- කාලීන
- Hits: 9218
ඇය ලොවේ ජීවනාලියයි.....
ගැහැණිය මෙලොව අපූරුතම නිමැවුම් අතර ඉහළින්ම සිටී. ඈ විටෙක ආදරයෙන් පිපෙයි. ආදරයෙන් සුවඳවත් වෙයි. ආදරයෙන් පැහැගැන් වෙයි. ආදරේ නාමයෙන් පරව යයි. එසේම කාන්තාවක් ලොව ජීවනාලිය බඳුය. ලෝකයට ජීවය දෙන්නිය, ලෝකය හැඩ කරන්නිය, ලෝකය සුන්දර කරන්නිය වන්නේ ඇයයි. දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස ඇය ලබා දෙන්නාවූ සේවය මිල කළ නොහැකිය. මෙවැනි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබෙයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා වෙසෙන ජනතාව සෑම වසරකම මාර්තු 08 වනදා ලෝක කාන්තා දිනය සමරනු ලබයි. මෙම වසරෙහි එහි තේමාව වන්නේ “තිරසාර හෙට දිනක් වෙනුවෙන් අද දවසේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” යන්නයි. එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරයක් හරහාය.