ගවේෂණ

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

( සොෆීගේ ලෝකය - කර්තෘ - යුස්ටයින් ගෝඩර් )

( පරිවර්තනය - රාණී සේනාරත්න රාජපක්ෂ )

 “ ඔබ කවුද “  ?

“ ලෝකය ආවේ කොහෙන්ද “ ?

අකුරු සමූහයක් එක්කර  වචනයක් ගැට ගසාගෙන සිත තුළ ලැගුම්ගත් අදහසක් ලෝකයට මුදාහරින්නට හැකිවූ වයසේ සිට  මෙතෙක් ඔබ ගෙවූ ජීවිතයේ ඔබ බොහෝ පොත්පත් කියවා ඇති බවට කිසිඳු සැකයක් නැත. බහුතරයක් වූ එවන් පොත්පත් අතරින්, අතලොස්සක ප්‍රමාණයක්, ඒවා කෙරෙහි එක් සාමාන්‍ය කියවීමක සිට පරිශීලනය කිරීමක් දක්වා ඔබේ අවශ්‍යතාවය විතැන් කිරීමට සමත් වූවා ද විය හැක.

එහෙත්, එවන් කිසිදිනක  ඔබට සාමාන්‍ය  ජීවිතයේ පොදු මිනිස් ඉන්ද්‍රිය සංවේදනයට ප්‍රත්‍යක්ෂ වන මාතෘකාවන් ගෙන් ඔබ්බට ලෝකය පිළිබඳව එහි ආරම්භය පිළිබඳව නො එසේ නම් අවම වශයෙන් තම ඇතුළාන්තය පිළිබඳව හෝ සිතන්නට, විමසන්නට බලකරන අවස්ථාවක් හමු නොවුණා වන්නට පිළිවන.

" සොෆීගේ ලෝකය "  සාහිත්‍යලෝලී ඔබ වෙතට ඒ නව්‍ය අත්දැකීම සමීප කරනු නිරනුමානය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මිනිසා සඳ මත පා තැබුවේ මීට වසර ගණනාවකට පෙර ය. ඇපලෝ 11 යානයෙන් ඇරඹි අභ්‍යවකාශ තරණය අද වන විට සාමාන්‍ය වන තරමටම මිනිසා එහි ලා නිමග්නව ඇත. වර්තමානයේ මතුව ඇති ලෝක ජනගහන ප්‍රශ්නයට කදිම විසඳුමක් විද්‍යාඥයින් සොයාගෙන ඇත. ඒ වෙනත් ග්‍රහලෝක මත මිනිස් ජනාවාස ආරම්භ කිරීම යි. මේ වන විට ඉලෝන් මස්ක් වැනි ධනවතුන් Space x වැනි ව්‍යාපෘති හරහා එයට යුහුසුළුව කටයුතු කරන ආකාරය නොරහසකි. මේ වන විට ඔහු ලෝක පුවත්හි මැවුම්කරුවෙකි. පෘථිවියෙන් එපිට මිනිස් ජනාවාස පිළිබඳ සැලසුමේදී විද්‍යාඥයින් මුහුණ දුන් එක් ප්‍රධාන කරුණක් වෙයි. ඒ පෘථිවියෙන් එපිට මිනිසාගේ ආහාර අවශ්‍යතාව ඇතුළු අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබදව යි. මිනිසාගේ අවශ්‍යතා සඳහා පෘථිවියේ සිට සම්පත් ප්‍රවාහනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසාම එහි ප්‍රායෝගිකත්වයක් දැකිය නොහැකකි විය. නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ බීජ පැළ වීමත් සමඟ පර්යේෂකයින් මිනිස් ජනාවාස කෙරෙහි දල්වා ගෙන සිටි බලාපොරොත්තු නැවත වාරයක් ශක්තිමත් විය. ඒ අනුව විද්‍යාඥයින් විසින් සඳ මත ඇපලෝ මෙහෙයුම්වල දී එකතු කරගත් පස් තුළ පැල වගාකිරීමට පටන් ගත්තේය. ඇතැමුන් එය  හඳුන්වනුයේ අනාගත යටත්විජිතයට මඟ පෑදීමක් ලෙස යි. මෙහිදී පර්යේෂකයින් විසින් නාසාහි ඇපලෝ 11, 12 සහ 17 මෙහෙයුම් මගින් එකතු කරන ලද පසෙහි පැළ වගා කරන ලදී. එහිදී විද්‍යාඥයන්ට දැකිය හැකි නිරීක්ෂණය වූයේ සමහර ශාක කුඩා වූ අතර අනෙක් ඒවා වඩාත් සෙමින් හෝ විවිධ ප්‍රමාණයෙන් වර්ධනය වීම යි.  ඒ අනුව සඳමත ශාක වගා කළ හැකි බවට ඔවුන් අනුමාන කරයි.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සෑම වසරකම අප්‍රේල් මස  22 වන දින ලෝකවාසී ජනයා ජගත් මිහිතල දිනය සමරනු ලැබේ. මිහිතලය පිළිබඳ කතිකා කිරීමට විශේෂිත දිනයක් තිබීම ඒ සම්බන්ධව කාලීන විස්තර, මතවාද හා ගැටලු කතිකා කිරීමට විශේෂිත අවධානයක් හා අවස්ථාවක් නිර්මාණය වේ.  ඒ අනුව ජගත් පරිසරය දිනය සැමරීම වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ, මහාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමඟ සිදුකළ සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් විණි. 

 

ලෝක පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජගත් ප්‍රජාව ජගත් මිහිතල දිනය සෑම වසරකම අප්‍රේල්  22 වන දින  සමරනු ලැබේ. ලෝකයේ දිනෙන් දින උග්‍රවන පාරිසරික ගැටලු කෙරෙහි ජගත් ප්‍රජාවගේ අවධානය යොමු මෙහි අරමුණ වේ. එහිදී සමස්ත පෘථිවිය ග්‍රහයා, එනම් අපි හැමෝම ජිවත්වන ග්‍රහලෝකයට වැඩි සැලකිල්ලක්  දැක්වීමත්, එය ආරක්ෂා කර ගැනීමටත් පියවර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ අප කුඩා අවධියේ පටන් රස විඳි, ප්‍රබන්ධ කතාවන්ට පමණක් සීමා වී තිබූ බොහෝ විශ්මය දනවන සංකල්ප, සැබෑ ලෝකය තුළ ළඟා කරගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබේ. මානව පරිණාම ඉතිහාසය තුළ මානවයා විසින් ගින්දර සොයා ගැනීමේ පටන් අද වන විට තාක්ෂණික දියුණුවත් සමඟ සිදු කර ඇති නව සොයා ගැනීම් අතිශයින්ම විශ්මයජනකය. අවශේෂ සත්ව විශේෂයන් අතර උසස් මනෝමය හැකියාවකින් යුතු එකම සත්ව කොට්ඨාසය ලෙස මිනිසා අද වන විට ලොව ප්‍රබලතම හා දියුණුතම සත්වයා බවට පත්ව තිබේ. ගල් යුගයේ පටන් තමාගේ ආරක්ෂාවට අවි ආයුධ නිර්මාණයත්, ස්වාභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට නිවාස ඉදිකිරීමත්, ගමන් පහසුව සඳහා වාහන නිපදවා ගැනීමත් මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරගත් විශිෂ්ටතම උපකරණයන් අතර වේ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සන්නිවේදන කාර්යයෙහිලා භාෂාවක ඇති වැදගත්කම වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරම්ය. භාෂාවකින් තොරව අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නොමැත. සාමාන්‍යයෙන් ලොව ඕනෑම භාෂාවක් ලේඛනයෙන් හෝ භාෂණයෙන් ව්‍යුක්ත විය හැකිය. අප එදිනෙදා  භාෂණයේදී භාවිත කරනු ලබන විවිධ භාෂා ශබ්ද ලියා දැක්වීමට විවිධ සංකේත භාවිතා කරනු ලබයි. ඒවා අක්ෂර නොහොත් අකුරු ලෙස හැඳින්වේ. ඒවා විටෙක වටකුරු, කලාත්මක ස්වරූපයක් ගන්නා සිංහල අක්ෂරයන් සේම චීන, ජපන් වැනි භාෂාවල භාවිතා කෙරෙන චිත්‍රාක්ෂර වැනි ලොව ඒ ඒ භාෂාවන්ට අනන්‍ය වූ ලක්ෂණයන්ගෙන් යුක්ත විය හැකිය. එලෙස යම් භාෂාවකට අත්‍යවශ්‍යයම භාෂා ශබ්දයන් උදෙසා  නිර්මාණය කරගන්නා අක්ෂර ඇසුරින් ඒ ඒ භාෂාවන්ට සම්මත වූ අක්ෂර මාලාවක් නිර්මාණය කර ගනී. ‘අක්ෂර මාලාව’ යන්න පොදු ජන වහරේදී ‘හෝඩිය’ ලෙස හැඳින්වේ. ප්‍රෞඪ ලේඛන ඉතිහාසයකට උරුමකම් කියන සිංහල භාෂාවේත් වර්තමානය වන විට කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රමිකව පරිණාමයට පත් වූ අක්ෂර මාලාවක් ශේෂව පවතී.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අද වන විට ලෝකය තිබෙනුයේ ඉතාම දියුණු අවධියක ය. ඒ විද්‍යාව හා තාක්ෂණයේ කැපී කිරීම නිසා යැයි කිවහොත් වඩාත් නිවැරදි වනු ඇත. කලක් පෘථිවියටම කොටු වූ මිනිසා ඉන් ඔබ්බට ගොස් විශ්වය ගවේෂණයට පෙළඹුණේ ද විද්‍යාව හා තාක්ෂණයේ බලපරාක්‍රමය නිසාය. දැන් විද්‍යාව හා තාක්ෂණය දිනෙන් දින දියුණු වන ලෝකයේ සුවිසල් පංගුකාරයෙකි. අභ්‍යවකාශ මෙහෙයුම් කෙරෙහිද එහි බලපෑම නො අඬුව පවතී. අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් උඩුයටිකුරු කිරීමට සමත් යෝජනාවක් මේ වන විට ඉදිරිපත්ව ඇත. එනම් පෘථිවියේ සිට අභ්‍යවකාශය දක්වා Space Elevator එකක් නිර්මාණය කිරීමයි. මේ පිළිබඳව අදහස ඉදිරිපත් වනුයේ අද ඊයෙක සිට නොවේ. එය මීට වසර 150 ක පමණ කාලයකට පෙර සිටම එවකට සිටි විද්‍යාඥයින් සහ පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූවකි. නමුත් එවකට තිබුණු ප්‍රාථමික වටපිටාව හේතුවෙන් මෙවැනි යෝජනා යටපත් වන්නට ඇත. නැවත වතාවක් මෙවැනි අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීමේ අදහස ඉදිරිපත් වනුයේ මීට වසර කිහිපයකට පමණ උඩදීය. ජපානය, චීනය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ රුසියාව වැනි රටවල අභ්‍යවකාශ ඒජන්සීස් මෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරනු

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Anton Pavlovich Chekhov was a Russian author born on the 29th of January 1860 in Taganrog, Russia. He was a Russian playwright and a key figure for modern short stories. Chekhov's father was a merchant. The sad and bitter experiences of his childhood later led to his creations. After attending a local school for Greek boys, he entered the city's high school. The ten years of education received there were of a very high standard. Bankrupted Chekhov's father moved with his family to Moscow to get a fresh start. In 1879 he rejoined his family and also joined the medical college. His father's salary from his job was very low, so he had a big responsibility to support his family.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලෝකයේ සෑම කාන්තාවක්ම තමාගේ ජීවිතය, අනාගතය අලුත් වන හීන ගොන්නක් සමග ජීවත් වේ. හීන, බලාපොරොත්තු කියන්නෙම ජීවිතේට පාර කියන මාර්ගයකි. ඔබ ජීවන ගමන තුළ පවතින තමාගේ හීන ළඟට එන තුරු බලා සිටියාද? බලා සිටියානම් ඒවා සිහිනයන්ම පමණි. තමා දකින හීන යථාර්ථයක් කිරීමට හීන දෙස බලා සිටියාට ඒවා සැබෑ වන්නේ නැත. ලොව ජයගත් කාන්තාවන් කිසිදා සිහින ඔවුන් කරා පැමිණෙන තුරු බලා සිටියේ නැත. ඔවුහු හැම දවසකම තම හීන පිටුපස හඹා ගියෝ ය. නැතිබැරිකම්, දුර්වලතා එසේත් නැතිනම් ආබාධිතකම ඔවුහු තම ගමනට බාධාවන් කර නොගෙන එය ආශිර්වාදයක් කර ගත්හ. එවන් දිරිය කාන්තාවන් ඔවුන්ගේ ජීවිත ජයගෙන අනෙකාගේ ජීවිතයන්ට ඔවුන්ගේ ජීවිත ගමන ඔස්සේ පාර කියු බොහෝ කාන්තාවන් ලෝකය තුළ දැක ගත හැක. අවාසනාවන්ත සිදුවීම් අපි හැමෝගෙම ජීවිත තුළ සිදුවිය හැකි පොදු සංසිද්ධියකි. අසමත්වීම්, කඩාවැටීම් හමුවේ බොහෝ දෙනෙක් ජීවිතයේ බලාපොරොත්තු කඩ කරගනිති. ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ආවද නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතෙන්නේ බොහොම සුළු පිරිසකට පමණි. ජීවිතයට කුමන ප්‍රශ්න එල්ල වුවත් ජීවිතය අත්හැරීම නොව ශක්තිමත්ව එයට මුහුණ දීම වැදගත් බව සනාථ කළ කාන්තාවෝ ලොකය තුළ සිටිති. ඒ අතරින් ජීවිත ගමනට ශක්තිමත්ව මුහුණ දුන් කාන්තාවකි මුනිබා මසාරි. ඇය රෝද පුටුවට හිර වුණු ජීවිතයට නව අරුතක් ගෙන දුන් කාන්තාවකි.

10 October 2023
03 August 2023
03 August 2023
06 June 2023
06 June 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search