ගවේෂණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශබ්දකෝෂය යනු,බොහෝ විද්වතුන් මෙන් ම වාග්විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූ තේමාවකි. මෙය අතීතයේ leksikographs ලෙසින් හඳුන්වා තිබේ.ඒ, ග්‍රීක වචන දෙකක සංයෝගයෙනි.එනම්,leksikos හා graphin යන වචන දෙකේ සුසංයෝගය යි. Leksikos යනු,වචන එක්රැස් කිරීම යි.graphin යනු,ලිවීම යි.මේ අනුව ශබ්දකෝෂ යනු,වචන එකතු කිරීමේ හා ලිවීමේ කලාවයි.

ශබ්දකෝෂයක් යනු කුමක් ද යන්න පිළිබඳ විද්වතුන්ගේ විචාරාක්ෂිය යොමු වී තිබෙන අතර මොවුන් මේ සඳහා විවිධ නිර්වචන ද දක්වා තිබේ.

“A dictionary is a book in which the words and phrases of a language are listed alphabetically, together with their meanings or their translations in another language.”

-        A Welsh English Dictionary

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඇමෙරිකාවේ ඇරිසෝනියා හි පිහිටි ටස්කන් කාන්තාර ප්‍රදේශය තුළ ලෝකයේ දැවැන්ත ගුවන්යානා සොහොන් බිම පිහිටා ඇත. ටස්කන් කාන්තාර ප්‍රදේශය තුළ විශ්‍රාම යැවූ ගුවන්යානා පන්දහසකට අධික ප්‍රමාණයක් නවතා තබා ඇත. මෙම ගුවන්යානා සොහොන් බිම ලෝකයේ 309 වන ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානය ලෙස නම්කර ඇත. 1964 වර්ශය තුළ ආරම්භ කර ගුවන්යානා සොහොන් බිම අක්කර  2600 කට වැඩි වූ භූමි වපසරියක් තුළ ව්‍යාප්තව ඇත. මේවන විට ගුවන්යානා සොහොන් බිම තුළ,   

1. හමුදාමය ගුවන්යානා

2. වාණිජමය ගුවන්යානා

3.   ප්‍රහාරක ගුවන්යානා      මෙම භූමිය තුළ පවති.

ඉවත දැමූ ගුවන්යානා තුළ අමතර කොටස් දැනට සක්‍රීය තත්වයේ පවතිනු ලබන ගුවන්යානා සදහා අමතර කොටස් ලබා ගැනීම ටස්කන් කාන්තාර ප්‍රදේශයේ ගාල් කර ඇති ගුවන්යානා තූළින් ලබා ගනු ලැබේ. එලෙස ලබාගනු ලබන අමතර කොටස් හරහා වාර්ෂික ඩොලර් බිලියන 500ක ආදායමක් 309 වන ගුවන්යානා නඩත්තු මධ්‍යස්ථානය උපයා ගැනීමට බැකි බව සදහන් වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 දේශීය ජනශ්‍රැතියට මූලිකත්වය ලබාදෙමින් අපටම ආවේණික වූ ජන ආගමක් අප විසින් නිර්මාණය කරගන්නා ලදී. එහි දී ව්‍යවහාරික බෞද්ධ පාර්ශවය මූලික වූ අතර ඊට යම් යම් දේව ඇදහිලි විශ්වාසයන් ජනයා විසින් එකතු කර ගන්නා ලදී. මෙම අධි විශ්වාසයන් අතීතයේ සිට අද දක්වා ගතිකානුකූලව පැවත එන්නකි. දෙවියන් සඳහා වූ ඇදහිලි යාගහෝම මේ නිසා දේශීය ජන සමාජය තුළ බොහෝ දක්නට ලැබේ. ඒ අතරින් සුමන සමන් දෙවියන්ට ද ප්‍රමුඛ ස්ථානයක් ජන ආගම තුළ හිමි වී තිබේ. 

              සුමන සමන් දෙවියන් යනු දේශීය සම්භවයක් ඇති ලාංකීය ප්‍රථම දෙවි කෙනෙකු වශයෙන් හැඳින්විය හැකිය. මහා සුමනල යක්ක සුමනල සමන් බොක්සැල් යනාදී නම්වලින්ද සමන් දෙවියන් හඳුන්වනු ලැබේ. සුමන සමන් දෙවියන් පිළිබඳව ප්‍රථම වරට තොරතුරු සාධක හමුවන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා සම්බන්ධවයි. මේ පිළිබඳ සාහිත්‍යය මූලාශ්‍රයන් වංශකතා තුලින් උපුටා ගත හැකිය. 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනශ්‍රැතිය තුළ දැකගත හැකි තවත් ජනශ්‍රෑතිකාංගයක් වශයෙන් සවප්න ඵල ශාස්ත්‍රය පෙන්වා දිය හැකිය. "යම් කිසි සංස්කෘතික වටපිටාවක්මත පෝෂණය වෙමින් එය මුඛ පරම්පරාගතව පැමිණි අධිවිශ්වාසී සන්නිවේදන ක්‍රමයක් වශයෙන් සවප්න ඵල ශාස්ත්‍රය අර්ථ ගැන්විය හැකිය." පෙරදිග සහ අපරදිග මානව සමාජය තුළ මේ කෙරෙහි ඓතිහාසික වශයෙන් වටිනාකමක් ලබා දී ඇත. කිසියම් පුද්ගලයකුට මානසික වශයෙන් බලපෑම් කළ හැකි සාධකයක් ලෙස සිහින සැලකිය හැකිය. එම මානසික බලපෑම බොහෝදුරට කායික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට වැඩි ඉඩකඩක් තිබේ. නමුත් යම් අවස්ථාවක කෙනෙකුගේ සුභ, අසුභ වශයෙන්ද අනාගතය පිළිබඳව ඉඟි පළ කිරීමක් ද සිහින පෙනීම තුල ගම්‍යමාන වේ.

           සවප්න ඵල ශාස්ත්‍රයට අනුව සිහින අට ආකාරයකින් පෙනීම සිදු වේ.

 1.දෘෂ්ට සවප්න

 2.ශ්‍රැත සවප්න

 3.අනුභුත සවප්න

 4.ප්‍රාර්ථත සවප්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මානව පරපුරේ බිහිවීමත් සමඟ පෘථිවිය යම් යම් වෙනස් වීම්වලට ලක් වූ බව නොදන්නා අයෙකු සෙවීම පහසු නොවේ. මන්දයත් වර්තමානය වන විට අපත් ඇතුළුව කුඩා දරුවෙකුගේ සිට මහල්ලා දක්වා සෑම ඇයෙකුම සුළු වශයෙන් හෝ මෙම ගෝලාකාර වස්‍තුවේ පරිවර්තනයන්ට වගකිව යුතු වන බැවිනි. විටෙක එහි ප්‍රතිඵල යහපත් ලෙසත් තවත් විටෙක අයහපත් ලෙසත් අපටම අද භුක්ති විඳීමට ස්වභාවධර්මයා විසින් ඉඩ සලස්වා ඇත. ලෝක සනාතන සදාකාලික එකම දහම සොබාදහම ලෙස ලෝකයා අර්ථ ගන්වන්නේ එබැවින් විය යුතු ය. පෙර පැවසූ පරිවර්තනයන්, විකාශනයන් සියල්ල මේ මොහොත වන විට ලෝකයේ ඕනෑම ඉසව්වක සිටින්නෙකුට දැන කියා ගත හැකි වන්නේ ද තවත් ආකාරයක මානව සොයාගැනීම් සහ නව නිපැයුම් වලට පින් සිඳු වීමට ය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අද වර්තමාන සමාජයේ ජීවත්වන නවීන ලෝකයාට හැඩගැසුණු හුදෙක් සුඛ විහරණය පමණක් අපේක්ෂා කරන මිනිසුන් තුළ කතාබහට ලක් නොවන නමුත්,අපේ දේ රැක ගෙන ඉදිරියට යන මෙම අදහස් වලින් ශේෂ වූ ගැමි සමාජයක් අප රටේ තවමත් ජීවත්ව සිටිති. එවැනි පිරිස හොදින් දන්නා හදුනන මාතාවක් ලෙස වාස්තු ශාස්ත්‍රය පෙන්වාදිය හැකිය. ඇත්තෙන්ම, වාස්තු ශාස්ත්‍රය යනු කුමක්ද? වාස්තු විද්‍යානුකූල ව නියමාකාරයෙන් නිවසක් සැලසුම් කරගන්නේ කෙසේද? යන්න අප කාටත් මුලින්ම ඇතිවන ගැටලු කීපයකි. මෙවැනි ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබා දීමට නිර්මාණය වූ මූලාශ්‍ර ග්‍රන්තයක් ලෙස පුරාණ මයිමතය හදුන්වයි. අතීතයේ උගත් පාඩම් අනාගතයට පාර පෙන්වයි යනුවෙන් අප පවසන්නේද එම නිසාවෙන් වීමට පුලුවනි.

 

වාස්තු ශාස්ත්‍රය යන්නෙහි අරුත් හැදින්වීමට අදහස් බොහෝමයක් ලබා දිය හැක. වාස්තු විද්‍යාව මෙය හදුන්වන්නේ “පණ ඇති ජීවින් වාසය කරන වාසභූමියක් ලෙසයි” තවද බුදුන්වහන්සේ වදාළ සන්යුක්ත නිකායේ සදහන් වන්නේ “භරියන් බ්‍රෑසි කුලාවකන්” ලෙසයි. එනම්, බිරිද (අම්මා) යනු කැදැල්ල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අද මම, ඔයා  විතරක් නෙමෙයි මගේ අම්මා තාත්තා,  අපි හැමෝගෙම අම්මාලා  තාත්තලා අද දුක් විදිනවා. ඒ මන් කරපු වරදක් හින්දාද? එහෙමත් නැත්නම් මගේ අම්මා තාත්තා ලංකාවේ ඉපදුන නිසාද? අපි හැමෝගෙම අම්මා තාත්තාට මුහුණ පාන්නට වුන ගැටලුව මොකක්ද?.

මිට අවුරුදු ගාණකට කලින් සිංගප්පූරුව කිව්වා කවදා හරි අපි ලංකාව වගේ වෙන්න  ඕනේ කියලා.එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් නේද අතීතයේ මගේ මේ ලස්සන පුංචි රට තිබ්බ තැනයි, එදා ඉන්දියයාවේ මුතු ඇටය කියපු මේ පින්වන්ත භුමිය අද වැටිලා තියෙන තැනයි ගැන.ඇයි අපිට මෙහෙම වුණේ? මට තාමත් හිතා ගන්න බැරි  මමද ,ඔයද? නැත්නම් අපි හැමෝම අද ලංකාව මුහුණ දෙන  ආර්ථික දරුණු  ගැටලුවට වග කියන්න ඕනෙද කියලා.

අපි 1948 දී බටහිර ගැතිභාවයෙන් නිදහස්  වුණ. ඒ කියන්නේ අපිට නිදහස් ස්වාධින රටක්,ජාතියක් ලෙස නැගිටින්නට අවස්ථාව ලැබුණ. එදා අපි ස්වාන්පොෂිත රටක්,දෙපයින් නැගිට්ට ජාතියක්. හැබැයි අද අපිට මොකද වුණේ?.1977 දී ශ්‍රී ලංකාව් විවෘත ආර්ථිකයක් බවට පත් කිරීමත් සමඟ අපිට විදේශ රටවල් වලින් අපේ ඕනැ එපාකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වුණා.මෙන්න මෙතන ඉදන් තමයි දෙපයි නැගිට්ට ජාතියට, විදේශ රටවල් වලින් අපිට අවශ්‍ය දේවල් එනකන් හිගන්නෝ වගේ බලන් ඉන්න සිදු වුණේ.

මගේ රට දියුණු කරන්න ඕනේ ,මේ මගේ රට කියල අවංකව හදවතින් ම හිතපු මිනිස්සුත් නැතුවම නොවේ.  ඒ ඔක්කොම හිටියේ දියවන්නැවෙන් වට වුණ සියලු සැප පහසුකම් වලින්  අද්විතිය  මන්දිරයක. එතන තමයි මගේ රට මේ ව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Most of the time, we humans are self- oriented and we focus on supplying our own needs. So we follow a livelihood.  But in the present world, few people attempt to give their best to the world. Bangtan sonyeondon or BTS is  a boy band that gives the  world inspiration, comfort, strength beyond  piling up success and victory using their dancing,  singing and performing talents. And also today they are a main part of the South Korean economy. 

They are a huge inspiration to the modern youth to achieve their dreams despite their hard beginning.  Rather than being mere artists, they act as motivational workers, volunteers, ambassadors, social workers, messengers of love etc. There are seven members in bangtan boys.  They are Kim Namjoon, Kim Taehyung, Park Jimin, Jeon Jungkook, Min Yoongi, Kim Seokjin, Jung Hoesok.They debuted in 2013 with seven different members with different talents. Their agency was founded by their chairman Bang Si Hyuk.

10 October 2023
03 August 2023
03 August 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2025, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search