- ගවේෂණ
- Hits: 1391
පකිස්ථානයේ දිරිය කාන්තාව - මුනිබා මසාරි
ලෝකයේ සෑම කාන්තාවක්ම තමාගේ ජීවිතය, අනාගතය අලුත් වන හීන ගොන්නක් සමග ජීවත් වේ. හීන, බලාපොරොත්තු කියන්නෙම ජීවිතේට පාර කියන මාර්ගයකි. ඔබ ජීවන ගමන තුළ පවතින තමාගේ හීන ළඟට එන තුරු බලා සිටියාද? බලා සිටියානම් ඒවා සිහිනයන්ම පමණි. තමා දකින හීන යථාර්ථයක් කිරීමට හීන දෙස බලා සිටියාට ඒවා සැබෑ වන්නේ නැත. ලොව ජයගත් කාන්තාවන් කිසිදා සිහින ඔවුන් කරා පැමිණෙන තුරු බලා සිටියේ නැත. ඔවුහු හැම දවසකම තම හීන පිටුපස හඹා ගියෝ ය. නැතිබැරිකම්, දුර්වලතා එසේත් නැතිනම් ආබාධිතකම ඔවුහු තම ගමනට බාධාවන් කර නොගෙන එය ආශිර්වාදයක් කර ගත්හ. එවන් දිරිය කාන්තාවන් ඔවුන්ගේ ජීවිත ජයගෙන අනෙකාගේ ජීවිතයන්ට ඔවුන්ගේ ජීවිත ගමන ඔස්සේ පාර කියු බොහෝ කාන්තාවන් ලෝකය තුළ දැක ගත හැක. අවාසනාවන්ත සිදුවීම් අපි හැමෝගෙම ජීවිත තුළ සිදුවිය හැකි පොදු සංසිද්ධියකි. අසමත්වීම්, කඩාවැටීම් හමුවේ බොහෝ දෙනෙක් ජීවිතයේ බලාපොරොත්තු කඩ කරගනිති. ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ආවද නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතෙන්නේ බොහොම සුළු පිරිසකට පමණි. ජීවිතයට කුමන ප්‍රශ්න එල්ල වුවත් ජීවිතය අත්හැරීම නොව ශක්තිමත්ව එයට මුහුණ දීම වැදගත් බව සනාථ කළ කාන්තාවෝ ලොකය තුළ සිටිති. ඒ අතරින් ජීවිත ගමනට ශක්තිමත්ව මුහුණ දුන් කාන්තාවකි මුනිබා මසාරි. ඇය රෝද පුටුවට හිර වුණු ජීවිතයට නව අරුතක් ගෙන දුන් කාන්තාවකි.