- ගවේෂණ
- Hits: 2469
භාෂා සැලසුම්කරණයක අවශ්‍යතාව
ලොව ක්‍රියාත්මක කරන්නා වූ සියලු කර්තව්‍යන් සඳහා සැලසුම්කරණයක් ඇති සේම මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද වූ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාවට ද සැලසුම්කරණයක් ඇත. භාෂා සැලසුම්කරණය යනු භාෂාව සම්බන්ධ වූ ශබ්ද, අක්ෂර, වාග්කෝෂ, ව්‍යාකරණ පිළිබඳ සැලසුම්, සංශෝධන ආදිය සම්බන්ධ වූ කාර්යදාමයක් වන අතර එය බොහෝ සෙයින් රජයකට අත්‍යවශය සාධකයක් වේ.
රටක සමාජ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන සැලසුම් රාශියක් පවතී. මෙහිදී අධ්‍යාපන ආර්ථික රැකියා අවස්ථා හා පවුල් සංවර්ධන ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම්කරණයක් සකසා ක්‍රියාත්මක කීරීම් දක්නට ලැබේ. සමාජ සේවකයන් විවිධ උපයෝගීත්වයන් සඳහා භාෂාවෙන් ඉටුකෙරෙන මෙහෙවර ඉහළ මට්ටමක