Image
අද මම, ඔයා  විතරක් නෙමෙයි මගේ අම්මා තාත්තා,  අපි හැමෝගෙම අම්මාලා  තාත්තලා අද දුක් විදිනවා. ඒ මන් කරපු වරදක් හින්දාද? එහෙමත් නැත්නම් මගේ අම්මා තාත්තා ලංකාවේ ඉපදුන නිසාද? අපි හැමෝගෙම අම්මා තාත්තාට මුහුණ පාන්නට වුන ගැටලුව මොකක්ද?.
මිට අවුරුදු ගාණකට කලින් සිංගප්පූරුව කිව්වා කවදා හරි අපි ලංකාව වගේ වෙන්න  ඕනේ කියලා.එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් නේද අතීතයේ මගේ මේ ලස්සන පුංචි රට තිබ්බ තැනයි, එදා ඉන්දියයාවේ මුතු ඇටය කියපු මේ පින්වන්ත භුමිය අද වැටිලා තියෙන තැනයි ගැන.ඇයි අපිට මෙහෙම වුණේ? මට තාමත් හිතා ගන්න බැරි  මමද ,ඔයද? නැත්නම් අපි හැමෝම අද ලංකාව මුහුණ දෙන  ආර්ථික දරුණු  ගැටලුවට වග කියන්න ඕනෙද කියලා.
අපි 1948 දී බටහිර ගැතිභාවයෙන් නිදහස්  වුණ. ඒ කියන්නේ අපිට නිදහස් ස්වාධින රටක්,ජාතියක් ලෙස නැගිටින්නට අවස්ථාව ලැබුණ. එදා අපි ස්වාන්පොෂිත රටක්,දෙපයින් නැගිට්ට ජාතියක්. හැබැයි අද අපිට මොකද වුණේ?.1977 දී ශ්‍රී ලංකාව් විවෘත ආර්ථිකයක් බවට පත් කිරීමත් සමඟ අපිට විදේශ රටවල් වලින් අපේ ඕනැ එපාකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වුණා.මෙන්න මෙතන ඉදන් තමයි දෙපයි නැගිට්ට ජාතියට, විදේශ රටවල් වලින් අපිට අවශ්‍ය දේවල් එනකන් හිගන්නෝ වගේ බලන් ඉන්න සිදු වුණේ.
මගේ රට දියුණු කරන්න ඕනේ ,මේ මගේ රට කියල අවංකව හදවතින් ම හිතපු මිනිස්සුත් නැතුවම නොවේ.  ඒ ඔක්කොම හිටියේ දියවන්නැවෙන් වට වුණ සියලු සැප පහසුකම් වලින්  අද්විතිය  මන්දිරයක. එතන තමයි මගේ රට මේ වගේ තත්වයකට වැටෙන්න තීරණ ගත්තු පාලකයින් හිටපු තැන. ඒ මිනිස්සුන්ව එතනට යැව්වේ වෙන කවුරුත් නෙමේ, අපිම තමයි.එහෙනම් වැරැද්ද කරේ කවුද? අපිම තමයි අපේ ආනාගතය විනාස කර ගත්තේ. අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණ ආර්ථික අර්බුදයට වගකියන්න ඕනේ වෙන  කිසි කවුරුත් නෙමෙයි .කිසි දැනුමක් නැති මිනිසුන් කණ්ඩායමක්, රටේ තියෙන ඉහලම බලාධිකාරින්ට පත් කර යැවූ අපි නොවේද? 
අද, අපි හැමෝම දරුණු ආර්ථික පරිහානියක මුහුණ පැමිණ සිටි. අපි මේ රට කරවන බලධාරින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ  මාධ්‍ය ඉදිරියට ඇවිත් 'අපි මෙහෙම කරා  කියා පුරසාරම් කියන එක නෙමේ. අපිට  ඕනේ  රටේ ජනතාව හැටියට  අපි මුහණ දෙන දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ  යාමට නිසි දැක්මක් සහිත නිවැරදි සැලැස්මක් නේද?.
 අද  ළමයි කිදෙනෙක්  මගේ මේ රටේ බඩගින්න  දරා  ගෙන  වෙන කුමක් කරන්නද කියා සිතා ගත නොහැකිව දවසට එක වේලකින්  පමණක් ගෙන  තම හුස්ම පොද රදවා ගන්න කොපමණ සටනක යෙදෙනවා ඇද්ද ?  කෝටි 2 ක් හෝ ඊට ආසන්න හෝ ජනගහනයක් ඉන්න රටේ කී දෙනෙක් පෝෂ‍යදායි ආහාර වේලක් ගන්නවා ඇද්ද?ඒ වගේම  ' සමහර අම්මාලා තාත්තලා තමන්ගේ ළමයිට කන්න දීලා, මට බඩගිනි නැහැ පුතේ දුවේ කියලා කියනවා ඇද්ද?.
එහෙනම් රටක් විදියට අපි හැමෝම අයේ ආපස්සට ගිහින් බලන්න ඕනේ ඇයි අපිට  මෙහෙම දෙයක් උනේ  කියලා.
ගංගාවක් දිගේ පහළට සැඩ පහර ගල් වල හැපී අවසානයේ මහා සයුර සිප ගන්නා සේ කිසි දා වසන්තයක පහස නොලද ජාතියක් විදියට මේ මහා පොළවට පස් ගොඩක් වන්නට පෙර හදවතින් නොව බුද්ධියෙන් තීරණ අරගෙන අපේ වුණ වැරදි නිවැරදි කර ගැනීමයි. ඒ නිසා 
ආර්ථික, සමාජීය වශයෙන්  හා මානව ගුණධර්මවලින් පිරිපුන් ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ දනින් නොවැටෙන රටක් බවට පිය ගැට තරණය කරන්නට, පිය මන් තනන්නට  අපි අපිට රුකුලක් වෙමු.
ටි.එල් අශිත ලක්ෂාන්
පළමු වසර
කළමනාකරණ අධ්‍යයන පිඨය