කාලීන

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 

නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාව

පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අද වනවිට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ආදරයක් දිනාගත් නාට්‍යක් බවට පත්ව ඇත.  නාට්‍ය පුරා  අපුර්‍ර්ව ලෙස චරිත හසුරුවමින්,විවිධ පැති ඔස්සේ ප්‍රේක්ෂකයා රැගෙන යාමට සමත් වන නාඩගම්කාරයෝ මෙතරම් ප්‍රේක්ෂක ජනාදරයක් දිනා ගැනීම සඳහා එහි තිරපිටපත් රචනය මනාව හේතු වී ඇති බැව් නොරහසකි.මේ සම්බන්ධයෙන්  නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක  සද්ධාමංගල සුරියබණ්ඩාර මහතා සමඟ සිදු කළ කතා බහකි මේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි

සමාජ මාධ්‍ය භාවිතය හේතුකොටගෙන වර්තමානය වන විට විවිධ  අහිතකර, ගැටලුකාරී තත්ත්ව රැසක් නිර්මාණය වී ඇත.මෙහිදී විශේෂයෙන්ම ජනතාව සමාජ මාධ්‍ය භාවිතයට වැඩි වශයෙන් ම නැඹුරු වීම මෙන්ම එය අනිසි ලෙස භාවිතය හේතු කොටගෙන ඇතිවන අයහපත්  තත්ත්ව‍යන් දිනෙන් දිනම ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද ඇත. වර්තමානයේ සමාජ මාධ්‍ය අවභාවිත කෙරෙන ආකාරය , ඒවැනි තත්ත්වයන්හි දි ක්‍රියාත්මක වන නීති  පිළිබඳ මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා  සමඟ කරන ලද සාකච්ඡාවකි

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

''වසා දැමූ පොත් කඩදාසි ගොඩක් පමණි.'' මෙම චීන කියමන නිරායාසයෙන් මතකයට නැගෙනුයේ කියවීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වන විටය. කෙතරම් වටිනා පොතක්  වුවත් කිසිවෙක් එය කියවන්නේ  නැත්නම්, එයින් යමක් ඉගෙන ගන්නේ නැත්නම් එම පොත කිසිදු වටිනාකමක් නො මැති කොළ  ගොඩක් පමණි. නමුත් යමෙක් පොත් පරිශීලනය කරමින් දැනුම, අත්දැකීම් ලබා ගන්නේ නම් එම පුද්ගලයාට මෙන්ම පොතටද වටිනාකම් රාශියක් එකතු වේ.  '' කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ.'' කාලාන්තරයක් පුරා මෙම කියමන සමාජය තුළ පවතින්නේ කියවීමේ අගය සර්වකාලීන බව පෙන්වා දෙමිනි. එකොළොස්වන ශත වර්ෂයේදී මුරසාකි ෂිකිබු නමින් හැඳින්වෙන ජපන් කාන්තාව ලොව ප්‍රථම  නව  කතාව වන " ටේල් ඔෆ් ජෙන්ජි" ලියා වසර ගණනක් ගත වූ පසු ,

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

විශ්ව ගම්මානයක්ව පැවති ලෝකය කෝවිඩ් 19 විසින් හුදෙකලා රටවල් කර ඇති අතරම, නව ලිබරල්වාදී ආර්ථිකය ජාතික ආර්ථිකයටයක් දක්වා ද හකුළුවා ඇත. ආර්ථිකය පමණක් නොව, දේශපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සාමාජීය තත්ත්වය ඇතුළු අංශ ගණනාවකම ඇතැම් විස්තාරනයන් හා ඇතැම් සංකෝචනයන් එමඟින් සිදුවී ඇත.එසේම  ඒ ඒ ක්ෂේත්‍රවල පෙර පැවති සංස්කෘතියන් විශාල වශයෙන් වෙනස්වීම ද මේ හරහා සිදු වුණි. 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

ක්‍රීඩාව වූ කලී නීතිරීති මාලාවක් මගින් පාලනය කරනු ලබන බොහෝ විට තරඟකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම්ය. යමකු ක්‍රීඩාවේ නිරත වන්නේ නම් ධෛර්යය, ආත්ම ශක්තිය, ඉවසීම, නායකත්වය, වැනි ගුණාංග ප්‍රගුණ කරයි. ක්‍රීඩාව තුළින් සාමාන්‍ය ජීවිතය ගත කරන ඕනෑම පුද්ගලයකුට කායික නිරෝගී බව මෙන්ම මානසික වර්ධනයද ඇති කරනු ලබයි. එබැවින් ක්‍රීඩාව වැළඳගත් පිරිස බොහෝ ය.

10 October 2023
03 August 2023
03 August 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2025, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search