කාලීන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

What if someone cannot read or write? How does he face the difficulties in this 21st century era?

The month for literacy is widely known and celebrated all around the world. One can raise a question about what the importance of this month is. Obviously, if you are capable enough to understand this article, that’s because of your literacy level. In the month of September, the people learn about the importance of literacy in each and every territory in the island. The literacy month depicts the ability of reading and writing of a person of his language. It is a key factor to face society confidently. As this writer asked before, it is totally difficult and different for an illiterate person to stay in a world powered by literacy. The basic knowledge on reading and writing shows many more opportunities for a literate individual than for an illiterate person.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"The London Bridge has fallen”, what is the meaning of this phrase?  This phrase is used to convey the death of Queen Elizabeth to the prime minister and key personnel, setting the plan in motion.

Queen Elizabeth or Queen Elizabeth Alexander Mary was born on 1926, April 21st   in London, and died on the 8th of September 2022. She was the 6th female monarch who ascended the British monarch. She was homeschooled under their mother and governess, Marion Crawford.  She learned music, literature, history, and language through homeschooling.

She ruled The United Kingdom of Great Britain and Northern Ireland, Head of the commonwealth, defender of the faith. She was the first royal child to be Christened in Buckingham Palace. And also she was the first to see the crowning of her parents, King George VI and Queen consort Elizabeth.  Then she became presumptive when her father was crowned as King George

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

“කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලො ගච්චති ධීමතඃ” යනුවෙන් පැරණි කියමනක් ඇත. ඊට අනුව පඬිවරුන් කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන් කාලය ගත කරන නමුත් මෝඩයන් කාලය ගත කරනුයේ තමන්ට හෝ අනුන්ට විපත් ගෙන දෙමින් ය. සාහිත්‍යයේ ඇති වටිනාකම ඒ තුළින් මනාව පැහැදිලි වේ. සාහිත්‍යය යනු කුමක්දැයි නිශ්චිතව හදුනා ගැනීම සඳහා නිර්වචන නොමැති නමුත් සාහිත්‍යය යනු ප්‍රධාන වශයෙන්ම කියවන්නට ඇති දෙයක් බව ඒ ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ  අවිඥානිකවම දනිති. තම රුචිකත්වයට හා වෘත්තිකත්වයට අදාළව තමා සතු දැනුම ප්‍රවර්ධනය කර ගැනීම උදෙසා කියවන පොත් පත් ආදිය සාහිත්‍යයෙහි ලා ගත හැකිය. කෙසේ වෙතත් වර්තමානය වනවිට සාහිත්‍යය කෙරෙහි දක්වන නැඹුරුතාවයේ යම් පසුබෑමක් හඳුනාගත හැකි වේ. සෑම වසරකම සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස සැලකෙන අතර සැප්තැම්බර් මාසය පුරාවටම සාහිත්‍ය හා ඍජුවම සම්බන්ධ වන ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරේ. නමුත් ලංකාවේ සාහිත්‍යය කෙරෙහි ජනතාව ඇද බැඳ තබා ගැනීම උදෙසා සාහිත්‍ය මාසයක් තිබීම පමණක් ප්‍රමාණවත් ද නැතහොත් සාහිත්‍ය මාසයක් අවශ්‍යමද යන්නෙහි යුක්ති අයුක්ති බව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරේ. සාහිත්‍යයට මාසයක් නම් කිරීමට ප්‍රථම මුල්කාලීනව නම් කර තිබුණේ සාහිත්‍යය දිනයකි. එනම් සැප්තැම්බර් 8 වනදාය. සාහිත්‍යය මාසයක් නම් කිරීමෙන් අනතුරුව රාජ්‍ය සාහිත්‍ය උළෙල  විද්‍යෝදය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප්‍රදානය,

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දිනපතා දවසට කිහිප වරක් තේ පානය කරන ඔබට “තේ කලාව” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ විමතියක් ඇති වුවද ලෝකයේ විවිධ රටවල තේ පානය කිරීම සංස්කෘතියේ එන කාලවක් සේ සලකා ක්‍රියා කරනු දැකිය හැකිය. මේ අතරින් ලෝකයේ වැඩිම ජනගහනය හා විවිධ සංස්කෘතිකාංගයන්ගේන් පෝෂණය වු චීනයට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි. 

තේ ගසෙහි නිජබිම වන චීනයේ තේ කලාවට අවුරුදු 5000ක පමණ අතීතයක් ඇත. පුරාවෘත වලට අනුව වෛද්‍ය විද්‍යාවේ හා කෘෂි කර්මයේ පියා ලෙස සැලකෙන “ෂෙන් නොන්ග්” විසින් තේ සොයාගෙන ඇත. මොහු විසින් ලියැවුණු “shen nong herbal” යනු තේ වල විවිධ වෛද්‍ය ප්‍රයෝජන ලියැවුණු මුල්ම පුස්තකයයි. 

චීන ජාතිකයින්ට තේ යනු සිය මූලික අවශ්‍යතා හතෙන් එකකි. මොවුන් තේ පානය ඉතාම ප්‍රිය කරන අතර මිතුරන්ට , අමුත්තන්ට , සංග්‍රහ කිරීමටත්, විනෝදයක් ලැබීමටත් තේ පානය කරයි. මෙලෙස පානයට ගන්නා ප්‍රධාන තේ මාදිලි කිහිපයක්ම ඇත. හරිත තේ, රතු තේ සුදු තේ, ඕලොන්ග් තේ, මල් තේ, තේ කැට, කහ තේ හා කලු තේ ආදියයි. හරිත තේ යනු පැසීමට ලක් නොකළ තේ ය. මේද දහනය සම්බන්ධව ලොව පුරා එක් එක් වෙළද නාමවලින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ හරිත තේ ය. චීනයේ ප්‍රසිද්ධ හරිත තේ නාම ලෙස Dragon Well Tea , Yellow Mountain Fur Peak , Green Snail Spring” හැදින්විය හැක. රතු තේ යනු හොදින් පැසීමකට ලක් කළ තේ ය. ලාංකිකයින් වන අප අතර වඩා ප්‍රචලිත මෙම රතු තේ ය. ඕලොන්ග් තේ යනු අර්ධ් වශයෙන් පැසීමකට ලක් කළ තේ ය. මල් තේ යනු එක් එක් විශේෂ මල් යොදාගෙන ඒවා මගින් පානයට සුවදක් එක් කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන වර්ගයකි. මෙය චීනයටම ආවේණික වූ තේ වර්ගයකි. තේ කැට යනු කැටයක් ලෙස සකසන ලද තේ කුට්ටියකි. මෙම වර්ගය චීනයේ මොංගෝලියානු හා ටිබෙට් ජාතිකයින් අතර ඉතාම ප්‍රචලිත වේ. 

ලාංකිකයන් වශයෙන් අප තේ පානයෙන් පිපාසය, තෙහෙට්ටුව සංසිදවා ගත්තද හිතකර තේ පානයකින් ආහාර දිරවීම, ඇතැම් නිධන්ගත රෝග වළක්වා ගැනීම හා අවම කරගැනීම, ශරීරයේ බර තුලනය කර ගැනීම වැනි යහපත් ශරීර සෞඛයයකට අවැසි බොහොමයක් දේ සපුරා ගත ගත හැක.

චීන තේ කලාව තුළ ඊටම ආවේණික වූ සිරිත් විරිත් ඇත. ඒවා විවිධ ජන කණ්ඩායම් අනුව, ප්‍රදේශ අනුව, ජීවන රටා හා ආගමික කරුණුකාරණා අනුව වෙන්ස්කම් පෙන්වයි. කෙසේ වෙතත් තේ කලාව සම්බන්ධව චීන ජාතිකයින්ගේ පොදු සිරිත් විරිත් කිහිපයක් ද ඇත චීන ඉතිහාසය තුළ සමාජ මට්ටම් ක්‍රම යටතේ පහළ පන්තියේ යැයි සැලකෙන පිරිස් ඉහළ පන්තියේයැයි සැලකෙන අයට තේ පැන් සංග්‍රහ කිරීමේ ක්‍රමයක් ද විය. ඊට අනුව තේ පැන් සංග්‍රහය පහළ පන්තියේ යැයි සැලකෙන පිරිසගේ කාර්‍යභාරයක්ව පැවතිය ද, වර්තමානය වන විට එම පටු අදහස් පසෙකලා වඩා මානුෂීය මුහුණුවරකින් සංස්කෘතිය වෙනස් වී ඇත. 

ඔබ චීනයේ මිනිසුන් සමග තේ පානය කරන විට, ඔබ අවසන් කිරීමට පෙර ඔවුන් සැමවිටම ඔබේ කෝප්පය නැවත පුරවනු ඇත. එය මිනිසුන්ට ගෞරව කිරීමේ ක්‍රමයක් වන අතර, ඔබ වෙනත් කෙනෙකුගේ කෝප්පයක් නැවත පුරවන්නේ නම්, ඔබ ඔවුන්ට විශාල ගෞරවයක් පෙන්වයි. එමෙන්ම තේ පිළිනොගැනීම අතිශය රළු හා පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සැලකෙන අතර අඩුම තරමින් උගුරක්වත් පානය කිරීම අත්‍යවශ්‍ය වේ. 

එමෙන්ම තේ පානය කිරිමේ දී එකවර පානය නොකරන අතර, සුහද සංවාදයක් සමග වැඩි වේලාවක් ගත කරමින් තේ පානය කිරීමට ඔවුන් පුරුදුව සිටී. සෑම නිවසකම පාහේ තේ සැදීමට, තේ පිළිගැන්වීමට හා තේ පානයට විශේෂිත වූ උපකරණ ඔවුන් සතුය. පෝසිලේන් මිශ්‍රිත භාණ්ඩ වලට මුල්තැනදීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි.

චීන සංස්කෘතිය තුළ තේ පිළියෙල කොට පරිබෝජනය කෙරෙන අවස්ථා කිහිපයක්ම ඇත. ඒ අතුරින් ආගන්තුක සත්කාරයක දී තේ පිළිගැන්වීම ප්‍රධාන වේ. එමෙන්ම චීන සම්ප්‍රධායට අනුව තරුණ පරපුරේ සාමාජිකයන් තම වැඩිහිටි පරපුරට ගෞරවය පෙන්වීමට ද තේ පිළිගැන්වීම කරයි. තේ පානයට අවන්හල්වලට ආරාධනා කිරීම ද ඔවුන්ගේ නිවාඩු ක්‍රියාකාරම් අතර ප්‍රධානතම එකකි. විධිමත සමාව ඉල්ලීමේ කොටසක් ලෙසද තේ පිරිනැමීම චීනය තුළ සිදු වේ. මේ අනුව දරුවන් තමා අතින් මාපියන්ට වරදක් සිදු වූ විට, ඔවුන්ට තමාගේ ඇති යටහත්පහත් ගෞරවය පෙන්වීමට තේ පැන් සංග්‍රහයක් භාවිතයට ගනී. කෘතඥතාවය පෙන්වීමේ අරමුණින්ද තේ පැන් සංග්‍රහ  කරන අතර, සාම්ප්‍රදායික චීන මංගල උත්සවයකදී මනමාලයා හා මනමාලිය සිය වැඩිහිටි දෙපාර්ශවයට තේ පැන් සංග්‍රහ කරන අතර ඒ මගින් අලුත සම්බන්ධ වූ පවුල් දෙකෙහි එකතුව සංකේතවත් කරයි.

වර්තමානය වන විට චීනයේ ඇතැම් පළාත්වල වැඩිහිටි පාර්ශවය මෙන්ම , තරුණ පෙම්වතුන් දින ගත කිරීමට පාරාදීසයක් ලෙස චීන තේහල් තෝරාගෙන ඇත. මෙහි දී නොයෙක් තේ වර්ග පානයට මෙන්ම, නිදහස් සන්නිවේදනයකට ඉඩහසර ලැබී ඇත. ක්වාන්ජූඩ් තේ හල එලෙස ඉතාම ප්‍රසිද්ධ තේ හලකි.  

චීනයේ තේ පානය කිරීම අතීතයේ සිට කලාවක් සේ පැවැත ආවද ශ්‍රී ලංකාවේ තේ බීම කලාවක් මෙන් සිදු කරනු දැකිය නොහැකිය. නමුත් තේ වැවීම, දළු නෙළීම වැනි නිෂ්පාදන කාර්යයෙහිලා විවිධ සිරිත් විරිත් පැවැතීම දැකිය හැකිය. නමුත් චීනයට අමතරව එංගලන්තය, රුසියාව වැනි රටවල් තේ පානය සංස්කෘතික කලාවක් සේ පවත්වාගෙන යයි. 



එල්.එස්.ඉන්දීවරී

තෙවන වසර

නූතන භාෂා අධ්‍යනාංශය

මානව ශ්‍රාස්ත්‍ර පීඨය.

 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The COVID-19 outbreak has completely upended everyone's life. Thousands of lives were lost in two years. Many companies filed for bankruptcy. There is a growing economic crisis. We can see the losses wherever we look. But the scientists have discovered a silver lining in the COVID pandemic. They assert that the new normal has made it possible to identify advancements in the treatment of ailments. 

The virus's emergence and subsequent treatment appear to be complex processes. Scientists from all over the world experimented with different medications and vaccines that could fight the virus to find a cure. As a result, several scientists have identified novel antibiotics for various previously incurable illnesses.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අපි ඇත්තටම කවුරුන්ද? මෙවන් ප්‍රශ්නයක් කවරෙකු හෝ අපෙන් වීිමසූ හෝ අපට ලබාදිය හැකි පිළිතුර සිතා ගැනීමට අපහසුයි නේද? ඇත්තටම ඒ ඇයි? මම හිතන්නෙ අපිට වෙනත් අයෙකුට ඔහු හෝ ඇය මෙවන් පුද්ගලයෙකු යැයි ඔහුගේ හෝ ඇයගේ බාහිර ක්‍රියාකාරකම් අනුව පැවසුවද අපට අප පිළිබඳව එසේ එකවර අසන විට ලබා දීමට පිළිතුරු නොමැත්තේ අප තුළ ඇති හැකියා, දක්ෂතා, දුර්වලතා අප නොහඳුනන නිසාවෙනි. අප වෙනත් අයකුට චරිත සහතිකයක් දීමට පෙළඹෙනවා ට වඩා අපට අප පිළිබඳව සියුම් ව හඳුනාගත හැකි නම් එය ජීවිතය තුළ සිදු කරගන්නා අපූර්ව ක්‍රියාදාමයකි. සාර්ථකත්වය කියන්නේ ඕනම කෙනෙක්ගෙ ජීවිතයකට අනිවාර්යෙන්ම ළඟා කරගත යුතුම කාරණාවක්.සාර්ථකත්වය පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එක් එක් අය සාර්ථකත්වය ළඟා කර ගන්න හීන දකින්නේ විවිධ ආකාරයෙන්.සමහරෙක් තමන්ගේ රැකියාවෙන්, සමහරෙක් අධ්‍යාපනික වශයෙන් ඉදිරියට යන්න සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා, සමහර කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය තුළින්,තවත් කෙනෙක් තමන්ගේ පවුල් ජීවිතය තුළින් සාර්ථක වෙන්න හිතෙනවා.මේ විදිහට අපේ සමාජය තුළ පුද්ගලයන්ගේ එකිනෙකට වෙනස් හීන,

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Covid-19 has had a negative impact on many sectors globally, with education being one of the most severely affected. Despite the great attempts made by many countries to provide alternate remote learning methodologies and corrective mechanisms, learning losses through COVID-19 have proven unavoidable and significant throughout the last few years.

In this third year of the pandemic, Sri Lanka is shifting from emergency actions to recovery policies. Along with reopening schools and resuming education, these include specialized support to assist students in adjusting to learning in the new normal, as well as corrective steps to compensate for lost learning.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

විද්‍යාව සහ තාක්ෂණය යන දෙඅංශයේම දියුණුවත් සමඟම මිනිසා විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම් ය. එලෙස නිපද වූ ඇතැම් යෙදවුම් වර්තමානය වන විට ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වූ බව කිව හැකිය .මිනිසා විසින් නිර්මාණය කළ සමාජ මාධ්‍ය අද මිනිසා අතික්‍රමණය කිරීමට සමත්වී ඇත. අසීමාන්තික වූ සමාජ මාධ්‍ය තුළින්  ද්විමාර්ගික සන්නිවේදනයක් සිදු වේ .ඕනෑම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අදහස් ,සිතුම් පැතුම්, පණිවිඩ හෝ පින්තූර ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව සමාජ මාධ්‍ය  මගින් ලබාදීම සහ  ඒ  වෙනුවෙන් ඕනෑම අයෙකුට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබීම නිසාම අනෙකුත් මාධ්‍ය අභිමුව සමාජ මාධ්‍ය ජනතාවට වඩාත් සමීප වී හමාරය.

10 October 2023
03 August 2023
03 August 2023
06 June 2023
06 June 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search