ඇදේට ගත්තු පින්තූරයක් ද? එක්කෝ ගත්තු කෙනා ඇදේට හිටියා වෙන්න බැරි ද?

නැ නැ ඔය මොකවත් නෙවෙයි. 

හරි අමුතුයි වගේ පෙනෙයි. ඔව් අමුතුයි තමා. අමුතු අමුතු දේවල් ලෝකේ අමුතු අමුතු තැන් නිර්මාණය කරනවා. දකින හැමෝම අමුතුයි කියලා අපි කියනවා නේද? දකින අය අමුතු වෙන්නේ තමන් අනිත් අයට වඩා අමුතු නිසා.

විකාර වගේ ඇති. නැ විකාර නෙවෙයි. මේ කියන්නේ අමුතු විදිහට හිතන අය ගැන. ඒ අය අමුතුයි තමා. එක්කො තනියෙන් ඉන්නවා. නැත්තන් කට්ටය එක්ක හිටියත් වෙනම මනෝ ලෝකවල ඉන්නවා. කවුරු මොකවුණත් තමන්ගේ විදිහට තමන් ඉන්නවා. තමන්ට ආස දේ ආස විදිහට කාටත් වාත නොවී කරනවා. ඔව් එහෙම අය හරි අමුතුයි. පේන දේ එ් විදිහට, තියන දේ ඒ විදිහට දකිනඑක බලනඑක නෙවෙයි අමුතු වෙනවා කියන්නේ. පේන දේ දකින දේ ගැන හොයලා බලලා එතන වෙනස්ම දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරන අයටයි අමුතු අය කියන්නේ. 

හැමදේකම හොද විදිහක් වගේම නරක විදිහක් තියනවා කියලා හිතන අයට අමුතු දේවල් කරන්න හරි ලේසි. මොකද නරක වුණත් ඒකේ අමුතු හැඩයක් ගේන්න ඒ අය උත්සාහ කරනවා. තද කළු මහා ගුප්තයි කියලා කියනවා. හැබෙයි ඒ කියන තද කළු පසුබිමට සවේත වර්ණය එකතු කරාම හරි එළියයි. මෙහෙම කරන්න ඕන කියලා කිව්ව පලියට කරන එක හරි. හැබෙයි එහෙම නෙවෙයි ඒකත් එක්ක මෙහෙමත් කරොත් හොදයි කියලා හිතලා කරනවා නම් අන්න එයා අමුතුයි. අමුතු අයට වැඩිය කවුරුත් කැමති නැ. හැබෙයි ඒ අය නිසා අමුතු වෙන ලෝකෙට නම් මිනිස්සු හරි කැමති. එහෙම හදන ලෝක අපි තවත් ලස්සන කරන්න බලමු. වෙනස් කරනවා කියලා අපි කියන වචනෙට ලොකු බලයක් තියනවා. දන්නවද අද අපි මොනාම හරි දෙයක් භාවිත කරනවා නම් ඒ හැමදේම වෙනස සහ අමුතු මිනිස්සුන්ගේ වැඩ සහ උත්සාහ නිසා සිදු වුණ දේවල්.  සදාතනිකයි කියන බොහෝ දේවල් ලෝකේ නිතැතින්ම සිදුවෙනවා. සදාතනික දේවල් කොහොම තිබුණත් අමුුතු මිනිස්සු ඒ දේවල් වෙනස්ම රහකට වෙනස්ම මානයකට අරන් එනවා. ඒක තමයි අමුතු මිනිස්සුන්ගේ විදිහ. සතුටු වෙන්න ඔබට පුළුවන් නම් ලෝකය දෙස අමුතු විදිහට බලන්න පුළුවන් නම්. ඒක කිසිම කෙනෙක්ට නොලැබෙන හරි වටින තෑග්ගක්.  

දන්නවද පුංචි අමුත්තක් ඇති ජීවිතවල ලොකු වෙනසක් ඇති කරන්න. ලෝකේ වෙනස් කරන්න නම් ඉස්සෙල්ලා අපි අපේ ලෝකේට අමුතු හැඩයක් ගේන්න පුරුදු වෙමු. 

නවෝද්‍යා බණ්ඩාරමැණිකේ වික්‍රමසිංහ 

ප්‍රථම වසර

සමාජ විද්‍යා පීඨය