Image
කොරෝනා වසංගතය හමුවේ 2020 වසරේ ජනවාරි මස සිට මේ දක්වා මෙරට covid-19 ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 6 කටත් වඩා වැඩි අතර ඒ අතරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව පන්දාහකට වඩා වැඩිය. පසුගිය කාල වකවානුව තුළ එනම් අගෝස්තු - සැප්තැම්බර් මාස වන විට covid -19 වසංගත තත්වය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමකට ගොස් තිබුණත් නැවත මෙරටින් වාර්තාවන Covid-19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පවතින අතරවාරයේ වෛරසය පැතිරීම පහළ මට්ටමක පැවතුණ ද මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි Covid-19 ආශ්‍රිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් පිළිපදින ලෙස හා නියමිත එන්නත් මාත්‍රා හරියාකාරව ලබා ගැනීම ආදී ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
වසංගතය පැතිරීම ආරම්භයේ පටන් වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළ තුළද වසංගතය පැතිරීම ද වසංගතය පැතිරීම ආරම්භ විය. ඒ මෙරට පළමු කොරෝනා ආසාදිත චීන ජාතික තරුණියකගෙ හඳුනා ගැනීමත් සමඟය. මෙරට පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා 2020 වසරේ ජනවාරි 27 වන දින හමුවිය. පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් 2020 වසරේ මාර්තු මස ඳුනාගැනීමෙන් පසු යුද හමුදාපති ප්‍රමුඛ යුද හමුදාව ඇතුළු අදාළ ආයතන සියල්ල මැදිහත්වී නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගනිමින් මෙරට ඇති වූ පළමු කොවිඩ් රැල්ල සාර්ථකව පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ඊට අදාළ බලධාරීන්ට හැකියාව ලැබිණි. දෙවැනි, තෙවැනි covid-19 හේතුවෙන් ආසාදිතයින් හා මරණ සංඛ්‍යා සැලකිය යුතු මට්ටමින් ඉහළ යාමත් පසුගිය වසරේ අවුරුදු සමයට අදාළව පණවා තිබූ සෞඛ්‍ය නීතිරීති සීමා ලිහිල් කිරීමත් නිසා නැවතත්  covid-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළ ගියේය.
ඒ අනුව 2021 වසරේ අග භාගය වන විට covid-19 යළිත් පැතිරීම ඉහළ අගයක පැවතීම හේතුවෙන් දෛනික ආසාදිත සංඛ්‍යාව 5000 ඉක්මවා ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව 100 – 200 ත් අතර අගයක පැවතුණි. 2022 වසර ආරම්භයත් සමග කෝවිඩ්-19 පාලනය වෙනුවෙන් covid-19 එන්නත්කරණ වැඩසටහන, ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම, සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියාමාර්ග ගනු ලැබිණි. ඒ සමඟ දෛනික ආසාදිත හා මරණ සැලකිය යුතු ලෙස අවම අගයක පැවතුන හෙයින් සංචරණ සීමා ලිහිල් කරමින් රට සාමාන්‍යකරණයට ලක් කිරීමට රජය විසින් පියවර ගනිමින් ජනතාවට අවස්ථාව ලබාදුනි.
2022 වසර ආරම්භයේ වසංගත තත්වය පහව යනු ලකුණු පෙන්නුම් කළ ද 2022 වසර අග භාගයේ දී නැවත covid-19 හිස ඔසවන බවට රතු නිවේදන දැනටමත් සෞඛ්‍ය අංශ විසින් දල්වා අවසන්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මෑතක දී පෙන්වා දුන්නේ ලෝකයේ ඇතැම් රටවල අද වන විට covid-19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව නැවත සැලකිය යුතු මට්ටමකින් වැඩි වීම නිරීක්ෂණය වන බවයි. ඒ අතර බොහෝ රටවල covid-19 නව ප්‍රභේද කිහිපයක් හමුවී ඇති බවත් ඒවා දැනට පැතිරෙන සහ පැතිරුණු covid-19 ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන සහ බරපතල සංකූලතා ඇති වීමට හේතුවිය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කර ඇත.
ගෝලීය සෞඛ්‍ය දත්ත අතර ඉහළ යෑමක් සිදුවන සෑම අවස්ථාවකම ද මෙරට covid-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවද ඉහළ යන බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගේපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණයෙන් යුතුව පෙන්වා දෙන්නේ ය.  ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය රතු නිවේදන හරහා පසුගිය අගෝස්තු - සැප්තැම්බර් මාස තුළ වාර්තා වූ covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 100 – 200 දක්වාත් දක්වාත් මරණ සංඛ්‍යාව 05 - 06 දක්වා ඉහළ ගිය බව පෙන්වා දෙයි.
වසංගත තත්ත්වය ඉහළ යාම අවධානයට නතු කර ගනිමින් නියමිත covid-19 එන්නත් මාත්‍රාවන් නොපමාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත. වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ මින් පෙර ලබාගත් covid-19 එන්නත් මාත්‍රා ලබාගෙන වසරකටත් වැඩි කාලයක් ගෙවී ඇති බවත් ඒවායින් ලැබුණු ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලින් මේ වන විට පහව ගොස් ඇති බවත් තෙවැනි, සිව්වැනි එන්නත් මාත්‍රාව නියමිත පරිදි ලබා ලබා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් හා කඩිනමින් සිදුකළ යුතු බවත් ය. වෛරසය වැළඳුණු අවස්ථාවක වුවත් බරපතල සංකූලතා ඇති වීමට, රෝහල්ගත වීමට සහ මරණයට පත්වීමට ඇති සම්භාවිතාව එමගින් අවම කරගත හැකි බවට ද වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණයෙන් යුතුව පෙන්වා දෙන්නේය.
එස්.ඒ.තිලක්ෂි උත්පලා 
විශේෂවේදී දෙවන වසර 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය