Image

පාන්දර හතරේ කෝච්චිය

හූ හඬ නගන් යනකොට

නින්ද ඉඳ හිට එබී යලි යන

දෙනෙත සැලුණේ සිහිව නුඹෙ වත 

 

අම්මගේ ක්ලිනික් පොත

කිහිල්ලේ ගහගෙන

කෑම කන්නට පිරිය නැති මුත්

කොහොම හරි මට කව්වන 

 

"මල්ලියේ මම ගිහින් එන්නම්

පරිස්සමට ම ඉන්න එතකං"

කියා කියලා මට සිනාසී

ඇදුණු නුඹෙ ඒ ලබැඳි සිනහව 

 

දිවියෙ බර සිය උර මත

දරාගෙන හිනැහීගෙන

හිටියෙ කොහොමද කියාලා නුඹ

සිතනවා අදටත් මම 

 

රේල්ලුවටත් දැනුණද

කොහෙද නුඹෙ සවි ශක්තිය

පීලි පැන්නේ ඒක වෙන්නැති

නුඹව යට කළ දුම්රිය 

 

ඉතින් සොයුරියෙ ඉන්පසු

දවස් ගණනක් ඔහේ ගෙවුණා

නුඹ යටව ගිය මතක සැමරුම්

සිත් වලින් අවපැහැව මැකුණා 

 

නමුත් තාමත් කෝච්චිය නුඹ

යටවෙච්ච තැන පහුකරනකොට

වේදනාවෙන් හෙලන සුසුමන්

අද උදෙත් මගෙ කනට වැටුණා! 

 

දසුන් පෙරමුණ

ප්‍රථම වසර

ලලිත කලා අධ්‍යයන අංශය

මානව ශාස්ත්‍ර පීඨය