සුව අරණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සමාජයක් තුළ ජීවත්වීමේ දී එක් එක් කාලවලදී අපට විවිධ ව්‍යසන අර්බුද කඩාවැටීම් වසංගත රෝග වලට මුහුණ දීමට සිදුවේ.  මේ තවත් ඒ ආකාරයේ වූ කාලයකි. HIV නැත්නම් ඒඩ්ස් රෝගය හිස ඔසවන කාලයක් නැවත ආරම්භ වෙමින් පවතී. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ඉදිරිපත් කරන දත්ත වලට අනුව වසරේ ගතවූ මාස නමය තුළ ආසාදිතයින් 429  හඳුනාගෙන ඇති බව තහවුරු වේ. 2022 තුළ වාර්තා ඔවුන් ආසාදිතයින් 429 අතර සරසවි සිසුන් දහහතරක් සිටීම මෙහිදී වැඩි අවධානයට ගත යුතු කාරණයකි.

සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රජාව මෙම HIV රෝගයේ ගොදුරක් බවට පත් වී තිබීම හඳුනාගෙන තිබේ. HIV රෝගය රෝග ලක්ෂණ හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා නොගන්නා විට එම පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර දෙකත් හතරත් අතර ඒඩ්ස් අවදි වීම සිදු වේ. මෙහි අවසන් ප්‍රතිඵලය ජීවිතක්ෂයට පත්වීම ද විය හැකිය. තමන් ඒඩ්ස් රෝගියෙකු යැයි නොදැන සිටීම හරහා සමාජය පුරා මෙම රෝගය ව්‍යාප්ත වීම සඳහා ඔබ ද හේතුවක් වීමක් වන බැවින් රෝග ලක්ෂණයන් පිළිබඳ අවධානය ද ඉතා වැදගත් වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වර්තමානයේ ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් තිබෙන බව එදිනෙදා ප්‍රවෘත්ති දකින විට අපට තෙරුම් ගත හැකියි. අපාරාධ, මිනිමැරීම්, අපයෝජන, සිය දිවි නසා ගැනීම් යනාදි නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක් නීරීක්ෂණය කළ හැකියි. එබැවින් මීට හේතු වන කාරණා සොයා බලා, පවත්නා අර්බුද තත්වය අවස්ථාවක් කරගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට කාලය එළඹ ඇත. මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්යය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

වර්තමානයේ ශ්‍රී ලංකේය ජන සමාජය තුළ මානසික ආතතිය වේගයෙන් වර්ධනය වීමේ ස්වභාවයක් දැක ගත හැකියි, මේ සඳහා බලපාන හේතු මොනවාද? 

මේ වන විට මිනිසුන් තුළ මානසික ආතතිය ඉතා වේගයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. මෙම වැඩි වීමට වර්තමානයේ අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ප්‍රධාන හේතුවක්. මෙය අපේ රටේ පර්යේෂණ සාධක මඟින් තහවුරු කර නොමැති වුවත් ලෝකයේ කුමන හෝ රටක ආර්ථික අර්බුදයක් පැවතුණොත් එය අනිවාර්යෙන්ම ඒ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපානවා. විශේෂයෙන් ම මෙවැනි රටක ආතතිය, විශාදය හා සිය දිවි නසා ගැනීම් වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මොකද ආර්ථික අර්බුදයක් ඇති විට මිනිසුන්ගේ රැකියාවන් නැති වෙන්න පුළුවන්. රැකියාවක් අහිමි වෙනවා කියන්නේ පවුලක සමස්ත ආර්ථිකයම බිඳ වැටෙනවා. රැකියාවක් තිබෙන පුද්ගලයෙකුගේ වුවත් රැකියාවේ සුරක්ෂිතභාවය අඩුයි. එම අවධානමත් මානසික සෞඛ්‍යට අහිතකරයි. අනිත් කාරණය තමයි පවත්නා රැකියාවෙන් උපයන මුදලින් තමන් බලාපොරොත්තු වන ජීවන රටාව පවත්වාගෙන යන්න නොහැකි වීම. ආර්ථික අර්බුදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළයි. තමන් හුරු වී සිටින ජීවන රටාව අහිමි වීමත් මානසික සෞඛ්‍යට හොඳ නැහැ. විශේෂයෙන ශ්‍රී ලංකාවේ සෑම තරාතිරකම සිටින පුද්ගලයින්ට ඉස්සර ගත කරපු ජීවන රටාව දැන් ගත කරන්න බැහැ. ඒ නිසා මානසික ආතතිය හා අනෙකුත් මානසික රෝග ඇති වීම වැඩි වෙලා තියෙනවා.

                                     

තරුණ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මානසික සෞඛ්‍ය බලපාන්නේ කොහොමද? 

විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ පවත්නා අවිනිශ්චිතභාවය හා විරැකියාව මානසික සෞඛ්‍යට අහිතකරව බලපෑමෙන් සමාජයේ නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීම සිදු වෙනවා. ආර්ථික අර්බුදය ඇති වීමට විවිධ හේතු බලපෑවත් ඒ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි වුණාම මිනිසුන් කලකිරීමට පත් වෙනවා.  එතකොට ඒ ඉච්ඡාභංගත්ව පීඩනය පිට කරන්නේ වෙන කෙනෙකු පිටින්- ඒ නිසා ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙනවා. තරුණයින් අතර කෑකෑරෙන තරහ පිටකරන්න විදියක් නැතිකොට පවුල තුළ හෝ මහමඟ හෝ සමාජයේ ඕනම සම්බන්ධතාවක ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම  මධ්‍යම පංතිය නියෝජන කරන පිරිස තුළ ඇතිවන උගත් අසරණභාවය ප්‍රචණ්ඩත්වයේ විවිධ මුහුණුවර තුළින් මතු වෙනවා. 

අරමුණු බිඳ වැටීම නිසාත්, ඉච්ඡාභංගත්වය නිසාත් තරුණ උගත් පිරිස රට හැට යනවා. රට හැර යාමට නොහැකි උගත් පන්තිය අසරණ වීමෙන් ආතතිය වැඩි වීමටත් ඉන් විශාදය ඇති වීමටත් ගොදුරු වෙනවා. අනෙක් අතට ආක්‍රමණශීලීත්වය හා සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. කොහොමත් ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක හිටියේ. ඒක දැන් තව දුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි සමාජය තුළ මානසික ආතතිය වැඩි වන විට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වර්ධනයක් දකින්න පුළුවන්. මින් තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධවලට යොමු වීමත් වැඩි වෙනවා. එවගේම පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. දික්කසාද වීම් වැඩි වෙනවා. විවාහ සංස්ථාව බිඳ වැටීමට ලක් වෙනවා.

 

සමාජයේ අපරාධ හා මනුෂ්‍ය ඝාතන වැඩි වීම මානසික ආතතිය වැඩි වීමේ ප්‍රතිපලයක් ද?

ආර්ථික අර්බුදය නිසා ඇති වන මානසික ආතතියෙන් පුද්ගලයින්ට චිත්තවේග යාමනය කිරිමේ හැකියාවට බලපානවා. එවිට ආවේග පාලනය කරගැනීමට නොහැකි වෙනවා. මේ නිසා තමයි තෙල් පෝලිම්වල, මහා මාර්ගය තුළ අහිංසක මිනිසුන් ඝාතනය වුණේ. සිත ඇතුළේ කෑකෑරෙන් තරහ පාලනය කරගන්න නොහැඛි වීම පිට වෙන්න වෙන කෙනෙකුගේ පිටින්. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමේන් නොයෙකුත් ආකාරයේ අපරාධ කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම වැඩි වීම දකින්න පුළුවන්. දිනපතා ප්‍රවෘත්ති බැලුවම මේක පහැදිලිව පේනවා.

 

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සමාජය තුළ වැඩි වීම පාලනය කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම යෝග්‍යද? 

යම්කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා දඬුවම් පැමිණ වීමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් එය කෙටිකාලීන විසඳුමක් විතරයි. දිගුකාලීන විසඳුමක් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් යම් පිරිසක් ප්‍රචණ්ඩ ක්‍රීඩා නොකර ඉන්න පුළුවන්. නමුත් එය තාවකාලික පැලැස්තරයක්. මිනිස්සු සතුටින් ඉන්න නම් ආර්ථිකය ගොඩනගන්න ඕනේ. නමුත් එය එකවර කරන්න බැහැ.  කෙටි කාලීනව සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කරන්න ඉක්මණ් වැඩපිළිවෙළක් අවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක කළා කියලා ඔක්කොම සිර ගෙවල් අපාරාධකරුවන්ගෙන් පිරෙන් එක නෙමෙයි වෙන්න ඕනේ. සිර ගෙවල් වසන මට්ටමට සමාජය ගෙන යන එක.

 

විශ්වවිද්‍යාලවල, පාසල්වල හා පෙර පාසල්වල අධ්‍යාපන හදාරන දරුවන්ගේ ආතතිය වැඩි වීමත් දකින්න පුළුවන් නේද?

ඔව්. දරුවන්ගේ විතරක් නෙමෙයි අපි හැමෝටමත් තියෙන්නේ දීර්ඝ කාලීන මානසික ආතතියක්. මේ ආර්ථික අර්බුදය පැමිණෙන්න ඉස්සර අපි හැමෝම කොවිඩ් වසංගතය නිසා බැට කෑවා. කොවිඩ් නිසා අපේ තිබුණ ජීවන රටාව සෑහෙන්න වෙනස් වුණා. කොවිඩ් ඉවර වෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉඳලා, ඒක යම් ප්‍රමාණයකට විසඳුන ගමන් ආර්ථික ප්‍රශ්නය ආවා. මේක ඉක්මණින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි. මේ දීර්ඝ කාලීන ආතතිය අපි හැමෝටම එක එක විදියට බලපානවා. විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය පිට කරන්න විදියක් නැහැ. ඒ නිසා ආක්‍රමණශීලීත්වය වැඩියි. ආවේග පාලනය කරන්න අමාරුයි. සමහර දරුවන්ට වර්ධන තත්වය, භාෂා කුසලතාව අනුව හා මානසික ස්වභාවය අනුව තම හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව අඩුයි. ආර්ථික ප්‍රශ්න නිසා දෙමාපියන්ගේ ආතතියත් ඔවුන් දකිනවා. සමහර විට වෙනදා නොලැබුණ කෑම බීම අරන් දෙන්න දෙමාපියන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. මුදල් හොයන්න මහන්සි වෙන නිසා දරුවන් වෙනුවෙන් වෙන් කරන කාලය අඩු වෙන්න පුළුවන්. පවුල තුළ මානසික සෞඛ්‍යත් දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපානවා.  මේ නිසා දරුවන් තුළ  ආහාර ගැනීමේ විශමතා, නිදා ගැනීමේ ගැටලු, අධ්‍යාපන කටයුතු අඩාල වීම් හා චර්යාත්මක අක්‍රමිකතා ඇති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වසර දෙකකට ආසන්න කාලයක් මාර්ගගත අධ්‍යාපනයට යොමු වෙලා හිටියේ. ඔවුන් තුළ ද අධ්‍යාපන කටයුතු නිසාත්, ආර්ථික හා අනෙකුත් ගැටලු නිසාත් මානසික ආතතිය වැඩි වීමක් තිබෙනවා. මේ තත්වය විශාදය, සිය දිවි නසා ගැනීම් දක්වා දුර ගිහින් තිබෙනවා.  

 

සමාජය තුළ මානසික සෞඛ්‍ය නගා සිටුවන්න අපිට කරන්න පුළුවන් දේ මොනවාද?

මේ සඳහා මූලිකත්වය ගත යුතු පාර්ශව කිහිපයක් සිටිනවා. රජය, ආගමික නායකයින් ගා උපදේශන සේවා ඊට උදාහරණ. රජයක් විදියට පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම. ඒ සමඟම රටේ ජනතාවගේ  මානසික සෞඛ්‍ය නගා සිටවන්න හැකි ක්‍රියාමාර්ගත් ගත යුතුයි. මනෝ චිකිත්සකවරුන්ගේවරුන්ගේ අවධානයත් මේ සඳහා යොමු වෙලා තියෙනවා. පවුල් උපදේශන කටයුතු ද පුළුල් කළ යුතුයි. සෑම පවුලක්ම ඒකකයක් විදියට ගෙන ඔවුන් තුළ දරාගැනීමේ හැකියාව, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කළ යුතුයි. මේ අර්බුදයට අනුවර්තනය වීම නොවෙයි කළ යුත්තේ. අපේ රටේ දරා ගැනීමේ හා මුහුණ දීමේ ස්වභාවය මඳක් වෙනස්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ මොන ප්‍රශ්නය ආවාත් ඒකට පුරුදු වෙන එක. නමුත් එය නොවෙයි කළ යුත්තේ. ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් නොසිට අපි කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා ඊට සක්‍රීයව ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.  ආගමික ආයතන හා නායකයින් මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවය වැඩි කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. සහන මලු, සහනාධාර ලබා දීම විතරක් නොවෙයි මනසික සුවය වඩවන, උසස් විශාන්ත්‍රිය ඇති කරන වැඩසටහන් ප්‍රචලිත කළ යුතුයි. මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලියට අනුව එහි පළමු මට්ටමේ තිබෙන මූලික අවශ්‍යතා සපුරන ගමන් මානසික සෞඛ්‍ය ඉහළ නංවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට මේ ස්වභාවය පිළිබඳ දැනුම්වත් කළ යුතුයි- පෙර පාසල්වලත්. පාසල් ළමුන් තුළත්, විශ්වවිද්‍යාල තුළත් මානසික සෞඛ්‍ය ඉහළ නංවන ව්‍යාපෘති දියත් කළ යුතුයි.

 

අමානි ඉරේෂිකා රූපසිංහ

 

(මෙම ලිපිය 2022 සැප්තැම්බර් 26 දින මව්බිම පුවත්පතේ 04 වන පිටුවේ පළවුණි.)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

හැමෝම කියන මිග්‍රේන් (Migraine) ගැන පුංචි දැනුවත් කිරීමක් තමයි මේ,

සමහර අයට මේ හිසරදය කොච්චර වේදනාවක්ද කියනව නම් මනුස්සයෙක් පිහියකින් ඔලුවට අනිනව වගේ දැනෙනවා කියලා කියයි. කවුරු හරි ඔලුවට පොල්ලකින් ගහලා වගේ දැනෙනවා කියලා කියයි. ඒක දන්නේ හැදුන කෙනාම තමයි ඉතින්……….

මේක ටිකක් සුලබ තත්වයේ බොහෝදෙනකු පීඩා විඳින රෝගයක්. ඒ හිසරදය එන්නෙ නිකන්ම නෙවෙයි. ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ෂණත් එක්ක.මෙම රෝගයට ගොදුරුවන්නේ වැඩි පිරිසක් කාන්තාවන්ය. ඇතැම් අයට පරම්පරා රෝගයක් ලෙසද මෙය ඇතිවනවා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දරුවකු මෙලොව එළිය දුටු පළමු දින සිට ඔහු හෝ ඇය ක්‍රම ක්‍රමයෙන් සමාජ ගත වේ. එය සෑම මනුෂ්‍යකුගේම ස්වාභාවයයි.   මිනිසුන් වන අප හට සාමාන්‍යෙන් එකට එකතු වී ජීවත් වීමට , කාලය ගෙවීමට සිදු වේ. යම් පුද්ගලයකුට දිනපතා මුණගැසෙන පිරිස සහා ඔහුගේ සමාජ ජාලය ජීවිතයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය.  මනෝවිද්‍යානුකූලව විවිධ පුද්ගලයන්ට විවිධ ලෙස මානසික අක්‍රමිකතා ඇති වේ. එය ඔබටත් මටත් සැමටම පොදු කරුණකි.  එහි දී සමාජයේ ජීවත් වීමේ දී විවිධාකාර වශයෙන් භීතිකාවන් ඇති වේ. එය මනෝ විද්‍යාවට අනූව මිනිසුන් බොහෝ දෙනෙකු පීඩා විදින මානසික රෝගයක් ලෙස සැලකේ. යම්කිසි දෙයක් හෝ අවස්ථවක් කෙරෙහි දක්වන අසාමාන්‍ය අධික බය නිසා අත්‍යවශ්‍ය දේවල් හෝ අවස්තා පවා මඟ හැරීම භීතිකාව ( Phobia ) ලෙස හඳුන්වයි.  එය ග්‍රීක භාෂාවෙන් Phobos යන වචනයෙන් බිදී විත් ඉංග්‍රීසී භාෂාවේදී Phobia යන වචනය නිර්මාණය වී අත.   මෙම සමාජ භීතිකාව ඉතා කුඩා බියකින් ආරම්භ වී උග්‍ර ලෙස වර්ධනය වීම සිදු වේ. සාමාන්‍යෙන් පුද්ගලයෙකු හේතුවක් රහිතව යම් දෙයකට අධික බියක් දක්වන්නේ නම් එය මෙම රෝගයේ ලක්ෂණයි. එම භීතිකා වර්ග ගණනාවකී. සාමන්‍යයෙන් ලෝකය තුළ මනෝවිද්‍යානුකූලව තහවුරු කර ගත් දුර්ලභ භීතිකා 70 ක් පමණ ඇති බව සොයා ගෙන අත.  ඒ අතරින් සමාජ භීතිකාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන්  වර්ධනය වෙමින් පවතින තත්ත්වයකි.  මෙහි දී සාමාන්‍යයෙන් මනුෂ්ශ්‍යකුට සභාවක් ඉස්සරහ කතා කිරීමට, රංගනයක් ඉදිරිපත් කිරීමට , ගීත ගායනයට , නාඳුනන පිරිසක් හමු වන විට , සම්මුඛ පරික්ෂණයකට යන විට,  ආදී ක්‍රියා තුල දී සාමාන්‍යයෙන් යම් සබකෝලයක් ඇති වේ. එය ඕනෑම අයෙකුට තිබිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. නමුත් සමාජ භීතිකාව මෙම සබකෝලයෙන් එහා ගිය කාංසාමය තත්ත්වයකි.  එනම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ආයුබෝවන්! යනුවෙන් සදහන් කිරිමෙන් මතකයට නැගෙන්නේ දීර්ඝායුෂ ප්‍රර්ථනාවයි. සුවදායික සෞඛ්‍යවත් ජීවිතයක් ළගා කර ගැනිම අප කාගෙන් අරමුණයි. බුදුන් වහන්සේගේ දේශනාවලි දි ද නිරෝගික උතුම්ව ලාභයයි යන්නේ සඳහන්ව ඇත. එය  “ ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් දැක්වේ. නිරෝගිමත් ජිවිතයක් ගොඩනැගෙන්නේ පෝෂ්‍යදායි සෞඛ්‍යවත් ආහාරවේල් තුළිණි. මානව ශාරිරයේ පැවැත්ම ආහාර මත සිදු වන්නකි. කායික ශක්තිය ගොඩනාගා ගැනිම ‚ මානසික ශක්තිය වර්ධනයට උපකාරි වේ. කායික හා මානසික ශක්තියේ පිරිපුන් බවින් බුද්ධිමත් පුරවැසියන් බිහි වේ. බුද්ධිමතුන් නිර්මාණය කිරිම විශ්වවිද්‍යාල පද්ධතිය හරහා සිදු වන්නකි. උගත් බුද්ධිමත් උපාධිදාරියා කිසිදු අඩුවකින් තොරව නිර්මාණය වන බව අප කවුරුත් දන්නාවු කරුණකි. එහෙත් එසේ තැනෙන උපාධිදාරියා යම් දිනෙක රෝගියෙක් නම් රටේ අනාගතයට හිමිවන ඉරණය කෙතරම් ශෝකාන්විතද ? මේසේ සිදු වන්නේ විශ්වවිද්‍යාල ව්‍යුහයේ ඇති වැරැද්දක් නිසාද එසේ නොමැතිනම් අධ්‍යානයේ වැරද්දක් නිසා ද  යන්න තේරුම්ගත නොහැක්කකි.

තරඟකාරි අධ්‍යපාන රටාව ශෝකනීය අනාගතයට වගකිම් යුතුය. එහෙත් වගකීමක් දරන්න සුදානම් වන උපාධිදාරියා ඛේජනක අනාගතතය වගකිය යුතුය. මන්ද තරඟකාරි අධ්‍යාපනයට ඇති ලොල් බව නිසා තමන් පිළිබඳව වග බලා ගැනිමට අසමත් වී ඇත. අධ්‍යාපනයම සාර්ථක ජීවිතයක් මං මාවතක් නොවන නිසාය. ප්‍රතීමත් සුවදායක ජීවිතයකට සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඉතා වැදගත් වේ. විශේෂයෙන් සරසවි සිසුන් තුළ දක්නට ලැබෙන ගැටලුව වන්නේ ක්‍රමවත් ආහාර ගැනිම පැහැර හැරීමයි. අධ්‍යන කටයුතු සඳහා කාලය වැය කිරිම පමණක් සිදු කරයි. එමගින් ආහාර ගැනිම අතපසු කරනු ලබයි. එසේත් නොමැතිනම් ඇතැම්හු ක්‍රමවත් ආහාර ගැනිම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ අද වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය නිසා විය හැකිය. ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාමත් නිසා දෛනික ජීවන වියදම අහස උසට නැගි ඇති බව සත්‍යයකි. මේ තත්ත්ව හමුවේ පෝෂදායි ආහාර වේලක් පසුරා ගැනිමට නොහැකි විම ද සාධාරණය. එහෙත් ඒ සාධාරණ ආසාධාරණ යන්න නිර්ණය කිරිම ප්‍රතිඵලදායකි නොවන්නකි. මන්ද දිගුකල් පැවැත්ම උදෙසා ශක්තිමත් ශාරිර සෞඛ්‍යයක් තිබිම විද්‍යාර්ථියාගේ අනාගත සඵලදායි කරවන්නක් විමය.

බුද්ධිමත් වුවත් රටට ප්‍රයෝජයද රෝගීයෙක්. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කාල පරාසය තුළ තම ශාරිර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරිම  වැදගත්ය. රටේ පැවැත්ම රඳාපවතින්නේ තරුණ්‍ය මතය. රටේ තරුණ්‍ය ශක්තිමත් නම් රටේ අනාගතය පැහැදිලිය. එසේ නොමැතිව බුද්මත්තුන් වෙනුවට රෝගින් බිහි වුවහොත් ජීවත් වීමටවත් රටක් ‚  අනාගතයක් අහිමිව යනු ඇත. දෛනිකව නිසි වේලට නියමිත ආහාර වේල් ලබා ගනීමින් පිරිහෙමින් යන ශාරිර සෞඛ්‍ය රැක ගැනීම කළ යුත්තකි. මුතුන්මිත්තන්ගේ සාම්ප්‍රදායික ඥානයේ පවසන්නේ ද එවැන්නකි. මානව ශාරිරයට ආහාර වල ඇති වැදගත්කම ඔවුන් ප්‍රාමාණීකව කටකතා ඔස්සේ සමාජ ගත කර ඇත. එනම් උදෑසන ආහාරය රාජභෝජයක් පරිද්දෙනුත් ‚ දහවල් ආහාරය ඇමතිවරයෙකුගේ භෝජනයක් ලෙසත් ‚ රාත්‍රී ආහාරය හිගන්නෙක් ලෙසත් ලබා ගත යුතුය යන්නෙන් අදහසක් සමාජය ගත කර ඇත. ඔවුන් මෙවන් අදහස් දක්වන්නේ විද්‍යාත්මක සාධත හෙන හැර නොදක්වමිනි. ඔවුන්ගේ අත්දැකිම් පදනම්ව මෙවැනි දේ සමාජ ගත කර ඇත්තේ අනාගත සුභ සිද්ධිය උදෙසාය.

වසරක් පසා උගත් විදවතුන් බිහි කරමින් අනාගතය සවිශක්තිමත් කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියයි. විද්‍යාර්ථයන් යන්ත්‍රියක් ලෙස කටයුතු කරමින් සිය ශාරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් අනාගත සමාජය මානසික ශක්තිය මෙන්න කායික ශක්තිය හීන වෙමින් අඩු අයුෂ හිමි පරපුරක් බිහි වීම සිදුවේ. එමගින් මානව පැවැත්ම ට හානියක් සිදු වේ. මෙවැනි අපදාවන් සිදු වීමට මතතෙන් නිසි අයුරින් සෞඛ්‍ය පවත්වා ගනිමින් අධ්‍යනයන් වල නිරත වීම විද්‍යාර්ථයන්ගේ යුතුකමක් හා වගකිමක් වේ.

 

තමාෂා සෙව්වන්දි

විශේෂවේදි දෙවනි වසර

ජන සන්නිවේදන අධ්‍යනාංශය

සමාජීය විද්‍යාපීඨය

 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලංකාවේ වාර්තාවන මදුරුවන්ගෙන් බෝවන රෝග අතර ප්‍රධානතම රෝගය වන්නේ  ඩෙංගු රෝගයයි.ලොව පුරා මෙන්ම ලංකාවේද ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි.ලංකාවේ වසරකට දහස් ගණනක් පුද්ගලයින් ඩෙංගු රෝගයෙන් පීඩාවිදිති. 2022 වසරේ මුල් මාස 8 තුළ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බව වාර්තාවල දක්වා තිබේ.මෙලෙස ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ,ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සමඟ සිදුකළ සංවාදය ඇසුරින් සකස් කළ ලිපිය.

 

මේ දිනවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා,මේ සඳහා බලපාන හේතු මොනවාද?

 

ඩෙංගු රෝගය වසංගත ආකාරයෙන් පැතිර යාමේ ප්‍රවණතාවයක් තමයි බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ.මේක හැම වසරකම සිදුවන්නේ නැහැ සාමාන්‍යයෙන්.වසර තුන හතරකට තමා සිදුවන්නේ.මේ වසරේ විතරක් නෙවෙයි, මොන වසරක වුණත් සැප්තැම්බර්,ජූනි, ජූලි මාසවල ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

විවිධ හේතුමත වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවන බව වාර්තා වේ.මේ අතරින් හෘදයාබාධවලට ලක්වන පිරිස 20%කින් පමණ ඉහළ ගොස් ඇති බවට පසුගියදා සෞඛ්‍ය අංශ වාර්තා කර තිබිණි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු සහ හෘදයාබාධ අවදානම අඩුකර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ මහාචාර්ය, කායික  රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය චමිලා මෙත්තානන්ද මහත්මිය සමඟ කරන ලද සාකාච්ඡාවකි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 

හිතකර ශරීර සෞඛ්‍යයක් මෙන්ම නිරෝගී දිවිපෙවෙතක් අප හැමදෙනාම බලාපොරොත්තු වන්නකි. ඒ සඳහා සමබර ආහාර වේලක් ආහාරයට එකතු කර ගැනීම අවශ්‍ය වේ. සමබර ආහාර වේලකට ඉවහල් වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් , විටමින්, ලිපිඩ, ඛනිජ ලවණ සහ තන්තුමය ආහාර කාණ්ඩ යටතින් විශේෂයෙන්ම විටමින් සපිරි ආහාර අප කෑම වේලකට එකතු කර ගත යුතු බවට වෛද්‍ය නිර්දේශයන් තුළ පවා වැඩි කතාබහට ලක්වන්නකි.

සිරුර තුළ සිදුවන්නා වූ ජීව ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා උපකාරී වන විටමින්, වයිටල් + ඇමීන් ( VAITAL + AMIN ) එනම් අත්‍යවශ්‍ය ඇමීන් යන අරුත ඇතිව විටමින් යන වචනය නිර්මාණය වී ඇත. A, B ,C ,D ,E ,K යන කාණ්ඩ ගණනාවක් ඔස්සේ වර්ගීකරණයට ලක් වන විටමින් අතරින් ශරීර වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ප්‍රධාන සංඝටකයක් ලෙස විටමින් D පිළිබඳව මෙම ලිපියෙන් වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරේ.

රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කරනු ලබන හෝමෝනයක් ලෙස විටමින් D හඳුන්වනු ලැබේ. අප ගනු ලබන ආහාර ශරීරයට අවශෝෂණය කර ගැනීමේ කාර්යයට ප්‍රධාන දායකත්වයක් සපයනු ලබන විටමින් D විශේෂයෙන් ආහාරවල අඩංගු කැල්සියම් හා පොස්පරස් සිරුරට අවශෝෂණය කොට ශරීරයේ අක්ෂි  සහ දත් ශක්තිමත් කරමින් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියටද සහය දක්වනු ලබන පෝෂකයක් ලෙසද හඳුනාගත හැකිය.

විටමින් D ශරීරයට ලබාගත හැකි ක්‍රම

10 October 2023
03 August 2023
03 August 2023
06 June 2023
06 June 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search