- කාලීන
- Hits: 24047
සංවර්ධනය හැඳින ගැනීම වැදගත් ද..?
සංවර්ධනය, ලෝකයේ බොහෝ රටවල් නිරන්තරයෙන් කතා බහ කරන විශය පද්ධතියකි. වර්තමානය තුළ ශ්‍රී ලංකාවේ ද බහුලව ම නින්නාද වන හඬ බවට සංවර්ධනය පත් ව ඇත.
අද ලෝකයේ අපට මනුෂ්‍යයකු ලෙස ජීවත් වීමට අවශ්‍ය වන මූලික සාධක කිහිපයකි. ජීවවිද්‍යාත්මක සාධක වලට අමතරව හැකියාව, සන්නිවේදනය, සාමාන්‍ය දැනීම යන මේවා වේ. අපට සාමාන්‍ය පෙළින් පසු අවශ්‍ය නම් අධ්‍යාපනය නවතා රැකියාවක නිරත විය හැකිය. සාමාන්‍ය පෙළ දක්වා අප ඉගෙන ගන්නේ එදිනෙදා ජීවිතය පහසුවෙන් නිවැරදි ව ගත කිරීමට අවශ්‍ය දැනුම ය. උසස් පෙළ හා එයින් පසු අප දැනුමේ පටුත්වය කෙබඳුවේ දැයි සොයන්නට වෙහෙසෙයි. සාමාන්‍ය දැනීම ද ජීවිතය ගත කිරීමට අවශ්‍ය වන්නේ අප සමාජය තුල ක්‍රියාකාරී ජීවියකු ලෙස ජීවිත්විය යුතු නිසාය. සන්නිවේදනය අපට අවශ්‍ය වන්නේ ඵලදායි ලෙස හුවමාරු වීමටය. එසේ නොවුනහොත් අප ලැග සිටීමකට ලක් වේ. මේ සාධක පවතී නම් අපට ජීවිතය ගත කිරීම අපහසු නොවේ.(මෙම සාධක නොමැතිවද මිනිසුන් ජීවත් වේ.) නමුත් අප සංවර්ධනය පිළිබඳ දන්නේ ද යන විවාදයට තුඩු දෙන කාරණාවකි. සංවර්ධනය කුමක්ද යන්න හරි හැටි අවබෝධ කර නොගැනීම තුල සමාජය සංවර්ධනය වටා රවුම් ගසනු විනා සංවර්ධනය සමඟ ඒකාත්මික වීමක් සිදු නොවේ. එමෙන්ම සංවර්ධනය කුමක්ද යන්න අප තේරුම් නොගන්නා තාක් අප සරල ලෙස හෝ බරපතල ලෙස හෝ රැවටීම් වලටද ලක් විය හැක. මේ නිසා සංවර්ධනය හරි ලෙස හරි තැනින් අල්ලා ගත යුතුය.

 
                        
 
                         
                         
                         
                         
                         
                         
                         
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                