Image

ඇමෙරිකාවේ ඇරිසෝනියා හි පිහිටි ටස්කන් කාන්තාර ප්‍රදේශය තුළ ලෝකයේ දැවැන්ත ගුවන්යානා සොහොන් බිම පිහිටා ඇත. ටස්කන් කාන්තාර ප්‍රදේශය තුළ විශ්‍රාම යැවූ ගුවන්යානා පන්දහසකට අධික ප්‍රමාණයක් නවතා තබා ඇත. මෙම ගුවන්යානා සොහොන් බිම ලෝකයේ 309 වන ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානය ලෙස නම්කර ඇත. 1964 වර්ශය තුළ ආරම්භ කර ගුවන්යානා සොහොන් බිම අක්කර  2600 කට වැඩි වූ භූමි වපසරියක් තුළ ව්‍යාප්තව ඇත. මේවන විට ගුවන්යානා සොහොන් බිම තුළ,   

  1. හමුදාමය ගුවන්යානා
  2. වාණිජමය ගුවන්යානා
  3.   ප්‍රහාරක ගුවන්යානා      මෙම භූමිය තුළ පවති.

ඉවත දැමූ ගුවන්යානා තුළ අමතර කොටස් දැනට සක්‍රීය තත්වයේ පවතිනු ලබන ගුවන්යානා සදහා අමතර කොටස් ලබා ගැනීම ටස්කන් කාන්තාර ප්‍රදේශයේ ගාල් කර ඇති ගුවන්යානා තූළින් ලබා ගනු ලැබේ. එලෙස ලබාගනු ලබන අමතර කොටස් හරහා වාර්ෂික ඩොලර් බිලියන 500ක ආදායමක් 309 වන ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානය උපයා ගැනීමට බැකි බව සදහන් වේ.

Image

දෙවන ලෝක යුද සමයේ භාවිතා කරනු ලැබූ ගුවන්යානා 600ක්ද සොහොන් බිම තුළ පවති. මෙයට අමතරව F 15, F 16 වැනි ප්‍රහාරක ගුවන්යානා විශාල ප්‍රමාණයක් සොහොන් බිම තුළ දැකගත හැක. සමාන පරතරයන්ගෙන් රදවා ඇති ගුවන්යානා තුළ යලි භාවිතයට ගතහැකි මට්ටමේ පවතින යානා 25% කටත් වඩා අඩු බව වාර්තා වේ. එම යානා තුළ  කොටස් ඉවත් කිරීමට සහ ගැනුම්කරැවන් වෙත අලෙවි කිරීමට පාර්ශවකරැවන් වෙත අවස්ථාව ලැබි ඇත. අදවන විට මෙම සොහොන් බිම තුළ සේවකයින් 700 කට ආසන්න සේවකයින් සංඛ්‍යාවකින් සමන්විත අතර ඔවුන් විසින් යානා නිරීක්ෂණය කරනු ලබයි. වසරකට ගුවන්යානා 200 ක් පමණ අලුතෙන් සොහොන් බිමට එක් කරන බව වාර්තාවල දක්වා ඇත. 309 වන ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානය තුළ නවතා ඇති ගුවන්යානා වල වටිනාකම ඩොලර් ත්‍රිලියන ගණනක් වන බව වාර්තා තුළ සදහන් වේ. මෙලෙස ඇරිසෝනියා හි ටස්කන් කාන්තාර මධ්‍යයේ මෙම ගුවන්යානා පවතිනුයේ පහසුවෙන් හානිවීම වැලැක්වීමට ය. නමුදු දිගුකාලීන රදවා තැබීම මත  මෙම යානා විනාශ වෙමින් පවතින බව වාර්තා වේ. සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට ඇරිසෝනියාවේ පිහිටි ගුවන්යානා සොහොන් බිම සමත් වී ඇත. සංචාරකයින් සදහා ගුවනින් මෙම භූමි ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී ඇත. මෙම ගුවන්යානා ක්‍රමානුකූලව ආකර්ශණීය ලෙස රදවා තැබීම නිසාවෙන් සංචාරක ආකර්ශණය ප්‍රභල ලෙස දිනා ගැනීමට ඇරිසෝනියා ගුවනයානා සොහොන් බිම සමත්ව ඇත.     

 

එච්.ඩී.තරිණි නානායක්කාර

විශේෂවේදී දෙවන වසර

මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය                                                                     

සමාජීය විද්‍යා පීඨය