කොවිඩ් රෝගය වැළඳීමේ අවදානම් කණ්ඩායම් අතර දරුවන් සුවිශේෂී වේ. විශේෂයෙන් ම දරුවන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් මතුවන සංකූලතා හා අතුරු ආබාධ තත්ත්වයන් වැඩි වීමේ ප්‍රවණතාවයත් සමඟ දරුවන් වෙනදාටත් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය ම කාරණයක් බවට පත්ව තිබේ. දරුවන්ට කොවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා රෝගය සම්බන්ධව සමාජය නිවැරදිව දැනුවම්වත් කිරීමේ අරමුුණ මුල් කරගනිමින් කැලKsය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය සමගින් සිදු කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

01. වෛද්‍යතුමියනි කොවිඩ් වෛරසය දරුවාට බලපාන්නේ කෙහොමද?

කොවිඩ් වෛරසය වැඩිහිටියන්ට වගේම ඒ හා සමානව  දරුවන්ටත් බලපානවා. නමුත් වැඩිහිටියන්ට වඩා එහි බලපෑමේ යම්කිසි වෙනසක් දරුවන්ට තියෙනවා. විශේෂයෙන් ම මෙහිදී සඳහන් කරන්න ´න. කායිකව වගේම මානසිකවත් බලපානවා. මානසික බලපෑම සහ කායික බලපෑම සෘජු ආකාරයෙන් සහ වක්‍රාකාරයෙන් දරුවාට බලපාන්න පුළුවන්. බොහෝදුරට වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට කොවිඩ් වෛරසය වැළඳමේ සම්භාවිතාවය සහ රෝග ලක්ෂණ මතුවීම තරමක් අඩුයි වගේම දරුවකුගෙන් තවත් කෙනෙකුට වෛරසය ව්‍යාප්ත වීම යම් මට්ටමකින් අඩුයි.

  නමුත් වර්තමානයේ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමත් සමඟම දරුවන් අතරත් මේ රෝගය විශාල වශයෙන් පැතිර ගිහින් තියෙනවා. දරුවන්ට කොවිඩ් වෛරසය  වැළඳුණොත්  එහි රෝග ලක්ෂණ වැඩිහිටියන්ට මතුවන රෝග ලක්ෂණ වගේම සමාන වෙන්නටත්, යම් අවස්ථාවල වෙනස් වෙන්නටත් පුළුවන්. මේ වෛරසය වැළඳුනාම දරුවන්ට මතුවෙන  රෝග ලක්ෂණ ගැන කතා කළොත් විටින් විට මතුවන උණ තත්ත්වය යම් අවස්ථාවක වැඩි වීමටත් අඩුවීමටත් පු¨වන්. ඊට අමතරව උගුරේ වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, සමහර අවස්ථාවල බඩ බුරුලට යෑම, බඩ රිදීම, වමනය, සමහර අවස්ථාව දී සමේ යම් ආසාත්මිකතාවයන් මතුවෙන්න පුළුවන්.  අනිකුත් වෛරස් ආසාදන වගේම මේකත් වෛරස් ආසාදනයක්.  මීට අමතරව අලස ගතිය ඇතිවීම, ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම සිදුවෙනවා. ඒ වගේම කිසිම රෝග ලක්ෂණයක් මතු වීම සිදු නොවෙන්නත් පුළුවන්. 

02. දරුවාට කොවිඩ් රෝගය වැළඳීම සම්බන්ධව වෛද්‍යවරුන් මේවන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

දරුවන්ට කොවිඩ් රෝගය ඇතිවීම සම්බන්ධව සහ එය වැළැක්වීම සම්බන්ධව වෛද්‍යවරුන් මේ වන විට ගොඩක් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.  පළවෙනි ක්‍රියාමාර්ගය තමයි සමාජ දැනුම්වත්භාවය ලබා දීම. මෙහිදී විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්න ´න කාරණයක් තමයි  දරුවන් සිටින නිවෙස්වල සෞඛ්‍යය ආරක්ෂාව පවත්වා ගැනීම.  දරුවන් මේ දිනවල නිවෙස්වලම රැඳී සිටින නිසා දරුවෙකුට කොවිඩ් වෛරසය  ආසාදනය වෙන්නේ වැඩිහිටියෙකුගෙන්. ඒ නිසා  වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න. මුඛ ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි අපි කාලයක් පුරා කතා කරපු සෞඛ්‍ය පුරුදුවලට අමතරව විශේෂයෙන් සඳහන් කරන කරුණක් තමයි වැඩිහිටියන් එන්නත්කරණයට යොමු කිරීම. වැඩිහිටියන් සිය¨දෙනා එන්නත්කරණයට යොමුවීම අත්‍යාවශ්‍යම කාරණයක්. වැඩිහිටියන්ගේ සෞඛ්‍යාරක්ෂාව දරුවන්ට සෘජු ආකාරයෙන් මෙන්ම වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරනවා.

දෙවන ක්‍රියාමාර්ගය  තමයි දරුවන්ව එන්නත්කරණයට යොමු කිරීම හා විශේෂිත උපදෙස් ලබා දීම. මෙහිදී වයස අවුරුදු දොළහට වැඩි දරුවන්ව එන්නත්කරණයට යොමු කිරීමට මේ වනවිට පියවර ගනිමින් තියෙනවා. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුගේ සංගමය Sri Lanka college of  Paediatriciansමඟින් විශේෂ උපදෙස් හා නිර්දේශ නිකුත් කරලා තියෙනවා. මෙහි දී විශේෂයෙන්ම  කොවිඩ් 19 වැළඳුණ දරුවෙකු හඳුනා ගන්නා ආකාරය, රැක බලා ගත යුතු ආකාරය මෙන්ම විශේෂිත උපදෙස් හැටියට වයස අවුරුදු දෙකට අඩු දරුවෙක්ට කොවිඩ් වැළඳුණොත් ඒ දරුවාව රෝහල්ගත කළ යුතු බව සහ අවුරුදු දෙකට වැඩි දරුවෙකුට බරපතළ ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් නිවසේ සිට වෛද්‍ය උපදෙස් මත රැකබලාගත යුතු ආකාරය සම්බන්ධව කරුණු දක්වලා තියෙනවා.

තුන්වන ක්‍රියාමාර්ගය තමයි DOC 24 x 7සේවාව. මෙය පැය 24 ම ක්‍රියාත්මකවන සේවාවක්. විශේෂ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයක් හරහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබාදීම මෙම සේවාව හරහා සිදුවෙනවා. විශේෂයෙන්ම කොවිඩ් 19 වෛරසය වැළඳුණු දරුවන්ව රැක බලා ගත යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ලබා ගන්න පුළුවන්. දරුවන්ව කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග තමයි දැනට අරගෙන තියෙන්නේ.

ඒ වගේම අමතක නොකළ යුතු කාරණයක් තමයි අලුත උපන් දරුවන්ට කොවිඩ් 19 රෝගය වැළඳිලා අසාධ්‍ය තත්ත්වයක් ආවොත් රෝහල්වල ළදරු ඒකක ඒ සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දරුවා හොඳ සෞඛ්‍යය තත්ත්වයේ හිටියොත් මවත් සමඟ ම දරුවා බලාගැනීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා.

03. දරුවන්ව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා පවතින විශේෂිත සෞඛ්‍ය උපදෙස් මොනවාද ?

එදිනෙදා සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත්. මීට අමතරව දරුවෙකුට රෝග ලක්ෂණ මතු වීම සම්බන්ධව වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යයි. තද උණ ගතිය, කෑම අරුචිය, පිට කරන මුත්‍රා ප්‍රමාණය අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, වලිප්පු තත්ත්වයක් මතුවීම, මීට අමතරව වෙනත් සංකූලතා පවතින දරුවෙක් නම් විශේෂයෙන් පෙනහ¨ රෝග, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා, වෙනත්  නිදන්ගත රෝග වලින් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන්ට අවදානම වැඩියි.

04. කොවිඩ් රෝගය වසන් කිරීමේ තත්ත්වය නිසා අද වෙනකොට සමාජයේ රෝගය ව්‍යාප්ත වීම වැඩි වෙලා තියෙනවා.

මේ වසංගත තත්ත්වය සම්බන්ධව සමාජය තුළ පවතින කටකතා, රෝගයට ඇති අනිසි බිය, විවෘත්තව කතා නොකිරීම, සමාජය තුළ තනි වේවි යැයි පවතින අනිසි බිය නිසා රෝග ලක්ෂණ වසන් කිරීමට ගොඩක් රෝගීන් පෙළඹිලා තියෙනවා. අද වනවිට දරුවන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදනය වීමටත් මේ තත්ත්වය හේතුවක් වෙලා තියෙනවා.  මෙලෙස රෝගය වසන් කිරීම තුළින් සිදුවෙන්නේ රෝගය ව්‍යාප්ත වීමක් පමණයි. රෝගය වසන් කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඉතා අනතුරුදායකයි. මේ නිසා කල්තියා රෝගය අඳුනගෙන, රෝගයට ප්‍රතිකාර ලබා සුවවීම තමයි ප්‍රතිඵලදායක වෙන්නේ. මෙම රෝගය සම්බන්ධ අනිසි බියක් ඇති කරගත යුතුවන්නේ නැහැ.

ශෂී ගමගේ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

 

 කැලණිය විශ්වවිද්‍යාලය