Image
සමාජයක් තුළ ජීවත්වීමේ දී එක් එක් කාලවලදී අපට විවිධ ව්‍යසන අර්බුද කඩාවැටීම් වසංගත රෝග වලට මුහුණ දීමට සිදුවේ.  මේ තවත් ඒ ආකාරයේ වූ කාලයකි. HIV නැත්නම් ඒඩ්ස් රෝගය හිස ඔසවන කාලයක් නැවත ආරම්භ වෙමින් පවතී. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ඉදිරිපත් කරන දත්ත වලට අනුව වසරේ ගතවූ මාස නමය තුළ ආසාදිතයින් 429  හඳුනාගෙන ඇති බව තහවුරු වේ. 2022 තුළ වාර්තා ඔවුන් ආසාදිතයින් 429 අතර සරසවි සිසුන් දහහතරක් සිටීම මෙහිදී වැඩි අවධානයට ගත යුතු කාරණයකි.
සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රජාව මෙම HIV රෝගයේ ගොදුරක් බවට පත් වී තිබීම හඳුනාගෙන තිබේ. HIV රෝගය රෝග ලක්ෂණ හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා නොගන්නා විට එම පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර දෙකත් හතරත් අතර ඒඩ්ස් අවදි වීම සිදු වේ. මෙහි අවසන් ප්‍රතිඵලය ජීවිතක්ෂයට පත්වීම ද විය හැකිය. තමන් ඒඩ්ස් රෝගියෙකු යැයි නොදැන සිටීම හරහා සමාජය පුරා මෙම රෝගය ව්‍යාප්ත වීම සඳහා ඔබ ද හේතුවක් වීමක් වන බැවින් රෝග ලක්ෂණයන් පිළිබඳ අවධානය ද ඉතා වැදගත් වේ.
 HIV රෝගය බෝවන්නේ කෙසේද?
 අසාදනය වන ප්‍රධාන ක්‍රම 3කි. එනම් HIV  ආසාදිතයකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී යෝනි මුඛ ගුද පිරිමින් සහ පිරිමින් අතර ගුද මාර්ගයේ සිදුකෙරෙන  සංසර්ගයේදී කාන්තාවක් සමග ලිංගික සංසර්ගයේ දී වඩා වැඩි අවධානයක් පවතී. දෙවැනි කාරණය වන්නේ   රෝගියෙකුගේ රුධිරය නිරෝගී ශරීරයකට ඇතුළු වීමෙන් ය. එසේම  ආසාදිත මවකගෙන් උපදින දරුවාට ද ආසාදනය විය හැකිය. ආසාදිත මව්ගෙන් උපදින දරුවාට ආසාදනය වීමට 15%ර ක 45 %‍රක පමණ ප්‍රවණතාවයක් පවතී.
මෙහිදී HIV  ආසාදනය වන තවත් ක්‍රම හදුනාගෙන ඇති අතර HIV වෛරසය ආසාදනය වීමට ආසාදිතයකුගේ රුධිරය  නිරෝගි පුද්ගලයකුගේ ශරීරයට ඇතුළු විය යුතුය. ආසාදනය වූ පුද්ගලයකුගේ ඉතා කුඩා තුවාලයක් හෝ සීරීමකින් ආසාදිත රුධිරය තවත් කෙනෙකු ගේ ශරීරයට ඇතුළු වූ විට HIV ආසාදනය වේ. විශේෂයෙන් රුධිර පාරවිලනයක දී එන්නත් කටු භාවිතයේදී , ශරීර අවයව බද්ධ කිරීම් වලදී ද ආදි වශයෙන් HIV ආසාදනය වීමේ අවදානමක් පවතී.
 මෙයාකාරයෙන් ආසාදනය විය හැකි HIV රෝග වසංගත රෝගයක් මෙන්ම පාලනය කළ නොහැකි සමාජ බියක් ඇති කර ගත යුතු තත්ත්වයක් නොවේ. අනාරක්ෂිත ලිංගික සම්බන්දතා මෙන්ම භාවිතා කරන එන්නත් කටු යනාදිය ජීවන ජීවානුහරණය කිරීමෙන් රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකිය. එබැවින් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නොවේ.
Image
ඒඩ්ස් රෝග ලක්ෂණ මොනවාද ?
ආසාදනය වූ කෙනෙකුගෙන් මතු වන රෝග ලක්ෂණ සුවිශේෂී නැත. ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථා ද වේ. විශේෂයෙන් ම සාමාන්‍ය උණ රෝගයක් වැළඳී අයකු තුළ පවතින රෝග ලක්ෂණ ද පවතී. උණ මස්පිඩු වේදනාවල හිසරදයල උගුරෙහි තුවාල මතු වීමල මුඛය තුළ තුවාල ඇතිවීමල රාත්‍රියට දහදිය දහඩිය දැමීම ලග්‍රන්ථවල ඉදිමීම පාචන ගතිය යන ලක්ෂණ පෙන්නුම් කරයි. සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම HIV රෝගය වාර්තා වීමක්  සිදුවන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලය.
අපි සියලුම දෙනා ම මාස හයකට සැරයක් වත් HIV ටෙස්ට් එකක් කරන්න අවශ්‍ය වේ. එය ලැජ්ජාවකට හෝ උපහාසයකටල අපහාසයකට කාරණයක් නොවේ. මෙම රෝගය පුවත්පත්වල පල කරන තරම් බිය නොවිය යුතු දෙයක් වන අතර නිසි ප්‍රතිකාරයන්ට යොමුවීමෙන් රෝගී තත්ත්වයක් මැඩ පැවත්වා ගැනීමට  හැකිය.
 කෙසේ වෙතත් අපි HIV කෙනෙක් AIDS තත්ත්වයකට යන එක නවත්ත ගැනීම අවශ්‍ය වේ. ඒ එය භයානක තත්ත්වයක් නිසාවෙන් ය .
HIV රෝගය විශ්වවිද්‍යාල සිසුන් තුළ ව්‍යාප්ත වීමේ තත්ත්වය වැඩි අවධානයකට යොමු ගත යුතුය. විශේෂ ම රටේ අනාගතය භාර ගෙන කටයුතු කළ යුතු ප්‍රජාවක් වන විශ්වවිද්‍යාල සිසුන් මෙවැනි ව්‍යසනයන්ට ගොදුරු වීම තුළින් අධ්‍යාපනය මෙන්ම රටක් ජාතියක් වශයෙන් පිරිහීමට ලක් වේ. ආර්ථික අර්බුදය  වැඩි වීමක් මිස අඩු වීමක් නොවනු ඇතග එබැවින් මේ තත්ත්වය ඉක්මනින් ම මැඩ පවත්වා ගැනීමට විශ්වවිද්‍යාල සිසුන්ගේ විශ්වවිද්‍යාල පරිපාලන හා ආචාර්යවරුන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම මුළුමහත් සමාජයේම වගකීමකි .
Image
HIV රෝගීන් සමාජයෙන් ඈත් කළ යුතු ද ?  
කිසිසේත්ම නැත.
ඔවුන් රෝග වාහකයකු වුව ද HIV රෝගය ආසාදනය වන්නේ ආසාදිත රුධිරය නිරෝගී පුද්ගලයකුගේ ශරීරය ඇතුළු වුවහොත් පමණි. එ බැවින් එසේ පිළිකුල් කිරීමක්  , කොන් කිරීමක් නොකළ යුතුය.
 
 විශේෂයෙන් ම කළ යුතු  වන්නේ සොදුරු යෞවන අඳුරු වී යාමට නොදී ලිංගික අධ්‍යාපනය ලබා ගනිමින් අනිත් අයට දැනුවත් කරමින් ජීවත් වීම ය. HIV රෝගයෙන් බේරී සිටීමට පූර්ණ වගකීම තමා සතු වේ.
විශේෂයෙන් ම විශ්ව විද්‍යාල සිසුන් තම අධ්‍යාපන කාර්යය ද අත්හැර දැමීමට සිදු වූ ආකාරයෙන් කටයුතු නොකළ යුතුය. තව සහකාරිය හෝ සහකාරයා පමණක් සමඟ  පැවැත්විය යුතු ලිංගික සම්බන්ධතා සමාජයේ හමුවන ඕනෑම අයෙකු සමඟ පවත්වන ගෙන යාම හරහා HIV  රෝග තමාට ආසාදනය වීම ඔබ විසින්ම සිදු කර ගැනීමකි.
එබැවින් බුද්ධිමත් නිසි අවබෝධයකින් ලිංගික ජීවිතයට ගත කිරීම ඉතා වැදගත්ය. තමාගේ හික්මීම මුළු මහත් සමාජයටත් තමන්ටත් යහපතක්  ගෙන දෙන බව අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලිංගික ජීවිතය ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගීන් වළක්වා ගැනීමට රජය සතු වගකීමක් ද වේ. පාසල් දරුවන්ගේ සිට සියලු දෙනාටම ලිංගික අධ්‍යාපනය රෝග පිළිබද ල රෝග ව්‍යාප්තිය , රෝග මර්දනය යනාදී පිළිබඳ අවබෝධය ලබාදීම වැදගත් වේ. ඊට සුදුසු  වටපිටාවක්  ද නිර්මාණය විය යුතුය. නැත්නම් ආර්ථික අර්බුදය කොවිඩ් වැනි වෛරස රෝග ව්‍යසන මෙන් HIV හේතුවෙන් තරුණ ප්‍රජාව ද ගොදුරක් කර ගනු ඇත. එය වලකා ගැනීම සියල්ලෝම සතු වගකීමකි.
ධනංජනා ප්‍රියමාලි
සමාජීය විද්‍යා පීඨය