳ විදියට සිදු වේවා යන්න අපගේ ප්‍රාර්ථනය යි. වහ වහා ගැටුම් අවසන් වී ලෝක සාමය රජ විය යුතුය. 

https://www.dailymail.co.uk/news/article-10613069/Putins-forces-able-fight-14-days-military-experts-say.html

https://www.dailymail.co.uk/news/article-10613069/Putins-forces-able-fight-14-days-military-experts-say.html?ito=native_share_article-masthead

එම්.ඒ.තිළිණ ප්‍රසාද්,

විශේෂවේදි පළමු වසර,

මහජන සම්බන්ධතාව සහ මාධ්‍ය කළමනාකරණය,

ජන සන්නිවේදන අධ්‍යනාංශය,

 

සමාජ විද්‍යා පීඨය.