කළු සුදු චරිත...
- කවි
- Hits: 6400

ගව් ගනන් දුර ඇවිද යන්නට
වරම් ලද මේ මනුසත් භවේ
රැගුවේ කළු, සුදු චරිත දෙකක් ලෙස
කවුරුත් නොදන්නා ජීවන රගමණ්ඩලේ...
නොයෙක මල් පිපී සුවද පතුරයි දස අතේ
ඇත සුදු චරිත දුලභයි මේ අයුරින් මනුසත් භවේ
ගුණ සුවද දෙක එකට ගෙන එයි, ඔවුන් සුවදයි මල් සේ
හමු නොවේ කිසිදු සසරක පිනක් නොකළොත් කිසිදිනේ...
තවත් මලෙක ඇත දුගදවත් වූ අදුරු පැහැය
කියාගන්නට බෑ එහි ඇති විෂ කටු ගතිය
පාරවයි සැම අයගේ හදවත් එයයි උන්ගේ දුගණ ගතිය
වීය කළු චරිතයක් නම් එයයි උන්ගේ ජන්ම ගතිය...
ඩබ්. පූර්ණා සෙව්මිණි
ප්රථම වසර
මානව ශාස්ත්ර පීඨය.
10 October 2023
බක්මී හසරැළි
03 August 2022
අමදිනි
17 January 2022
නොපායන දේදුන්න
10 August 2022
සබ්බං පහාය ගමනීයං!
27 July 2022
අත්හරිනු ද?
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...
10 October 2023
සඳ අයිති අහසට ආදරෙන්..


