ලෝකය වේගයෙන් ඉදිරියට ඇදෙනුයේ කාලයෙහි වටිනාකම ක්ෂණයක් ක්ෂණයක් පාසා අපට ඒත්තු ගන්වමිනි. නො දියුණු ශිෂ්ටාචාරවල සිටි මානවයා වර්තමානය වන විට ඉතාමත් දියුණු ශිෂ්ඨාචාර වෙත පිය මැන අවසන්. හෙට වන විට මිනිසා සිතීමටවත් නොහැකි අන්දමේ දේ කිරීමෙහිලා කිසිදු ආකාරයකින් අසමත් නොවනු ඇත. අතීතයේ තමන් අවට පරිසරය පිළිබඳව මිනිසාට තිබුණේ විසල් කුතුහලයකි. ඇතැම් විටෙක එම කුතුහලයේ ප්‍රතිඵල වශයෙන් අද අප අත්දකින දියුණුව අපට ලැබෙන්නට ඇත. ගහකොළ, සතා සිවුපාවා, අව්ව, වැස්ස, සුළඟ වැනි අජීවී වස්තූන් කෙරෙහි කුතුහලය ඔබ්බවා ගත් නොදියුණු මානවයාගේ කුතුහලය ලෝකයේ දියුණුවත් සමඟ ඉර, හද, ග්‍රහ  තාරකා කෙරෙහි යොමු වූවා විය හැකි ය. අද වන විට සඳ තරණය යනු තවත් එක් චාරිකාවක් වන තරමට ම මිනිසා දුරස්ථ වස්තූන් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. එයින් නොනැවතුණු මානවයා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තුන් සිය ගමනාන්තය කරගන්නට දෙවරක් නොසිතුවේ ය. භෞතිකව ළඟාවිය නොහැකි ස්ථාන වෙත ඇති රොබෝ තාක්ෂණය වැනි දේ උපයෝගී කරගනිමින් තමන් ඉදිරියෙහි වූ අභියෝග ජය ගැනීමට පසුබට නොවුනේ ලෝකයාගේ අවධානය ද එදෙසට යොමු කර ගනිමිනි. බොහෝ අවස්ථාවල මෙහිලා ඇමෙරිකානු නාසා ආයතනය පෙරමුණ ගත් අතර ඔවුන් අනුගමනය කරමින්  රුසියාව, ජපානය, චීනය වැනි අනිකුත් ඉදිරි පෙළ රටවල් ද දුරස්ථ ග්‍රහවස්තූන් තරණයෙහිලා සිය තාක්ෂණික දැනුම මෙහෙයවන්නට විය. විටෙක වෙනත් ලෝකවල දියුණු ජීවීන් සිටිති' යි සැක කරමින් බොහෝ විද්‍යාඥයින් ඔවුනද පණිවිඩ පවා යැවීමට පෙළඹුණි. නාසා ආයතනය විසින් විශ්වයේ තොරතුරු රැස් කිරීමට යවන ලද චන්ද්‍රිකාවන්, රොබෝවන් හට ඒ වෙත ළඟා වීමට තවත් වසර ගණනාවක් ගත වන බව පැවසේ. ඒ තරමට ම මිනිසා තරමට ම මිනිසා විශ්වය ගවේෂණයෙහි ලා සිය ධනය, කාලය, ශ්‍රමය නො අඩුව කැප කර ඇත. මේ අතරවාරයේ දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට පවා විසඳුම් සෙවීමට මිනිසාට සිදු වීමත් සමග පර්යේෂකයින් මිනිසාට ජීවත්වීමට සුදුසු ග්‍රහලෝක සෙවීමටත් ඒ පිළිබඳව අධ්‍යනයටත් නැඹුරු විය. ඒවයේ ප්‍රතිඵල වශයෙන් තවත් නොබෝ දිනක දී විශ්වයේ අනෙකුත් ග්‍රහ ලෝකයන් තුළ මිනිස් ජනාවාස ආරම්භ කිරීමට මිනිසාට හැකියාව ලැබෙනු ඇත. දැන් දැන් ඉලෝන් මස්ක් වැනි ධනවත් පුද්ගලයින් පවා ප්‍රිය කරන විෂයයක් බවට අභ්ක් බවට අභ්‍යවකාශ ගවේෂණය පත්ව ඇත.

අභ්‍යවකාශය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මිනිසා දක්වා ඇති කැප කිරීම අගය කළ යුතුම ය. මේ මොහොත වන විටත් NASA වැනි ආයතන විශ්වය දෙස දෙනෙත් යොමු කරගෙන සිටිනුයේ කුමක් හෝ අළුත් යමක් සොයා ගත් බව ලෝකයාට කියමින් එය දැනුම් පොතට එකතු කිරීමට යි. පසුගිය දිනෙක NASA ආයතනය විසින් ජේම්ස් වෙබ් ගේ තනි තාරකාවක පළමු නාභිගත රූපය හෙළිකරන ලදී. ඇතමුන් පවසන්නේ ජේම්ස් වෙබ් දුරේක්ශයේ ට විද්‍යා ඉලක්ක පවා ඉක්මවා යා හැකි බව යි. එය පසුගිය වසරේ නත්තල් දිනයේ දී NASA ආයතනය විසින් දියත් කරන ලද අතර ජනවාරි 24 වන දින පෘථිවිය සහ සූර්යයා අතර එහි අවසාන කක්ෂයට ලඟා විය. James webb space telescope යනුවෙන් හඳුන්වනු ලබනුයේ NASA, ESA සහ CSA හි ඒකාබද්ධව සිදු කරන ලද ව්‍යාපෘතියකි. ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා මෙම නිරීක්ෂණාගාරය නිර්මාණය කර ඇත්තේ මුල් විශ්වය ගැඹුරට එබී බැලීමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි. එය තාරකා විද්‍යාඥයින්ට දුරබැහැර ග්‍රහලෝකවල වායුගෝලය වැනි සියුම් දේ පවා අධ්‍යනය කිරීමට ද ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව දැක්වේ. ඔවුන් පවසන පරිදි ඉදිරි මාස වල දී දුරේක්ෂ සේ විද්‍යාත්මක මෙහෙයුම්  ආරම්භ කළ පසු තරු, ග්‍රහලෝක සහ තවත් ග්‍රහ වස්තුවල  මෙන්ම මන්දාකිණිවල වඩාත් නිවැරදි රූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. දුරේක්ෂය මගින් මේ වන විට ඉතාම වැදගත් දර්පණ පෙළගැස්වීමේ පියවර සම්පූර්ණ කර ඇති අතර මේ වන විට 2MASS J17554042+6551277 ලෙසින් නම් කර ඇති තරුවේ නාභිගත රූපයක් ද හෙළිදරව් කර ඇත. නාසා ආයතනය පවසන ආකාරයට අනුව මෙය කෙතරම් හොදද යත් නිරීක්ෂණාගාරය සාක්ෂාත් කර ගැනීම සඳහා ගොඩනගන ලද විද්‍යාත්මක ඉලක්ක සපුරා ලීමට හෝ ඉක්මවා යාමට මෙයට හැකියාව ලැබෙනු ඇති බව යි. ඒ තරමටම එය තියුණු හැකියාවකින් සමන්විත දුරේක්ෂයක් බව හඳුනා ගැනීමට පුළුවන. මීට වසර 20 ට පෙර webb කණ්ඩායම මෙතෙක් අභ්‍යවකාශයේ තනා ඇති බලවත්ම දුරේක්ෂය තැනීමට කටයුතු කළ අතර ඉල්ලුමට සරිලන විද්‍යා ඉලක්ක සපුරා ලීම සඳහා සැලසුමක් ඉදිරිපත් කළ මෙම NASA හි සහකාර පරිපාලක Thomas Zurbuchea පැවසී ය. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාව සහ ගවේෂණය සඳහා වන ජේෂ්ඨ උපදේශක සහ වෙබ් විද්‍යාඥ මාර්ක් මැකෝග්‍රියන් පැවසුවේ webb දැන් හැකි තියුණුම රූප එහි උපකරණ වෙත යවමින් සිටින බව යි. එයින් අදහස් කරනු ලබන්නේ අපට ගැඹුරට ගොස් බොහෝ විස්තර දැන කියා ගැනීමට සහ දශක ගණනාවකට පෙර සිහින මැවූ විශ්මිත විද්‍යාව ලබා ගත හැකි බව යි. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ Exoplanet විද්‍යාඥ Hannah Wakeford Twitter එහි දක්වා ඇත්තේ "මෙම දුරේක්ෂය සෑම පියවරකදීම අපව පුදුම කරන්න යනවා. එමෙන්ම ආලෝක ලක්ෂයකින් අපට නොපෙනෙන ග්‍රහලෝකවල වායු ගෝලය මැනිය හැකි ය." යනුවෙනු යි. මෙහි ලා අපට දැකිය හැකි සුවිශේෂිත ම කරුණක් වනුයේ පෘථිවිය මත ඇති විශාලතම භූගත දුරේක්ෂ සමහරක් ඛණ්ඩිත ප්‍රාථමික දර්පණ භාවිතා කරන අතර, වෙබ් දුරේක්ෂය එවැනි සැළසුමක් භාවිතා කරන අභ්‍යවකාශයේ පළමු දුරෙක්ෂය වේ.

අඩි 21, අඟල් 4 ප්‍රාථමික දර්පණය ෂඩාස්‍ර, බෙරලියම් දර්පණ කොටස් 18 කින් සමන්විත වේ. එය එහි කක්ෂයට ළඟා වූ පසු, ගුරුවරු ආලෝකය පවා එක්රැස් කිරීම සඳහා තනි විශාල දර්පණ මතුපිටක් සෑදීම සඳහා සෑම දර්පණයක් ම නැනෝ මීටර තුළට සකස් කර ඇත. දුර්වල අධෝරක්ත කිරණ හඳුනාගැනීමට හැකිවීම තාරකා විද්‍යාඥයින්ට මුල් විශ්වය ගැඹුරින් බැලීමට හෝ ඈත ලෝකවල ඇති දුර්වල වායු ගෝලය හඳුනා ගැනීමට වෙබ් දුරේක්ෂය භාවිතා කිරීමට ඉඩ ඇත. Webb විසින් අත්පත් කර ගන්නා ඇදහිය නොහැකි විද්‍යාව සක්‍රීය කිරීමට අමතරව, මෙම නිරීක්ෂණාගාරය සැලසුම්කර සැලසුම්කර ගොඩනඟා ක්‍රියාත්මක කරන කණ්ඩායමේ අභ්‍යවකාශ දුරේක්ෂය තැනීම සඳහා නව ක්‍රමයක් පුරෝගාමී වී ඇති බව Webb Optical Telescope මූලද්‍රව්‍ය කළමනාකරු Lee Feinberg පැවසී ය. ඇරිසෝනා විශ්ව විද්‍යාලය විසින් NASA හි James webb අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇති Near Infrared Camera හි සංවර්ධනය කර කළමනාකරණය කරන ලද දුරේක්ෂය මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී විය. මෙම ඉහළ මට්ටමේ දෘශ්‍ය කාර්ය සාධනය ප්‍රදර්ශනය කිරීමෙන් සියලු දෙනා බලාපොරොත්තු වන විද්‍යාත්මක ප්‍රතිඵල ලබාදෙන බව සහතික කර යි යනුවෙන් NIRCam උපකරණයේ ප්‍රධාන විමර්ශක සහ UArizona Regents මහාචාර්යවරියක වන Marcia Rieke පවසන ලදී. තව ද ඇය දැක්වූයේ දුරේක්ෂය ඉතා විශිෂ්ට ලෙස ක්‍රියා කරන අතර අපට දැකීමට අවශ්‍ය සියුම් තොරතුරු හෙළි කරනු ඇත. දුරේක්ෂය තරුවක් මත සම්පූර්ණයෙන්ම පෙළගස්වා නාභිගත කර ඇති අතර කාර්ය සාධනය පිරිවිතයෙන් අභිබවා යයි. NASA Goddard හි Webb සඳහා නියෝජනය දෘශ්‍ය දුරේක්ෂ මූලද්‍රව්‍ය කළමනාකරු Pitua Kesi-Kuha පැවසුවේ විද්‍යාව සඳහා මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි සතුටු වන බවත් නිවැරදි දුරේක්ෂයක් නිර්මාණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ය.

ජේම්ස් වෙබ් දුරේක්ශයේ අපගේ විශ්වයේ රහස් එළ කිරීමට උපකාරී වන කාල යන්ත්‍රයක් ලෙස විස්තර කර ඇත. මීට වසර බිලියන 13.5 කට පෙර මුල් විශ්වයේ උපත ලැබූ පළමු මන්දාකිණිය වෙත ආපහු හැරී බැලීමට සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තාරකා, බාහිර ග්‍රහලෝක සහ චන්ද්‍රයා සහ ග්‍රහලෝක පවා ප්‍රභවයන් නිරීක්ෂණය කිරීමට දුරේක්ෂ භාවිතා කරනු ඇත. එය 2021 දී දියත් කරන විට, එය මහා පිපිරුමෙන් වසර මිලියන 200 ක ට පසු ආපසු හැරී බැලීමේ හැකියාව ඇති ලොව විශාලතම සහ බලවත් ම දුරේක්ෂය වනු ඇත. 

මුලාශ්‍රය

https://www.dailymail.co.uk/sciencetech/article-10620203/NASA-reveals-James-Webbs-focused-image-single-STAR.html?ito=native_share_article-masthead

 

එම්.ඒ.තිළිණ ප්‍රසාද්,

විශේෂවේදී පළමු වසර,

මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය,

ජනසන්නිවේදන අධ්‍යනාංශය,

 

කැළණිය විශ්වවිද්‍යාලය.