සුව අරණ

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පසුගිය දිනවල ඩෙංගු රෝගින්ගේ ඉතා ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබිණි.මේ කොවිඩ් වැනි  වෙනත් වෛරස් රෝග පැතිරීම හේතුකොටගෙන ඩෙංගු රෝගීන්  ජීවිත අවදාමක් ඇතිවනතුරුම නිවෙස්වලටම වී සිටිමේ අවදානමක් ඇත. මේ නිසා  කොවිඩ් සහ ඩෙංගු රෝග අතර ඇති වෙනස, ඩෙංගු රෝගය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය  පීඨයේ කායික වෛද්‍ය අංශයේ මහාචාර්යය රන්ජන් ප්‍රේමරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


වර්තමානයේ වෙනත් වෛරස් රෝග හේතුකොටගෙන ඩෙංගු ප්‍රශ්නය අමතක වී ඇති බවක් පේනවා...


ඩෙංගු වයිරස් ප්‍රභේද හතරම ලංකාවේ තියෙන නිසා  ඕනම අවස්ථාවක ඕනම වෙලාවක ඩෙංගු රෝගය මතු වෙන්න පුළුවන්.බොහෝවිට අපි දැකලා තියෙන්නේ වැස්ස කාලෙකට පස්සේ තමයි ඩෙංගු රෝගය මතුවෙන්නේ සහ පැතිරෙන්නේ. ඒකට හේතුව තමයි ඩෙංගු මදුරුවන් බිත්තර දාන්නෙ වතුර තියෙන තැනක. ඒකෙන් ප්‍රධාන තැනක් ගන්නවා නිවෙස් ආශ්‍රිතව වතුර රැඳී ඇති තැන්.බොහෝවිට කුඩාවට වතුර  ඇති තැනක බිත්තර  දාන්න පුළුවන්.ඩෙංගු මදුරුවාගේ පියාසර කළ හැකි පරාසය  සාමාන්‍යයෙන් මීටර් අටසීයක් විතර ප්‍රමාණයක්. වැඩි පරාසයක්  පියාඹන්නේ  නැති  නිසා නිවෙස් ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝ වෙලා  දෂ්ඨ කිරීමෙන් තමයි ඩෙංගු  බෝ වෙන්නේ. ඩෙංගු මිනිසකුගෙන් මිනිසකුට බෝ වෙන්නේ නෑ.‍


ඩෙංගු මදුරුවා ලේ උරාබොන  කාලය විශේෂිතයි නේ ද?


බොහෝවිට ඩෙංගු මදුරුවා ලේ බොන්නේ උදේ වරුවේ  පැය කිහිපයක සහ  හවස පැය කිහිපයක කාලයක. රෑට නිදා ගන්නෙකාට මදුරුවන්ගෙන් බේරෙන්න  අපි නෙට් එකක් දාගන්න  පුළුවන්. හැබැයි නෙට් එකක් දා ගත්තා කියලා ඩෙංගු අවදානම නැති වෙන්නේ නෑ.මොකද ඩෙංගු මදුරුවන් ඒ්  වෙලාවට නැති නිසා.‌මේ මදුරුවා කනකොට එච්චර තේරෙන්නෙ නෑ.  ඒ්  නිසා හුඟක් වෙලාවට  කෑවද  නැද්ද කියලා  දන්නෙත් නෑ. අනෙක් ප්‍රධාම  දේ තමයි ඩෙංගු  පතුරුවන ගැහැනු මදුරුවා කෙටි කාල පරාසයකදි ඉතා ඉක්මනින්ම කීප දෙනෙකුට දෂ්ඨ  කරන්න පුළුවන්. ඒ නිසා  එක ඩෙංගු මදුරුවෙක් හිටියොත්   එයාට පුළුවන් කිහිප දෙනෙකුටම එකම වෙලාවට ලෙඩේ පතුරුවන්න. 


ඩෙංගු සහ  කොවිඩ්  රෝග ලක්ෂණ ඒක සමාන ද?


ඉස්සෙල්ලම ඩෙංගු පටන් ගත්තේ කොළඹින්.  එහෙන්  තමයි අනෙක් ප්‍රදේශවල පැතිරිලා ගියේ.  ඒ් නිසා අද වනවිට  මුළු ලංකාවම වගේ ඩෙංගු එකම විදිහට තියනවා .මේ අවස්ථාවේ  කොවිඩ් අවදානමක් තියෙන   නිසා රෝග ලක්ෂණ පැටලෙන්න පුළුවන්.  උණ ඇඟ පත අමාරුව කැස්ස උගුරේ වේදනාව කොවිඩ්වල රෝග ලක්ෂණ.එම රෝග ලක්ෂණම  ඩෙංගුවලටත්  තියෙනවා .තදේට ඇඟ රිදෙන්න පටන් ගන්නවා, තදේට හන්දි කැක්කුම ඇතිවෙනවා, තදේට උණ තියනවා. එම නිසා මේ රෝග දෙකේම එකම  රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. කොවිඩ්වලදි  දී ටිකක් කැස්ස තියෙනවා .ඉස්සර අපි හිතුවා  ඩෙංගුවලින් කැස්සක් එන්නේ නැහැ කියලා නමුත් ඩෙංගුවලත් සමහරවිට කැස්ස තියෙනවා. මේ නිසා මේ රෝග දෙක හඳුනාගන්න බොහොම අමාරුයි. 


කෝවිඩ් සහ ඩෙංගුවල දී අසාධ්‍ය තත්වයන් පෙන්නුම් කරන්නේ කොහොම ද?


මේ රෝග දෙකම අසාධ්‍ය  තත්ත්වයට යන්න පුළුවන්. ඒත් කොවිඩ්ඩලට වඩා ඩෙංගුවලදි සංකූලතා ඇතිවීම ඉක්මන් වෙන්න පුළුවන්. ඉතා කෙටි කාලයකින්(දින4-5) සංකූලතා ඇති වෙනවා.නමුත් කොවිඩ්  රෝග තත්ත්වයකදී අසාධ්‍ය වෙන්න දවස් හත  අටක් යනවා. කොව්ඩ් කියලා හිතාගෙන ඩෙංගු තත්වයකදී ගෙදර හිටියොත් වෙන්නේ නවත්වා ගන්න පුළුවන් සංකූලතා තත්ත්වයක්වලින් මරණයට පත් වීමටයි. ඒ්  ගැන අවධානයෙන් කටයුතු කර. නිසි ප්‍රතිකාර වෙලාවට  නිවසේදී හෝ රෝහලකදී ගන්නා ප්‍රතිකාරවලින් ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය වීම හෝ මිය යාම නවත්වා නවත්වා ගන්න පුළුවන්.කොවිඩ්වලදි  දී අසාධ්‍ය වුණාම හුස්ම  ගන්න අමාරු වෙනවා.උණ හැදිලා දවස් කිහිපයකින්(දින7කට පමණ පසු) හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වූවොත් එය බොහෝවිට කොවිඩ් විය හැකියි. ඩෙංගුවල දී හොඳට ඉඳලා සංකූලතා ඇතිවනවිට තද ඇඟ පණ නැති ගතියක් ,මූත්‍රා යාමේ අඩු ගතියක්,වමනය යාමක්. බඩේ කැක්කුමක් හා  කලන්ත ගතියක් තමයි පෙන්වන්නේ. මුල් අවස්ථාවේදීම ම රෝගය හඳුනා ගැනීම  රෝග දෙකටම  හොඳයි.නමුත් ඩෙංගුවලට ඉතාමත් හොඳයි.මොකද ඩෙංගු රෝගය තියෙන්නේ දවස් හයක් හෝ හතක්. මේ නිසා මුලින්ම අපි ලෙඩේ මොකද්ද කියලා  හොයා ගන්න වෙනවා.ඊට පස්සේ නිවෙසේ දී ගතයුතු ක්‍රියාමාර්ග තියෙනවා. සංකූලතාවක්  ආවොත් රෝහලකදී ගතයුතු ක්‍රියාමාර්ග තියෙනවා. කොවිඩ්වලදි උණ .කැස්ස හෙම්බිරිස්සාව ආවොත් ගෙදරටම වෙලා ඉන්න. අනිත් අයත් එක්ක එකතු වෙන්න එපා කියලා තමයි කියන්නේ. ඒක නිසා මේ තත්වයන්  පැටලෙන්න පුළුවන්. ගෙදරට වෙලා නිකම්ම  ඉන්නකොට ඩෙංගු  තිබුණොත්  තත්ත්වය භයානක වෙන්න පුළුවන්. මම නම් කියන්නේ තද උණ ,බඩේ කැක්කුම ,තදින් ඇඟපත රිදීම ,වමනය යාම වැනි රෝග ලක්ෂණ තිබුණොත් ඩෙංගු ද කියලා බලාගන්න dengue antigen පරීක්ෂණය කරගන්න කියලා. 


එවැනි රෝග ලක්ෂණ පෙන්වන කෙනෙකු dengue antigen පරීක්ෂණය කරගන්න ඕන කුමන කාල සීමාවේදී ද?


dengue antigen ටෙස්ට් එක කරගන්න ඕන මුල්ම දවස් දෙක තුන ඇතුළත.මෙම දින ගණන් පහුවුණා ම  රෝගය සොයා ගැනීමේ ගැටලු ඇතිවෙනවා. රෝග ලක්ෂණ පෙන්වන පළවෙනි දවසේ සහ දෙවෙනි දවසේ ටෙස්ට් එක කළොත් 90%  100%ක්ම  ඩෙංගු ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්.තුන්වෙනි දවස වෙනකොට එම හැකියාව 60%  70% දක්වා පහළ  යනවා.එනම් තුන්වැනි දවසේ අපි ටෙස්ට් ඒක කරලා negative වුණත්, එම ලෙඩේ තවදුරටත් ඩෙංගු  විය හැකි බවට 30% ක 40% ක පරාසයක් තිබෙනවා. පරක්කු වෙන්න පරක්කු වෙන්න අපට තියෙන අවදානම වැඩියි. එම නිසා උණක් , තදබල හිසේ කැක්කුමක් තියෙනවානම් හොඳම දේ තමයි මුල්ම දවස් දෙක ඇතුළ ත dengue antigen test එක කරගන්න එක. ඒක කරගත්තොත් 90%ක්ම අවස්ථාව තියෙනවා ලෙඩේ මොකද්ද කියලා හඳුනා ගන්න.

 

FBC පරීක්ෂණ කර කර ගැනීම පිළිබඳ වැරදි අවබෝධ තිබෙනවා නේ ද?


මෙහිදී  ඇතැම් වෛද්‍යවරුන් අතින් පවා වැරදි වෙන්න පුළුවන්. ඕනම උණක් තිබුණොත්  Full blood count එකක් බලන්න කියනවා. අපේ ජනතාව වුණත් උණක් ගැනුණොත්   පළවෙනි දවස් දෙක තුන ඇතුළත වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා කරගන්නේ Full blood count එකක්. නැත්නම් මූත්‍රා ටෙස්ට් එකක්. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.හැමෝම දන්නේ ඩෙංගු වගේ රෝගයකදී ප්ලේට්ලට් ප්‍රමාණය අඩුවෙනවා  කියලා. නමුත් රෝග ලක්ෂණ පෙන්වන  පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ blood count එකක් බැලුවොත් 75%- 80%ක ප්‍රමාණයකට platelet count සාමාන්‍ය වෙන්න පුළුවන්.white cell count එකත් සාමාන්‍ය වෙන්න පුළුවන්.ඒ වගේම වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට  bacterial infection එකක්  වගේ Full blood count එක පෙන්වන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ද වෛද්‍යවරු කරන්නේ antibiotic එකක් දීලා ගෙදර යවන එක.නමුත් FBC වෙනස්කම් ඩෙංගු නිසා ඇති වූ ඒවා වෙන්න පුළුවන්. .ඩෙංගු ද කියලා බලන්න blood count එකක් කරනවා නම් එය කළ යුත්තේ දවස් තුනක් විතර ගියාට පස්සේ. එතකොට තමයි platelet count එක WBC count අඩුවෙලා යන්නේ. ප්‍රදේශයේ  ඩෙංගු අවදානමක් තියෙනවානම්, රෝග ලක්ෂණ තිබියදීත් අපි antigen කරලා නැත්නම්, දින තුනක් ගතවීමට පෙර blood count එකක් විතරක් නම් කරල තියෙන්නේ හොඳම දේ තමයි නැවත වාරයක් තුන්වැනි දවසේ  blood count එකක් කරගැනීම. එතැනදී තමයි අපිට කියන්න වෙන්නේ මේක ඩෙංගු පැත්තට යන්නේ කියල .නමුත් මම නම් කියන්නේ full blood count එකට වඩා පළවෙනි දවසේ ගිහිල්ලා dengue antigen test එක කරගන්න කියන එක.රජයෙන් උපදෙස් දීලා තියෙනවා dengue antigen test  අඩුවට කරන්න.ඒ සඳහා හැමෝටම පිරිවැයක් දරන්න අපහසු නම්  ඊළඟ විසඳුම තමයි උණක්  ගත්තොත් ,නැත්නම් ප්‍රදේශයේ ඩෙංගු  ප්‍රදේශයේ ඩෙංගු තියෙනවා නම් පළවෙනි අවස්ථාව හිතන්න ඕනේ මේක ඩෙංගු ද නැද්ද කියලා .තමන් පරිස්සම් වීම තමයි ඉතා අවශ්‍ය. තව පහු වෙලා සංකූලතා ඇති වෙන්න කලින් තුන්වෙනි දවසේ ගිහිල්ලා blood count එකක් කරගන්න.  ප්ලේට්ලට් අඩුවන ආකාරය අනුව ඩෙංගු ද කියලා බලා ගන්න පුළුවන්.


ඩෙංගු රෝගය වැළඳුණු අවස්ථාවේදී පරිස්සම් විය යුතු ආකාරය පැහැදිලි කරන්න 


උණ ආපු පළවෙනි දවසේ ඉඳලා ඇඳ විවේකය අවශ්‍යයි.මහන්සි වෙන්න, සෙල්ලම් කරන්න ,දඟලන්න හොඳ නැහැ බොහොම පරිස්සමෙන් සිටිය යුතුයි.


මෙවැනි තත්ත්වයකදී නිවැරැදි ඖෂධ භාවිතය පිළිබඳවත් දැනුවත් විය යුතුයි නේ ද ?


තද උණ,ඇඟ රිදීම වැනි රෝග තත්ත්වයන්වලදි  ඇතැම් වෛද්‍යවරු Diclofenac Sodium Brufen Mefenenic Ibuprofen Asprin  පෙති වර්ග නියම කරනවා.එවැනි පෙති අරගෙන හැකි ඉක්මනින්‍ ඇඟේ අමාරුව අඩු කරගන්න තමයි බලන්නේ.ඒවා දවස් තුන හතරක් ගන්නවා. පැරසිටමෝල් ගන්නේ නෑ. මේ වගේ ඖෂධ ඩෙංගුවලට දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ අයට සංකූලතා ඇති වෙනවා. බඩේ තුවාල ඇවිල්ලා ලේ යන්න පටන් ගන්නවා .ඒ වගේ ලේ යන්න පටන් ගත්තොත් රෝහලකට ආවත් අපිට බේරාගන්න බැහැ ඒ සඳහා බේතක් නෑ.මේ ලේ යන්න පටන් ගන්න එක  නවත්වා  ගන්න මොන සටනක් කළත් අපට බෑ.බඩේ හැම තැනින්ම ලේ  යන්න පටන් ගන්නවා. ඩෙංගු තිබෙන හෝ නො තිබෙන අවස්ථාවක වෙන කිසිම ඖෂධයක් නොගෙන පැරසිටමෝල් වගේ දෙයක් ගැනීම තමයි කරන්න ඕන.ඊට අමතරව පුළුවන් තරම් බොන දේවල් ගන්න.කන්න බැරි වුණත්  වමනේ ගියත්  ප්‍රශ්නයක් නැහැ. එයින් යම්කිසි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. වතුර විතරක් නෙමෙයි කැඳ තැඹිලි ජීවනි  වගේ බොන්න  පුළුවන් ඕනම දෙයක්. වැදගත් වෙන්නේ  මේවා කොතරම් ප්‍රමාණයක් ගන්නවාද කියන එක. මේවා ඇතිවෙන්න ගන්නවා ද කියලා  තීරණය කරගන්න පුළුවන් හොඳම සාධකය තමයි මුත්‍රා යන ප්‍රමාණය හා වාර ගණන පරික්ෂා කර ගැනීම ඔබට නිවෙසේදීම බොන ප්‍රමාණය හා මූත්‍රා යන ප්‍රමාණය මනින්න පුළුවන්. 

මුත්‍රා යාම අඩු වුණොත් මොන වගේ අවදානමක් ද තියෙන්නේ ?


තමන් හොඳින් දියර පානය කර ඇති විටදී මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ සංකුලතා ඇති වෙන මුල් අවදිය වෙන්න  පුළුවන් කියන එක.ඒ කියන්නේ ලේ නහරවල තියෙන ප්ලාස්මා තරලය  එළියට ගිහිල්ලා කියන එක.එතකොට තමයි මූත්‍රා යාම අඩු වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනකුට මුත්‍රා අඩු යාම අඩු වෙනවා kම් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මෙවැනි ඉතා සරල ක්‍රමයකින් එනම් බොන ප්‍රමාණය  හා මූත්‍රා යන ප්‍රමාණය නිවැරැදිව ලකුණු කර ගණනය කිරීමෙන් ඩෙංගු නිසා ඇතිවන සංකූලතා  හා  මරණයෙන් බේරෙන්න හැකි වෙනවා. කොපමණ දියර බිව්වත් මූත්‍රා යන වාර අඩුයි නම් අනිවාර්යයෙන්ම රෝහල්ගත විය යුතුයි. අපි දන්නෙ නැහැනෙ. මොන හේතුවක් නිසාද කියලා.තමන්ට දිගටම කලන්ත ගතිය ඇඟ අප්‍රාණිකත්වය තියනවා නම්. කොහොමටත් වෛද්‍යවරයකු ළඟට ගිහින් රුධිර පීඩනය  බලා ගන්න වෙනවා. දිගටම වමනය යනවා නම්, දිගටම බඩඑළියේ යනවා නම්   අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. අපි ඒ අයව රෝහල් ගත කරනවා .ඒ අයට සේලයින් දෙන්න අවශ්‍යයි.ඒ වගේම ඇගේ රතු ලප වගේ තියනවානම් හෝ යම් තැනකින් ලේ වහනය වෙනවා නම්  අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.ඩෙංගුවලට වැඩි අවධානයක් යොමු කිරිම ඉතාමත් අවශ්‍යයි. 


ඩෙංගු රෝගය එක්වරක් හැදුණු කෙනකුට නැවත හැදෙන්න පුළුවන් ද? 


හතර පාරක් හැදෙන්න පුළුවන්.එක පාරක් හැදුණා කියලා ප්‍රතිශක්තියක් හැදෙන්නේ නෑ.ඩෙංගු වයිරස් හතරක් තියෙනවා.පළවෙනි වයිරසය හැදුණු කෙනාට ප්‍රතිශක්තියක් ඒනවා .නමුත් දෙවැනි වසිරසය හැදෙන්න පුළුවන්.එකයි‌  දෙකයි හැදුණු කෙනාට තුන්වැනි වයිරසයෙන්  ආයෙත් සැරයක් හැදෙන්න පුළුවන්.ඩෙංගු වාර ගණන වැඩි වුණාම අවදානම වැඩියි.සාමාන්‍යයෙන් එහෙම තමයි අපි හිතන්නේ.හැබැයි පළවැනිවරට  ඩෙංගු රෝගය හැදුණු කෙනකුට වුණත් අවදානමක් ඒන්න පුළුවන්.හැදුණු  වාර ගණන බලන්නේ තැතිව හැම රෝගියාටම අපි අවධානයක්  යොමු කරනවා.හැදුණු වාර ගණන වැඩි රෝගියාට අප වැඩි අවධානයක් යොමු කරනවා.ඒ් වගේම පළවෙනි රෝගියාටත් අපි අවදානයක්  යොමු කරන්න ඔන. එක්වරක් හැදුණා කියලා අත් හරින්නේ නැතුව.


මේ හැම කෙනකුටම රෝග ලක්ෂණ පෙන්නුම් කරනවාද ?


රෝගින් සියයක් ගත්තොත් 60%ක් වගේ උණක් රෝග ලක්ෂණයක් නැතුව තමයි ඩෙංගු රෝගය හැදෙන්නේ.ඒ් අය දන්නේ නැ ඩෙංගු හැදුණා ද කියලා.කිසිම රෝග  ලක්ෂණයක් නෑ.මම දන්නෙත් නෑ මට හැදුණා ද  කියලා.ඒ්ක හොයා ගන්න වෙන්නේ ඇන්ටිබොඩි  ඒකක් කළොත් විතරයි. 20%-30%අතර ප්‍රමාණයකට විතරයි රෝග ලක්ෂණ සියල්ල මතු වෙන්නේ.


තමන්ට ඩෙංගු හැදුණා කියලා නො දැනුවත්කමින් සිටිම භයානක නැද්ද? 


ඇත්තටම ඒ් අයට මොනවත් වෙන්නේ නෑ.ඉබේම හොඳ වෙලා යනවා.බොහෝම කලාතුරකින් තමයි සංකූලතාවක් ඇතිවෙන්නේ.දැන් කොව්ඩ්වලටත් ඒහෙමයි.කොවිඩ් වැලඳෙන සියලු දෙනාටම රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ.


මී උණ රෝග  ලක්ෂණ වෙනස් වෙන්නේ කොහොම ද?


මී උණේ රෝග ලක්ෂණත් මේ හා සමානයි. හැබැයි මී උණ හැදිච්ච අයට ඇස් කහ පාට වීමක් වෙනවා.ඒ වගේම මුල් කාලයේදීම  මුත්‍රා යාමේ අඩුවක්  දක්නට ලැබෙනවා.මුත්‍රා රතු හෝ කහ පාට ගන්නවා.ඒවා අපි දකින්නේ නැ කොවිඩ්වලටයි ඩෙංගුවලටයි.මීඋණේදි  වකුගඩු අකර්මණ්‍ය වෙනවා. පෙනහල්ලට බලපෑමෙන්  කැස්ස සමඟ ලේ යනවා. එම නිසා යම් රෝගියෙක් කුඹුරු වැඩ කර හෝ වතුරේ වැඩ කළ පසු  ඉහත රෝග ලක්ෂණ සහිතව  මූත්‍රා යාම ඉතා අඩු වුවහොත් තමන් ලෙඩේ දන්නේ නැත්නම්  පලතුරු යුෂ, තැඹිලි වතුර ගැනිම නවත්වන්න ඕන.


රසිකා එස්. රණවීර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වර්තමානයේ සමාජ ජාලය පුරා වැඩිපුරම දක්නට ලැබෙන  හා අසන්නට ලැබෙන වදනක් බවට මානසික අවපීඩනය හෙවත් “Depression” පත්වී ඇත. මානසික රෝග අතරින් පුද්ගල හානිය මෙන්ම සමාජ හානිය ද ප්‍රබල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් ලෙස විශාදය හඳුන්වා දිය හැකිය. මානසික අවපීඩනය හෙවත්  විශාදය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතළ රෝගයකි. එය හුදෙක් දුකක් දැනෙනවාට වඩා වැඩි දෙයක් වන අතර , මානසික අවපීඩනය පුද්ගලයකුගේ දෛනික ක්‍රියාකාරකම්, සම්බන්ධතා සහ රැකියාවේ සාමාන්‍ය ලෙස සැරිසැරීමට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක ලෙස බලපෑම් කරයි. ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, ඔබට සියලු බලාපොරොත්තු සහ වටිනාකම් අහිමි වූවාක් මෙන් ඔබට හැඟෙන්නට පුළුවන, ඔබ අත්විඳින්නේ කුමක්ද යන්න කිසිවෙකුට වැටහෙන්නේ නැත. කෙටි කාලීනව හෝ දිගු කාලීනව රෝගියා  අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. ඉතා ප්‍රබල ලෙසම ජීවිතය පිළිබඳව කලකිරීම මෙන්ම ඍණාත්මක සිතුවිලි ඇති වීම, පරාජිත හැඟීම් ඇතිවීම, අසුබවාදී ලෙස කටයුතු කිරීම  මෙම රෝගීන්ගේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැකි අතර  උග්‍ර රෝග ලක්ෂණ ඇති වූ විට රෝගියා සියදිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකිය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මිනිසා වැඩෙන මුල් අවධිය ළමයා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ අපි හඳුනාගනිමු. ළමයින්ගේ ලෝකය සුන්දරය. සැහැල්ලු ය. දුවමින්, පනිමින්, කෙළිදෙළින් හා සතුටින් ගෙවු ළමා ලෝකය කොවිඩ්-19 වසංගතය හමුවේ සම්පූර්ණයෙන්ම කණපිට හැරවුණි. මිතුරු මිතුරියන් හා ගුරුවරුන් සමඟ සතුටින් ගිය පාසල් ගමන ද මුළුමනින්ම වෙනස් කර නිවෙසටම සිමා වුණි. කොවිඩ්-19 වසංගතය සමස්ත සමාජයම වෙනස් ජීවන රටාවකට යොමු කළ අතර එය එකවර හදිසියේම ඇති වූ තත්වයක් නිසා ඉන් සියලු දෙනාටම විවිධ අයුරින් බලපෑම් ඇති වුණි. මෙහිදී ළමයින්ගේ අධ්‍යාපනය නිවසටම සීමා වූවා පමණක් නොව එය පාසලේ ඉගෙන ගන්නා ක්‍රමයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයකට මාරු විණි. මෙකී මාර්ගගත අධ්‍යාපනයට (Online Education) හුරු වීම ළමා මනසට බලපාන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණය. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාර්යය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය පවිත්‍රා ගොඩමුන්න මහත්මිය සමඟ සිදු කළ පිළිසඳර ඇසුරින් මෙම ලිපිය නිර්මාණය විණි.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මහාචාර්ය ශාමිලා ද සිල්වා , කායික රෝග විශේෂඥ වෛද්‍ය

කායික රෝග විද්‍යා අංශය, වෛද්‍ය පීඨය -රාගම 

කොරෝනා වසංගතය යනු මෑත කාලයේ ලෝකයේ සෑම රටක් ම ආපස්සට හැරවු දරුණු ව්‍යසනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. තරාතිරමක් නොමැතිව සෑම රටකටම කොරෝනා හමුවේ දණ ගසන්නට සිදු විය. මේ ව්‍යසනයෙන් ගොඩ ඒමේ එකම මාර්ගය බවට පත් වුයේ එන්නත්කරණය යි. යම් තාක් දුරකට හෝ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත් රටවල් දෙස විමසිලිමත් වීමේ දි පැහැදිලි වන එක් කරුණක් නම් එම රටවල්  කොවිඩ් එන්නත්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රටවල් වීමය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කොවිඩ් 19 වසංගත තත්ත්වය ගෝලීය වශයෙන් සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින ප්‍රබලතම අභියෝගයකි. මේ පිළිබඳව නිකුත් වන විවිධ පර්යේෂණ වාර්තාවලට අනුව පෙනී යන්නේ කොරෝනා වෛරසය එහි මූලික ස්වරූපයෙන් වෙනස් වී විවිධ ප්‍රභේදයන් ඔස්සේ සීඝ්‍රයෙන් වර්ධනය වන ස්වභාවයකි. කොරෝනා ආසාදනය වන අවදානම් කණ්ඩායම් අතර ගර්භණී කාන්තාවන් විශේෂයෙන් ඇතුළත් වේ. මෙවැනි අවදානම් තත්ත්වයක් හමුවේ මව සහ දරුවා යන දෙදෙනාගේම ජීවිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගැනීම උදෙසා නිවැරදි මාර්ගෝපදේශයක් ලබා දීමත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු සමාජගත කිරීමත් අරමුණු කර ගනිමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය රසික හේරත් මහතා සමග සිදු කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි. 

 

(1) වෛද්‍යතුමනි, ගර්භණී මවකට වෛරසය ආසාදනය වුණොත් ඇයට මුහුණදීමට සිදු වන විශේෂ අවදානම් තත්ත්වයක් තියෙනව ද? 

 

බොහෝ දුරට සුවිශේෂී අවදානම් තත්ත්වයක් තියෙනවා. කොවිඩ් රෝගය නිසා මවට සිදුවිය හැකි විශේෂ අවධානම් තත්වයන් මොකක්ද කියන එක ගැන කල් තියා අවබෝධ කරගැනීම ඉතාම වැදගත්. මුලින් අපි විශ්වාස කළා කොවිඩ් රෝගය නිසා ගර්භණීත්වයට කිසිදු අනතුරක් නැහැ කියලා. නමුත් අලුතින් ලැබෙන තොරතුරු අනුව අපි දැන් විශ්වාස කරනවා කොවිඩ් රෝගී තත්ත්වය නිසා ගර්භණී කාලයේ දී ඇතිවන යම් යම් අනතුරු සහ සංකූලතාවන් වල යම් වැඩිවීමක් තියෙනවා කියලා.

 

(2) ඒ අනතුරු හා සංකූලතා පිළිබඳව වැඩිදුර පැහැදිලි කරන්න පුළුවන් ද? 

 

කොවිඩ් රෝගයේ මූලික රෝග ලක්ෂණ විදිහට හඳුනාගෙන තියෙන්නෙ හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝගී තත්ත්වයන්. ගර්භණී නොවන අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වුණොත් අපි දන්නවා පෙනහළු ආශ්‍රිත නිව්මෝනියා තත්ත්වයන් ඇතිවෙනවා. ගර්භණී මවකට මේ වෛරසය ආසාදනය වුණොත් එම ආසාදන තත්ත්වයන්ගේ යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කරනවා. 

විශේෂයෙන්ම අධික රුධිර පීඩනය (PIH) ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අඩුබර දරුවන් ලැබීම, අඩු මාසයෙන් දරුවන් ලැබීම (Preter Labour) වගේම මළ දරු උපත් (IVD’s) නැත්නම් ගර්භණීභාවය ඇතුළත දී දරුවන් නැති වීම වගේ අවදානමක් උද්ගත වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මවගේ සෞඛ්‍යය හා ශාරීරික තත්ත්වය අනුව තදබල විදියට කොවිඩ් රෝගය වැළඳිලා ජීවිත අනතුරු වීමේ අවදානමක් ද තියෙනවා.

 

(3) වෛද්‍යතුමනි, ගර්භණී මවක් සිටින නිවසක වෙසෙන පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළොත් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග මොනවාද?

 

අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ගර්භණී මාතාවක් සිටින ගෙදරක සිටින පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝග වැළඳුණු අවස්ථාවන්. ඔවුන්ව රැක බලා ගැනීමේදී අපි ඇත්තෙන්ම විශේෂ ක්‍රියාදාමයක කටයුතු කරන්නේ නැහැ. ගර්භණී මව සාමාන්‍ය විදිහට නිරෝධානය කරලා නිවස තුළම රැඳී ඉන්න කියලා අපි උපදෙස් දෙනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ (MOH) උපදෙස් පරිදි PCR පරීක්ෂණයක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. යම්කිසි අවස්ථාවක හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කැස්ස, උණ වගේ රෝග ලක්ෂණ මතු වුණොත් ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මගින් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා (MOH) මගින් ළඟම රෝහලට සම්බන්ධ වී ප්‍රතිකාර ලබාගන්න කියලා තමයි අපි උපදෙස් දීලා තියෙන්නෙ. 

ඊට අමතරව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන ගර්භණී මවකට හෝ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝගය වැළඳුණොත් එම මවට සිදුවන සමාජීය අපහසුතා ගැන. මව රෝහලකට රැගෙන ආවම ගෙදර අය නිරෝධනය වෙනවා. එතකොට ඒ අම්මව බලන්න රෝහලට එන්න කෙනෙක් නැහැ. ඒ වගේම දරු ප්‍රසූතියකට රෝහලකට පැමිණි මවක් නම් ඇය ආපහු නිවසට ගියාම දරුවා හා මව රැකබලා ගැනීමේ ගැටලු මතු වෙනවා. මේ තත්ත්වය යටතේ මතු වෙන්න ඉඩ තියෙන මේ වගේ බරපතළ සෞඛ්‍ය ගැටලු වගේම සමාජයීය ගැටලු නිසා රෝගය නොවැළඳෙන සේ ආරක්ෂා වීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

 

(4) මෙම වෛරසයෙන් ආරක්‍ෂා වීමට විශේෂයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද?

 

මේ සම්බන්ධව අපි විශේෂ අංශ කිහිපයක් ඔස්සේ කතා කරන්න ඕන. ගර්භණී මවකට කොරෝනා ආසාධනය වීම වළක්වා ගන්නේ කොහොමද කියන එක තමයි අපේ පළවෙනි අරමුණ වෙන්න ඕන. ඒ සම්බන්ධව කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා. පළමු සහ ඉතාම වැදගත් දේ තමයි එදිනෙදා සෞඛ්‍ය පුරුදු පිළිපැදීම. ඒ කියන්නෙ අපි කාලයක් පුරා කතා කරපු නිතර සබන් යොදා අත් සේදීම, මුඛ ආවරණ නිවැරදිව පැළඳීම සහ මීටරයක් දුරින් ආශ්‍රය කිරීම වගේ දේවල්වලින් මෙම වෛරසය ආසාදනය වීම යම් මට්ටමකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අත්‍යාවශ්‍ය නොවන කිසිම අවස්ථාවක ගමන් බිමන් නොයෑමත් අනවශ්‍ය පුද්ගල සම්බන්ධකම් වළක්වා ගැනීමත් ඉතාම වැදගත්.

ඒ වගේම අනෙක් වැදගත් දේ තමයි ගර්භණී මව්වරුන් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න එක. ශ්‍රී ලංකාව පුරාම ගර්භණී මව්වරුන්ට කෝවිඩ් එන්නත ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සංසදය විසින් සියලුම ගර්භණී මව්වරුන්ට කොවිඩ් සම්බන්ධ එන්නත් ලබා ගන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ භාවිතා වන එන්නත්වලින් බොහොමයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා ගර්භණී කාලයේ පාවිච්චි කරන්න කියලා. ඒක නිසා කිසිදු පැකිලීමකින් තොරව ඒවා ලබා ගන්න පුළුවන්. හුඟක් මව්වරුන් තුළ බියක් තියෙනවා මේ ප්‍රතිශක්තීකරණ එන්නත නිසා බබාට හානියක් වෙයි කියලා. දැනට තියෙන විද්‍යාත්මක තොරතුරුවලට අනුව ස්ථිරව ප්‍රකාශ කරන්න පුළුවන් එහෙම හානියක් වෙන්නෙ නැහැ කියලා. ඒක නිසා ගර්භණී කාලයේ ඕනෑම අවස්ථාවක කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න කියලයි අපි නිර්දේශ කරන්නේ.

 

ශෂී ගමගේ 

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂා බඩනසිංහ

වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම නිසා ගැටලු රාශියක් ඇති වි තිබේ. මේ සම්බන්ධ නො දැනුවත්භාවය, නො සැලකිල්ල එයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය. ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීමේ අනතුරුදායක බව සහ අවධානයට ගත යුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂා බඩනසිංහ සමඟ  කළ සාකච්ඡාකි.

 ප්‍රතිජීවක ඖෂධ ලෙස හඳුන්වන්නේ මොනවා ද..?

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

“සතුට” පුද්ගලයෙකුගේ ජීවිතය සමග ඇති තෘප්තිය සහ මානසික යහ පැවැත්ම අතර පවත්නා සුසංයෝජනයක් වේ. සතුටින් සිටීම තුළ ධනාත්මක චිත්තවේගයන් උද්දීපනය වීම සිදුවේ. ඔබ සතුට යන වචනය අර්ථ දැක්වීමට උත්සාහ කර තිබේ ද? එසේ නැතිනම් ශබ්ද කෝෂය තුළ සතුට යන වචනයට අර්ථ දැක්වීම සොයා බැලුවාද? එසේ ඔබ සතුට යන වචනයට අර්ථ දැක්වීම ඉතා දුෂ්කර බව ඔබට වැටහෙනු ඇත. පුද්ගලයකුට දැනෙන සතුටෙහි ප්‍රමාණය අපට නිසි ලෙස මැනිය නොහැක. නමුත් පුද්ගලයකුට සතුට උපයා ගත හැක. ඒ පුද්ගලයා ජීවත්වන රටාව අනුව සතුට උපයා ගත හැක. සතුට උපයන ආකාරය පිළිබඳව මෙම ලිපිය තුලින් අවධානයට යොමු වේ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සියදිවි නසා ගැනීම වත්මන් සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති මාතෘකාවක් වී ඇති අතර විවිධ මාධ්‍ය ඔස්සේ සියදිවි නසා ගැනීම් පිළිබඳ බොහෝ තොරතුරු අපට දිනපතා අසන්නට දකින්නට ලැබේ. මේ තත්ත්වය නිසා මෙම සියදිවි නසා ගැනීම් ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වී ඇත. ඒම නිසා බොහෝ රාජ්‍ය සංවිධානරාජ්‍ය  නොවන සංවිධාන මෙන්ම බොහෝ පුද්ගලයන් ද  සියදිවි නසා ගැනීම් පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙමින් එම තත්ත්වයන් නිවාරණය කිරීමට කටයුතු කරනු දැකිය හැකිය.

10 October 2023
03 August 2023
03 August 2023
06 June 2023
06 June 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search