Image

චීන ජාතිකයින් යනු සංස්කෘතිය සමහ ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ජන කොටසකි. ඔවුන් විසින් උත්සවාකර්ෂයෙන් සමරන සාම්ප්‍රදායික උත්සව අතර මධ්‍ය සරත් උත්සවය ප්‍රධාන තැනක් ගනී. මෙම උත්සවය චීන බසින් 中秋节 Zhōngqiū jié ලෙසත්, ඉංග්‍රීසි බසින් Mid Autumn Festival ලෙසත්, සිංහල බසින් සද උත්සවය හෙවත් සදකෙත් උත්සවය ලෙසත් හැදින්වේ. චීන ජාතිකයින්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඔවුන් මෙය සමරන්නේ අටවැනි මාසයේ, පහලොස් වන දිනයේ දීය. චීනයට සරත් කාලය උදාවීම ඔවුන්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව 7 – 8 – 9 යන මාස කිහිපයේ දී ය. මෙම කාල සීමාවේ මැද මාසය අටවෙනි මාසයයි. පහළොස් වන දිනය යනු මාසයේ මැද දිනයයි. ඒ අනුව සරත් කාලයේ මැද මාසයේ මැද දිනයේ දී ය. මෙම කාරණාව හේතු කොට ගනිමින් මෙම උත්සවය මධ්‍ය සරත් උත්සවය ලෙස හදුන්වනු ලබයි. කෙසේ වෙතත් 2022 වසරේ , එනම් මෙම වසරේ දී සමරන්නේ සැප්තැම්බර් දහවන දිනයේ දීය.

Image
Image

මධ්‍ය සරත් උත්සවයටම විශේෂිත වූ සිරිත් විරිත් කිහිපයක් ම මේ හා බැදී පවතී. අතීතයේ දී සද වන්දනාකොට ගනිමින් උත්සවය සැමරුණු අතර, වර්තමානය වන විට මෙම උත්වසයේ දී පවුලේ හිතවතුන් එක්කොටගෙන ආහාර වේලක් අනුභව කිරීම මූලික සිරිතක් කොටගෙන ඇත. ඇතැමුන් ආපන ශාලා වලට එක්ව ආහාර වේලක් රස විදීමට පුරුදු වී ඇති අතර, එසේ කිරීමට නම් කල්තියා ආපන ශාලා වෙන් කර ගත යුතුව ඇත්තේ තදබදය නිසාවෙනි. මෙම අහාර වේලේ දී කකුළුවන් ඉතාම ජනප්‍රිය මෙනුවකි. සදක් හැඩැති කේක් විශේෂයක් මෙම උත්සවය වෙනුවෙන්ම සැකසේ. මෙම කේක් විශේෂය චීන බසින් 月饼 Yuèbǐngලෙසත්, ඉංග්‍රීසි බසින් Moon Cake ලෙසත් හැදින්වේ. මධ්‍ය සරත් උත්සවය සද සමග සම්බන්ධ වී ඇති නිසා, උත්සව සැමරීම සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ හිරු බැස යාමෙන් පසුවය. අතීතයේ සිට මෙ දක්වා කාලය තුළ මධ්‍ය සරත් උත්සවයේ සිරිත් විරිත් යම් යම් වෙනස්කම් වලට නතු වී තිබුණද මෙය අතීතයේ මෙන්ම වර්තමානයේ ද චීන ජාතිකයින්ගේ සතුට, 

සමගිය, සහයෝගය වර්ධනය කරන පාරම්පරික උත්සව අවස්ථාවක් ලෙස හැදින්විය හැක.

සඳුනි ඉන්දීවරී ලොකුවිතාන

තෙවන වසර

නූතන භාෂා අධ්‍යානාංශය

මානව ශාස්ත්‍ර පීඨය