සතියකින් ආපස්සට
- කවි
- Hits: 5285

සතියකට දෙකකට
බෙදා ගත් ජීවිතය
කාමරයේ මතක ලෙස
සැගවිලා පවතීවි
සිනාවක් විසි කෙරුණු
සවන් පෙති අද්දරක
මිමිණූව රහස් පෙම්
බස් මුවග ගොළු වේවි
කදුළු කැට දෑස් අග
තවරද්දි කම්මුලක
වෙදැගිල්ල මත සිරවූ
රන් මුදුව කැරකේවි
අහස් කුස සිඹගෙනම
නුඹ යද්දි දුරු රටක
මට ආයෙ බෝඩිමට
පැමිණෙන්න සිදු වේවි
නවෝදා දෙව්මිණි ප්රනාන්දු
ප්රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්යන පීඨය
25 October 2022
ගසක මහිම
13 September 2022
නිහඬ නැගණිය
16 August 2022
The cocoon
08 May 2025
අප්පච්චි…
25 October 2022
ගෙවී ගිය කොහුමිට
18 April 2023
පැතුමන්
17 January 2022
පිරිමැදුම්


